අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ විකිණිල්ල දකිනකොට පළමුවත් දෙවනුවත් තෙවනුවත් රට යැයි කී අගැමති තුමාගෙ හදවතට දුක ඇති…

රට විකුණන ද්‍රෝහීන්ට වෙන වැඩේ රනිල්ගෙන් බලාගන්න... අනාගතයේ හැමෝටම වෙන දේ විජේදාස කියයි!

by editor
නොවැම්බර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හම්බන්තොට වරාය චීනයට දුන් රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයට වුණු දේ මේ රටේ සම්පත් ඩීල් පිට කොමිස් පිට හොරට විකුණා දමන සෑම දේශපාලකයෙකුටම සිදුවන බවට වූ සාක්ෂියක් බව අද ( 15) පාර්ලිමේන්තුවේ දී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඔහු කීවේ පළමුවත් රට දෙවනුවත් රට තෙවනුවත් රට ලෙස පපුවට ගසාගෙන මහපොළාව ඉඹ දේශපාලනය කළ මහින්ද රාජපක්ෂ මහතාගේ පපුවට   මේ කෑලි වලට කඩමින් ජාතික සම්පත් විකුණනවිට   දුක හිතෙනු ඇති බවය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

මේ අයවැයේදී අප දැකලා තියනවා වෙනදා වගේම අපි දෙපාර්ශවයට බෙදිලා අවලාද කියමින් අපි තමයි හරියට කළේ කියලා කියන්න උත්සාහ කරනවා.  මේක තමයි අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය. මේ ක්‍රමය මේ රටේ ජනතාව හෙළා දකිනවා. එපා වෙලා තියන්නේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පහුගිය අවුරුදු 20 -30 කාලය තුළ මේ පාර්ලිමේන්තු අයවැය විවාදවලදි මොනතරම් උද්වේගකර වාද විවාද වෙලා තියනවා ද?. ඒ වාද විවාද වලින් මේ රටේ ආර්ථිකය උඩට ඇවිත් තියනව ද?

2015 දි මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් රාජ්‍ය භාරගන්න විට රාජ්‍ය ණය බර බිලියන 2000ක්. අද උදේ නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමා කිව්වා අද රාජ්‍ය ණය බර බිලියන 21000යි කියලා. මේ සා විශාල ලෙස ණය ප්‍රසාරණය වෙලා තියනවා.

සභාපති තුමනි.  ඔබතුමා ඔය කතා නායක පුටුවෙ ඉඳන් හිටියට ඔබතුමා උකස් කරලා තියෙන්නෙ ලක්ෂ නවය හමාරකට. ඔබතුමාගෙ පවුලේ  පස් දෙනෙක් ඉන්නවා නම්  පවුලෙම අය ලක්ෂ හතලිස් හතහමාරකට උකස් කරලා තියෙන්නේ.

මහානායක හාමුදුරුවොත් කාදිනල් හිමිත් මේ පාර්ලිමේන්තුවෙ සේවය කරන සේවක මහත්මයත් ලක්ෂ නවය හමරකට උකස් කරලා තියෙන්නෙ. කව්ද ඒක වැඩේ කළේ. ඒක කළේ මේ පාර්ලිමේන්තුව.

කාලයක් තිස්සේ දිගින් දිගටම කරගෙන ආපු මේ වැඩේට තිතක් තියන්න බෑ කාටවත්. එහෙම තත්වයකට අපි කවුරුත් පත්වෙලා නෑ. අපේ තියෙන්නෙ වෛරී දේශපාලනය. අපට තියෙන්නෙ බලයට තියන කෑදර කම.

අපේ ආදායම් අඩුවෙලා තියෙන්නෙ.  අපිට විශාල වශයෙන් ආදායම් ගන්න තිබුණු ධන උල්පත් දැන් කෝ. ඩොලර් මිලියන 1300ක් ණය අරන් හදපු අපේ හම්බන්තොට වරාය අද කෝ. එදා හම්බන්තොට වරාය වෙනුවෙන් ගොඩක් අය ඇඬුවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා හම්බන්තොට වරාය චීනයට දෙන්න යනකොට මාව කැබිනට් මණ්ඩලයෙන් නෙරපුවා. මම සිය දහස් වාරයක් සතුටු වෙනවා ඒ පාපකර්මයට මා දායක නොවුණු නිසා.

එදා රනිල් වික්‍රමසිංහ මට කිව්වේ විජේදාස රාජපක්ෂගෙ දේශපාලන ගමන නැවැත්තුවා කියලා. මේ මන්ත්‍රීතුමාල අද මෙතන ඉන්නවා. මා අභියෝග කළා තමුන්නාසෙට මගෙ දේශපාලන ගමන නතර කරන්න බැ. හැබැයි ඩී.එස්.සේනානයක මහත්තයා හදපු එක්සත් ජාතික පක්ෂය මහපොළොවෙන් අතුරුදහන් කරනවා කියලා කිව්වා.    ඒක ජනතාව කළේ නැද්ද. රටට ද්‍රෝහිවන ඕනෑම දේශපාලන නායකයෙකුට හොඳ පණිවිඩයක් මේක.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම බිලියන 250ක් පාඩුයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයෙ ඇහැට දැකපු නැති මිනිහෙක් 1700ක් ණය ගෙවනවා ගුවන් සමාගම වෙනුවෙන්.

කොළඹ පෝට්සිටි නගරය    චීනෙට. හම්බන්තොට වරායෙ චීනයට. ඉතින් කොහොමද අයවැය පරතරය පියවන්නෙ. අයවැය පියවන්න චීනයෙන් හිඟා කන්න ඕන.

අපේ රටේ හදවත චීනයට විකුණලා. පෙනහලු   ඇමරකායට විකුණනවා රෑ දොලහට ගිවිසුම් ගහගෙන.  වකුගඩු ටික තව එකෙකුට විකුණන්න හොයනවා. මේකට ද මහජන නියෝජිතයො 225ක් පත්කරලා එව්වෙ.

පාරම්පරික උරුම සම්පත් විදේශිකයකන්ට විකුණන්න නෙමෙයි මහජන නියෝජිතයො පාර්ලිමේන්තුවට පත් කරලා එවන්නෙ. ඒක ආරක්ෂා කරන්න.

අපි පහුගිය මැතිවරණ දෙකේදි වේදිකාවක් වේදිකාවක් ගානෙ උගුරු ලේ රහ වෙනකම් කෑ ගැහුවා. මොනව කියල ද?. අපි හම්බන්තොට ආපහු ගන්නවා. අපි එක බිම් අඟලක් කාටවත් දෙන්නෙ නෑ කියලා.

ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා පළමුවත් රට දෙවනුවත් රට තෙවනුවත් රට කියලා පපුවට ගහලා මහපොළාව ඉම්බා. මේ රටේ ජනතාව එතුමට ආදරය කළා. එතුමාගෙ හද කම්පා වෙනවා ඇති. දැන් අපිටය කියලා මුකුත් නෑ.

අවසාන වශයෙන් මේ ගරු සභාවෙ මන්ත්‍රී තුමන්ලාට ඇමති තුමන්ලාට පණිවිඩයක් දෙනවා. අපේ රටේ ඊලඟට පවත්වන මැතිවරණය පවත්වන්නෙ ජනමත විචාරණයක් විදිහට.

කොමිස් පිට ගිවිසුම් ගහලා හොර ගිවිසුම් ගහලා හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය වාගේ හැම එකක්ම අපි ආපහු ගන්න  බලය දෙන මැතිවරණයක් විදිහට ඒක කරන්න වෙන්නෙ.

ඇරිමකාව බලගතුයි තමයි. චීනයත් බලගතුයි තමයි.  නමුත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ගත්තට පස්සේ ඇමරිකාවට තියන බලය තමයි ස්වෛරී රටක් විදිහට අපට තියෙන්නේ. චීනයට තියන බලයම තමයි අපටත් තියෙන්නේ. අපි ලෝකෙ කිසිම රටකට දෙවැනි නෑ.

අපි ජාත්‍යන්තර නීතියට බය වෙන්න ඕන නෑ. ලෝකයේ ඕනෑම රටක් වචංනික විදිහට කොමිස් දීලා යම් ගනුදෙනු ඇති කරලා තියනවා නම් ඒක අවලංගු කරන්න පුලුවන් බලය තියෙන්නෙ මේ පාර්ලිමේන්තුවෙ ඉන්න 225 දෙනාට. ඒ බලය පාවිච්චි කරලා මේ ජාතික සම්පත් අත්  කරගත්තෙ නැතිනම් අපට ඉන්න හිටින්න රටක් නැති වෙනවා.

අද චිත්‍ර ඇඳපු දරුවො අද  පෝලිමේ රැකියා සොයාගෙන රට දාලා යනවා. රටක් කෑලිවලට කඩලා විකුණලා සල්ලි හම්බකරන්න ආණ්ඩුවක් ඕන නෑ. පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව මේ රට රැක ගන්න එකතුවෙමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොව්ඩ් මරණ 14000 ඉක්මවයි…

Next Post

දුම්වැටියක් රුපියල් 05කින් ඉහළ ගිය පසු… දිනකට දුම්වැටි 3000ක අලෙවිය නතර වෙනවා… දින 02කට වරක් ජීවිතයක් බේරෙනවා..

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.