බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිට පැවරුවා ද?.

by editor
ඔක්තෝබර් 8, 2025
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

එය ඇසූවන් කම්පනයට පත් කරන පුවතකි. පොලිස් කොමිසම සතුව තිබූ පොලිස් නිලධාරින් මාරු කිරීමේ බලය පොලිස්පතිවරයාට පවරන බවට වූ අදහසත් සමග අද (08) පාර්ලිමේන්තුව උනුසුම් වූයේය.

මෙය කිසිසේත්ම යහපත් සිතිවිල්ලක් අප තුළ ඇති කරන්නේ නැති තීන්දුවකි. මක්නිසාද යත් මේ රට දේශබන්දු තෙන්නකෝන් වැනි චූදිත අපරාධකරුවන් ද පොලිස්පති ධූර හෙබවූ රටක් බන බැවිනි.

අද පාර්ලිමේන්තුවේ දී  වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට පෙර ගැටලුව පාර්ලිමේන්තු තුළ මතු කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසිනි.

“මේ දිනවල වාර්තා පල වෙනවා ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ස්ථාපිත කර ඇති පොලිස් කොමිසමේ බලතල –  නිලධාරීන් මාරු කිරීම අතුළු, පිටතට ගැනීමේ උත්සාහයක් තියනවා කියලා.

ඒ පිළිබඳව සත්‍ය අසත්‍යතාවය සහ රජයේ ස්ථාවරය පැහැදිලි කරනවා නම් හොඳයි කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.” ගයන්ත කරුණාතිලක ආණ්ඩුවට කීවේය. ඒ සමගම නැගී සිටි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා තත්ත්වය පිළිබඳව කතාකරමින් පෙන්වා දුන්නේ 1991 අංක 1 දරන පොලිස් කොමිෂන් සභා ස්ථාපිත කිරීමේ පනත මගින් පිහිටවූ මෙම කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී පවා වෙනස් නොවී පැවතුන බවය . “පොලිස් කොමිසමට තමයි සම්පූර්ණ බලය තියෙන්නේ ස්ථානාධිපතිවරු මාරු කිරීම පිළිබඳ තීන්දුවක් ගන්න. අද එය  වෙනස්කොට 32ක් මාරු කරලා තියනවා කිසිම හේතුවක් නැතිව. ඒ වගේම සීනියර් ඩීඅයිජී මාරු කරලා තියනවා කිසිම වැඩ පිළිවෙළක් නැතිව.”

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ඒ අවස්ථාවේ දී කතානායවරයා පැහැදිලිවම ප්‍රකාශ කළේ 126 ස්ථාවර නියෝගයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාවට යොමු කර මේ ගැටලුව විසඳා ගැනීම සුදුසු බවය.

මේ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගී සිටියේය. ඔහු කීවේ මෙවැන්නකි.

“ඔබතුමා සඳහන් කළ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටු අංක 126 ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙනවා මේ කොමිෂන් සභා පත් කරන්නේ  ස්වාධීනත්වය අපක්ෂපාතිත්වය සහ කාර්යක්ෂමතාව ශක්තිමත් කරන්න. නිර්දේශපාලනීකරණයට ලක් කොට මෙරට යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සංවරණ සහ තුළන ක්‍රමවේදය තුළ පොලිස් සේවාව අපක්ෂපාතීව ස්වාධීනව ක්‍රියාත්මක කරන්න ඒ බලය කොමිෂන් සභාවලට ලබා දුන්නා.

මේ මොහොත වනවිට   පොලිස් සේවාව තුළ මේ සිදුවන මාරුකිරීම් තනි අතකට, පොලිස්පතිවරයාට  පැවරිලා තියනවා.  පැහැදිලිව කියන්න ඕන, අවබෝධ කරගන්න ඕන, අපේ රට පොලිස් රාජ්‍යයක් නොවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ ප්‍රජාතන්ත්‍රවාදී රට තුළ සංවර්න සහ තුළන තියෙන්න ඕන. පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් කරගන්න බෑ. පඹයෙක් කරගන්න බෑ. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමුකරනවා කරුණිකව. මේ පිළිබඳ පියවරක් ගන්න ඕන. මේ පොලිස් කොමිසම පිළිබඳ බලතල පොලිස්පතිවරයාගේ තනි අතට ලබාදීම සම්බන්ධව අපි විපක්ෂයක් හැටියට පොදු විරෝධතාවය ප්‍රකාශ කර සිටිනවා.”

සුජීව සේනසිංහ ඉන් පසු පාර්ලිමේන්තුවට පැවසුවේ ජාතික පොලිස් කොමිසම දිනා ගැනීම සඳහා සටන් කළ ආදරණීය සටන් සගයා වූ අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවකට මේ වෙනස්කම් කිරීමේ කිසිම සදාචාරාත්මක අයිතියක් නැති බවය.

“  මේක ඉතාම සංවේදී ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මේ ආණ්ඩුවෙ ජනාධිපතිවරයා, අනුර කුමාර දිසානායක මහත්මයා   නීතිය වගේම යහපාලනය සම්බන්ධව සටන් කළ පුද්ගලයෙක්. “

“මේ ආයතන ස්වාධීන කිරීමේ වාසිය තමයි රටේ නීතිය සියලු දෙනාටම සමව ක්‍රියාත්මක වෙනවා කියන එක. මේ නිලධාරීන් පත් කිරීම දැක්කොත්, බ්‍රයිබරි කමිෂන් එක, පොලිසිය… මේ සියලුම දේවල් පොලිස් රාජ්‍යයක්, තමන්ගේ අතට බලය අරන් ඒකාධිපති වියවරුවෙන් ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක් බව අපට පෙන්වනවා. මේ සියලුම දෙනා සටන් කරලා තමයි මේ ස්වාධීන පොලිස් කොමිසම අපි ගෙනාවේ. මේවා ගෙනාවේ කාටවත් වෙනස් කරන්න, ඡන්දවලින් පරාද වෙනකොට ජනතාවගේ අප්‍රසාදයට පත් වෙනකොට බලහත්කාරයෙන් ජනතාව යට කරලා ආණ්ඩු කරන්න  නෙමෙයි.   ඒ නිසා එකතු වෙලා අපි සටන් සගයො වශයෙන් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ව්‍යුහයකට මේ  ආණ්ඩුව කරන දේ ඉතාම බරපතලයි. “

මේ අවස්ථාවේ දී ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක  වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ විපක්ෂය බොරු භීතියක් මවන බවය.

“ අපි ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කරමින් යනවා. අපට ජන වරම තියෙන්නේ ඒකට. ඔය පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරු පත් කරලා නෙමෙයි. ස්ථානමාරුවීම් කරලා තියෙන්නෙත් පොලිස් කොමිසම. “

“ඒ නිසා පොලිස් කොමිසම තමයි මේ මාරවීම් කරලා තියෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ  පොලිස් කොමිසමෙන් කරපු දෙයකට අභියාචනා කරන්න තැනක් නෑ. එච්චරයි. “

ඒ අවස්ථාවේ නැගී සිටි දයාසිරි ජයසේකර පැවසුවේ ආණ්ඩුව බොරු කියන බවය.

“මට කියන්න තියෙන්නේ මේ සභාව නොමග යවන්න එපා.  පොලිස් කොමිස කරලා නෑ කිසිම ට්‍රාන්සර් එකක්. දැන් පොලිස් කොමිසම බලාගෙන ඉන්නවා  ට්‍රාන්සර් කරපු කට්ටිගේ විස්තර එනකම්”

රන්ජිත් මද්දුම බණ්ඩාර මේ කරමින් කීවේ  තමන් පොලිසිය භාර ඇමතිව සිටි වකවානුවේ කරන්නට තබා කරන්න හිතෙන්වටත් නොහිතූ දේවල් බවය.

“පොලිස් සේවයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න තමයි පොලිස් කොමිසම ස්ථාපිත කළේ. පසුගිය දා ජනාධිපති තුමා කළුතර තිබ්බ උත්සවයක දී පොලිස් කොමිසමට තර්ජන කරලා තියනවා අදිමදි කරනවා කියලා. මේ ගොල්ල හදන්නේ ඒකාධිපති වාදයට යන්න. කරුණාකරලා දැනගන්න මේ පොලිස් කොමිසමට  පිටින් බලතල දීලා නෑ පොලිස්පතිට. මමත් හිටපු පොලිස් ඇමතිවරයෙක්. අපි කවදාවත් මේවට ඇඟිලි ගහලා නෑ

අපි ඉල්ලා සිටිනවා මේ ස්වාධීන පොලිස් කොමිසම ඒ බලය එහෙන්ම තියන්න පොලිස්පතිට මේක පවරන්නේ නැතිව. “

දිගින් දිගටම නැගෙන විරෝධය හමුවේ නලින්ද ජයතිස්ස මෙලෙස පැවසුවේය.

“මෙතුමාලම කියනවා පොලිස් කොමිසමෙන් මාරුවීම් කළාට පස්සේ අභියාචනා කරන්න තැනක් නෑ කියලා. පොලිස් කොමිසමම පොලිස්පතිවරයාට බලය පැවරුවොත් පොලිස්පතිවරයා එහෙම දෙයක් කළාම කොමිසමට අභියාචනා කරන්න පුලුවන්. කොමිසම ම බලය පවරනවා පොලිස්පතිවරයාට. අසාධාරණයක්  උනානම් අභියාචනා කරන්න කොමිසමකුත් තියනවා. ඒ නිසා කවුරුත්  බය වෙන්න එපා. කලබල වෙන්නත් එපා. පොලිස් නිලධාරීන්ට කරදරයක් අසාධාරණයක් නොවන ලෙසට   අභියාචනා කරන්න පුලුවන් තැනකුත් එක්ක තමයි මේ වැඩේ සිද්ධ වෙන්නෙ.” ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා පැහැදිලි කළේය.

පොලිස් කොමිසම කියන්නේ මොනවද?

මේ අතර පොලිස් කොමිසම ප්‍රකාශ කරන්නේ පොලිස් කොමිසමේ ඇතැම් බලතල පොලිස්පතිවරයාට පැවරීමට මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවය.

දැනටත් ස්ථානාධිපතිවරුන්ගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දක්වා පත් කිරීම්, උසස් කිරීම් සහ සේවයෙන් පහ කිරීම් සිදු කෙරෙන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාව බවත්, කොස්තාපල් සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා නිලයන් සම්බන්ධව එම වගකීම පැරෙන්නේ පොලිස්පතිවරයාට බව පොලිස් කොමිසම පැහැදිලි කරන්නේය.

ඇතැම් පොලිස් ස්ථානවල උප පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කරන බවත්, පොලිස්පතිවරයා ඉල්ලා ඇත්තේ එම පත්වීම් සහ මාරු කිරීම් පිළිබඳ බලතල බව කියන කොමිසම පෙන්වා දෙන්නේ මේ සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කර ඇති බවය. එම ක්‍රමවේදය තුළ පමණක් මේ පත්කිරීම් සහ මාරුකිරීම් සිදුවන අතර අසාධාරණයක් වී ඇතිනම් පොලිස් කොමිසමට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවත් ඒ වෙනුවෙන් පොලිස් කොමිසම ක්‍රියාත්මකවන බවත් කොමිසම මාධ්‍යයට කළ පැහැදිලිකිරීමේ වේ.

“ව්‍යවස්ථාව අනුව පොලිස් කොමිසමට මේ බලතල පොලිස්පතිවරයාට පැවරිය හැකියි. පොලිස්පතිවරයා අත්තනෝමතිකව කටයුතු කරන්නේ නම් ගැසට් නිවේදනයක් මගින් මේ බලතල පවරා ගත හැකියි. “

මේ පොලිස් කොමිසමේ පැහැදිලි කිරීමය. රට ඉන්නේ මේ වෙන්න යන දේ ගැන සුපරික්ෂාකාරීවය.

 

Share69Tweet43
Previous Post

මේ වසරේ අගෝස්තු 31 දක්වා අවුරුදු 5ට අඩු අතදරුවන් 38ක් මව්වරු සමග බන්ධනාගාරත වෙලා…

Next Post

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.