සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශානිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින නියමවූ අවස්ථාවේ දී අධිකරණයේ දිගහැරුණු කතාව!

by editor
ඔක්තෝබර් 8, 2025
in පුවත්
Shani-Abesekara
Share on FacebookShare on Twitter

කිසිම සාධාරණ හේතුවක් නොමැතිව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් තමන්ගේ  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරින් තුන් දෙනෙක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) අවසර දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය අද සලකා බැලුවේ  මහින්ද සමයවර්ධන, ප්‍රියන්ත ප්‍රනාන්දු, ශෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සමග එවක පොලිස් පරීක්ෂකවරුන් වූ සුදත් මෙන්ඩිස්, එච්.ඩී.එම්. ප්‍රේමතිලක මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණි.

ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ශාන්ත ජයවර්ධන සිය සේවාදායකයාට මුහුණ දීමට සිදුවූ තත්ත්වය පැහැදිලි කරමින් අධිකරණය ඉදිරියේ කරුණු පැහැදිලි කළේය.

මුලින්ම ඔහු අධිකරණය හමුවේ අවධාරණ‍යෙන් සලකුණු කළේ 2019 වසරේ නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වී දින 04කින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වයා ලෙස කටයුතු කළ ශානි අබේසේකර දකුණු පලාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහාකාර ලෙස මාරු කර යැවීමය.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

නීතිඥවරයා පෙන්වා දුන් ආකාරයට ඒ වනවිට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍ය වේදී කීත් නොයා පැහැරගෙන යෑම, මාධ්‍යවේදී පොද්දල ජයන්ත පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දී ඝාතනයට තැත් කිරීම, ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, දිවයින  කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහරදීම වැනි බරපතල අපරාධ ගණනාවක විමර්ශන සිදුවෙමින් තිබුණේ ශානි අබේසේකර යටතේය.

ස්ථාන මාරුකර යැවීමෙන් පසු ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරිනි. අනතුරුව එවකට නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන  ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ අසත්‍ය සාක්ෂි ගොනු කළේ යැයි එම වසරේ ජුනි මස 31 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ශානි අබේසේකර ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මාස 10කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ශානි අබේසේකර ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරුනේ නීතිපතිවරයාගේ උපදෙස් මතය . කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම කණ්ඩායමට නැගූ චෝදනාවට අදාලව කිසිම සාක්ෂියක් ඒ වනවිටත් ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කර නොතිබිණි.

මේ අතරතුර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුළින් අවධාරණය කර තිබුණේ ශානි අබේසේකර ඇතුළු තිදෙනා අත් අඩංගුවට ගැනීම හුදු දේශපාලනික හේතු මත සිදුවූ නීතියට පටහැනි ද්වේශසහගත ක්‍රියාවක් බවය.

ශානිට විරුද්ධව සාක්ෂි දෙන්න කළ බලපෑම

අනතුරුව පෙත්සම් ඉදිරිපත් කර තිබූ අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ පොලිස් පරීක්ෂකවරුන් වූ සුදත් මෙන්ඩිස් සහ එච.ඩී. ප්‍රේමතිල වෙනුවෙන් පෙනී සිටි ශෙහාන් ද සිල්වා සහ හසිල් ෆාරුක් යන නීතිඥවරුන් අනාවරණය කළේ තම සේවාදායකයින් කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා ශානි අබේසේකරට එරෙහිව සාක්ෂි ලබා දෙන ලෙස බලපෑම්  කර ඇති බවය.

ඔවුන් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කිසිම සාධාරණ හේතුවක් නොමැතිව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බව ද නීතිඥවරු කියා සිටියහ. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තර කරුවන් ලෙස නම් කර ඇත්තේ එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා සහ එහි පොලිස් පරීක්ෂවයෙක් බවය.

වගඋත්තරකරුවන් කළ පැහැදිලි කිරීම –

අද වග උත්තරකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ සංජීව වීරවික්‍රම නීතිඥවරයා පැවසුවේය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට අදාල නඩුවේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමට  සිදුකළ විමර්ශනවලින් අනතුරුව පෙත්සම් කරුවන් අත් අඩංගුවට ගැනීම සිදු වූ බවය.

මෙම පෙත්සම් කරුවන් අත් අඩංගුවට ගැනීම සිදුකළේ අධිකරණමය පියවර ගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් කළ නියෝග වලින් අනතුරුව බවය. ද්වේශ සහගතව අත් අඩංගුවට ගත් බවට එල්ල කරන චෝදනා පදනම් විරහිත බව නීතිඥවරයා පැවසුවේය. පෙත්සම් කරුවන් අත් අඩංගුවට ගැනීම දේශපාලන උවමනාවට සිදුවී ඇති බවට චෝදනා කළත් ඒ බව ඔප්පු කිරීමට ඉවහල්වන කරුණු අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් එම නීතිඥවරු කීහ.

නීතිපතිවරයාගේ අදහස් දැක්වීම –

එහිදී නීතිපවරයා පෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ අජිත් බණ්ඩාර කීවේ පෙත්සම්කරුවන් අත් අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමයට නීතිපතිවරයා කිසිම ආකාරයකින් සම්බන්ධ නොවූ බවය.

ඔහු කියා සිටියේ ප්‍රමාණවත් නඩු නිමිත්තක් අනාවරණය නොවූ නිසා පෙත්සම්කරුවන් මුදා හරින ලෙස නීතිපතිවරයා පොලිසියට උපදෙස් දුන් බවය.

කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 සහ 13.1 මගින් සහිතක කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්කරුවන් සම්බන්ධයෙන් උල්ලංඝන වී තිබේ දැයි විභාගයක් පැවැත්විය යුතු බවට නියෝග කළේය.

විරෝධතා තිබේනම් ඒවා ජනවාරි මස 12 වැනිදාට පෙර ගොනු කරන ලෙසත්, ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මස 12 වැනිදාට පෙර ගොනු කරන ලෙසත් නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගයට මැයි මස 14 වැනිදා දින නියම කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හුංගම ද්විත්ව ඝාතනයට සැක පිට නිවෙස් හිමි කාන්තාවත් අත් අඩංගුවට…

Next Post

මේ වසරේ අගෝස්තු 31 දක්වා අවුරුදු 5ට අඩු අතදරුවන් 38ක් මව්වරු සමග බන්ධනාගාරත වෙලා…

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.