බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ වසරේ අගෝස්තු 31 දක්වා අවුරුදු 5ට අඩු අතදරුවන් 38ක් මව්වරු සමග බන්ධනාගාරත වෙලා…

මේ නොදරුවන් වෙනුවෙන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ අගමැතිනිය පාර්ලිමේන්තුවට කියයි...

by editor
ඔක්තෝබර් 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

2025 වසරේ ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු මස 31දා තෙක් වූ කාල පරාසය ත තුළ අතදරුවන් සමග කාන්තාවන් 38 දෙනෙක්  බන්ධනාගාරගත වී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (08)  පාර්ලිමේන්තුවේ දී හෙළි කළාය.

නීතිඥ හසාරා ලියනගේ විසින් වාචික පිළිතු අපේක්ෂාවෙන් අගමැතිවරියගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය තවදුරටත් කීවේ මව්වරුන් සමග බන්ධනාගාරගතව සිටින නොදරුවන් අතර පිරිමි දරුවන් 15ක් සහ ගැහැනු දරුවන් 23ක් සිටින බවය.

එම කාල වකවානුව  තුළ  සිර දඬුවම් නියම වූ කාන්තාවන්  සංඛ්‍යාව 425ක් බවත්  සැක මත රිමාන්ඩ් බන්ධනාගාරගත කළ කාන්තාවන් ගණන 4486ක් බවත් අගමැතිනිය පැවසුවාය.

මවුවරුන් සමග බන්ධනාගාරගතවීමට සිදුව ඇති    වසය අවුරුදු 5ට අඩු දරුවන් රැක බලා ගැනීම සඳහා    බන්ධනාගාර කාන්තා අංශ තුළ විශේෂ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටුවා  ඇති බවත්, මේ ළමා සුරැකුම් මධ්‍යස්ථාන තුළ  බන්ධනාගාරයේ අනෙකුත් රැඳවියන්ගෙන් වෙන්ව මවුවරුන් සමග ගත කිරීමට මේ දරුවන්ට පහසුකම් සලසා ඇති බවත් අගමැතිවරිය පැවසුවාය.

මේ  දරුවන්ගේ පෝෂණය පිළිබඳ ද හෙළි කළ ඇය පෙන්වා දුන්නේ දෛනිකව රැඳවියන්ට ලබා දෙන ආහාර සලාකය මෙන්ම මේ දරුවන්ට ද දිනකට අවශ්‍ය කිරිපිටි ද්‍රව්‍ය සහ සැහැල්ලු ආහාර සලාකයක් බන්ධනාගාරයේ සලාක අංශය මගින් දරුවන්ට නිකුත් කරන බවය. ඊට අමතරව පරිත්‍යාගශීලීන් විසින් යම් යම් අවස්ථාවලදී ලබා දෙන දිවා ආහාර, කෙටි ආහාර, කිරි ආහාර,  පළතුර වර්ග දරුවන්ට ලබා දෙන බවත් සිරකරු සුබ සාධක සංගම් උප කමිටු මගින් ද දරුවන්ට සහ මව්වරුන්ට විශේෂ ආහාර ලබා දෙන බවත් අගමැතිනිය හෙළි කළාය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මව්වරුන් සමග බන්ධනාගාරගත වන දරුවන්ගේ අධ්‍යාපනයට අදාලව පෞද්ගලික ආයතනයක සම්පත් දායකත්වයෙන් දැනට වසර 10ක සිට මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන භාර උපදේශකවරියකගේ දායකත්වයෙන් මේ කුඩා දරුවන්ට අවශ්‍ය මුල් ළමා විය සංවර්ධනයට අදාල අධ්‍යාපනය ලබා දෙන බවත් විටින් විට ඉදිරිපත්වන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල උපාරයෙන් ද අධ්‍යාපනයට ලැබෙන භෞතික සම්පත් කළමනාකරණය කරගන්න අයුරු අගමැතිනිය පාර්ලිමේන්තුවට කීවාය.

මේ දරුවන් සහ මව්වරුන් වෙනුවෙන් පවතින අණ පනත් සංශෝධනය කරගෙන මේ දරුවන්ගේ වෙනුවෙන් කරන රාජ්‍ය මැදිහත්වීම තීව්‍ර කරන බව පැවසූ අගමැතිනී හරිනී අමරසූරිය වැඩිදුරටත් කීවේ දරුවාට වයස අවුරුදු 5 පූර්ණය වූ පසුත් මවට දිගටම බන්ධනාගාරය තුළ රැඳෙන්නට සිදුවේ නම් දරුවා භාර කරන භාරකරු හා රජය සම්බන්ධ වී එම දරුවාගේ සෞඛ්‍ය සහ අධ්‍යාපන පෝෂණ තත්ත්වයන් අධීක්ෂණය හැකි උපරිමයෙන් ඊට දායක වීමේ වැඩපිළිවෙළක් රජය ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසුවාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශානිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින නියමවූ අවස්ථාවේ දී අධිකරණයේ දිගහැරුණු කතාව!

Next Post

පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිට පැවරුවා ද?.

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.