පාස්කු ප්රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් තමන්ට හිමි වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්රතික්ෂේප කර තමන් එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් බස්නාහිර සිවිල් අභියාචනාධිකරය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම ට අදාළ තීන්දුව ලබා දීම එම අධිකරණය විසින් මාර්තු මස පළමුවැනිදා දක්වා කල් තබන ලදී.
ඒ අනුව අද ප්රකාශයට පත්වීමට තිබූ මෙම තීන්දුව මාර්තු මස පළමුවැනිදා ප්රකාශයට පත් කරන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (22) පුකාශ කළේය.
ප්රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව වින්දිතයින් විසින් නඩු 108 ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබේ







