බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේක කුමන්ත්‍රණයක්… ආණ්ඩුව මහින්ද රාජපක්ෂව මරාගන්න හදනවා… රාජපක්ෂ අනුගාමික නීතිඥවරයෙකුගෙන් ආණ්ඩුවට බරපතල චෝදනාවක්!

by editor
දෙසැම්බර් 13, 2024
in පුවත්
MAHINDA
Share on FacebookShare on Twitter

වසර විස්සකට ආසන්න කාලයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක රාජකාරියේ යෙදුන නිලධාරීන් ද, එල්ටීටීඊය පවතින සමයේ සිට හිටපු ජනාධිපතිවරයාගේ ආහාර පරීක්ෂා කළ නිලධාරින් ද ඇතුළු ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් 116ක් එම රාජකාරිවලින් ඉවත් කිරීම පසුපස හිටපු ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණයක් පවතින්නේ දැයි සැකකරන බව මහින්ද රාජපක්ෂ පාර්ශවය චෝදනා කරයි.

එම චෝදනාව ගොනු කරන ප්‍රකට මහින්ද හිතවාදියෙක් මෙන්ම ඔහුගේ ප්‍රබල අනුගාමිකයෙක් වූ නීතිඥ මනෝජ් ගමගේ පවසන්නේ මේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට අවශය පසුබිම නිර්මාණ කරමින් සිදුකරන මේ කුමන්ත්‍රණය වහාම හකුලාගෙන කැඳවූ ආරක්ෂ නිලධාරීන් 116 දෙනා යළි අදාල සේවයේ යෙදවීමට කටයුතු කළ බවය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධව කළ තක්සේරුවකින් අනතුරුව පොලිස්පතිවරයාගේ කැඳවීම මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා තිබු පොලිස් නිලධාරීන් 116 දෙනෙක් යළි කැඳවීමෙන් පසු මාධ්‍ය අමතමින් නීතිඥ මනෝජ් ගමගේ මෙම බරපතල ප්‍රකාශය සිදුකළේය.

“මේ නිලධාරින් 116 දෙනා ඉවත් කිරීම පසුපස යම් කිසි බරපතල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවාද කියන සැකය මේ අවස්ථාවේදි අප තුළ තිබෙනවා. ඒකට හේතුව තමයි එල්ටීටීඊ ය පැවති කාල වකවානුවේ ඉඳන් මේ වනතෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආහාර පරීක්ෂා කළ පුද්ගලයින් පවා ඉවත් කිරීමට කටයුතු කරලා තියනවා.”

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

“වසර විස්සකට ආසන්න කාලයක් සේවය කළ සමීපතම ආරක්ෂකයින් ජනාධිපති තුමාගේ ලඟින්ම සිටි ආරක්ෂකයින් පවා මේ අනුව ඉවත් කරලා තියනවා. ඒ ඉවත් කිරීම නිකම්ම නිකම් ඉවත් කිරීමක් විතරක් නෙමෙයි. මේ නිලධාරින්ගෙන් පළිගන්න විදිහට මූලස්ථාන පොලිස් පරීක්ෂකයින් ලෙස කටයුතු කළ නිලධාරීන් අදවනවිට සාමාන්‍ය පොලිස් නිලධාරින් ලෙස මාරු කරලා යවලා තියෙන්නේ.”

“කුමකට ද මේ සැරසෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජීවිතය බිලි ගන්න කාටහරි සුදුසු වාතාවරණය සකස් කරලා දෙනවද මේ රජය කියන දේ අප ප්‍රශ්න කර සිටිනවා. වහාම මේ තින්දුව අකුලා ගන්න කියලා අපි ආණ්ඩුවට දැඩිව බලපෑම් කරනවා…” ඔහු පැසුවේය.

මේ පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසන්නේ එක් එක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට ආදාලව පවතින අවදානම් මට්ටම් පිළිබඳ කළ විද්‍යාත්මක ඇගයීමකින් පසු එම අවදානම් මට්ටම් සැලකිල්ලට ගනිමින් අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව රාජකාරි සඳහා යොදවා ඇති බවය.

සිය පොලිස් රාජකාරියේ විශාලම කාලයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සේවය කළ මෙම පිරිස ඉවත්ව යෑමට පෙර කොළඹ විජයාරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණ සමූහ ඡායාරුපයකට ද පෙනී සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අප ජනතාවට වගවුන දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක බවට වූ සහතිකය කථානායකවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපියයි… රජය කියයි!

Next Post

අඩුකළේ ආරක්ෂාව නොවෙයි… ආරක්ෂාවේ අර්ථයෙන් වැය කළ අනවශ්‍ය වැය බර පමණයි… ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.