බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ රට ශිෂ්ඨ සම්පන්න රටක් කළ හැක්කේ රටට වැරදි කළවුන්ගේ අපරාධ සඟවන්නට නොදී වැරැද්දට දඬුවම් දීමෙන් පමණයි!

by editor
පෙබරවාරි 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • ලංකාවේ යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ රටේ ජනතාවගේ වැඩිම අවධානය සහ විශ්වාසය දිනාගන්නා වසර බවට මේ වසර පත් වෙනවා – ජනපති මහනුවරදී කියයි!

රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම පවුල් වටා තිබෙන චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් කර, සියලු ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ මෙරට ආර්ථික වශයෙන් පතුළේම සිටින ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

එමෙන්ම, කවුරු කවදා කුමන තනතුරේ කොපමණ විරාජමානව වැජඹුනද ඒ සියලුදෙනා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ අනුව මෙරට යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ රටේ ජනතාවගේ වැඩිම අවධානය සහ විශ්වාසය දිනා ගන්නා වසර බවට මෙම වසර පත්වනු ඇති බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් පුර්ණ හා අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන්ට සහ කර්මාන්තකරුවන්ට වන්දි ප්‍රදානය වෙනුවෙන් අද (06) පෙරවරුවේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනට එක් වෙමිනි.

කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රතිලාභීන් 150 දෙනෙක් වෙනුවෙන් මෙම වන්දි ප්‍රදානය සිදු කෙරුණු අතර සංකේතාත්මකව ජනාධිපතිවරයා ඒ සඳහා එක් විය. එම අවස්ථාවට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසුවේය.

“රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම ඕනෑම ආණ්ඩුවකට පැවරෙන මූලික වගකීමක්. ආර්ථිකයක් බිඳ වැටුණු විට අපි මොනතරම් ව්‍යසනයකට සහ කරදරයකට පත් වනවාද යන්න පිළිබඳ මනා අත්දැකීමකට අපි මීට වසර දෙක තුනකට පෙර මුහුණ දුන්නා. රෝහල්වල බෙහෙත් නැතිව, තෙල් පෝලිම්වල, කිරිපිටි පෝලිම්වල මේ රටේ ජනතාව දුක් වින්දා. රටක ආර්ථික බිඳවැටීම සමාජයේ සියලු කොටස් ව්‍යසනයකට පත් කරනවා. ඒ නිසා රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම අපේ ප්‍රධාන වගකීම බවට පත් වුණා.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නව ඉදිකිරීම් කළ රජයේ ගොඩනැගිලි 18000ක් අත්හැර දමලා…

දීර්ඝ කාලක් අපේ රට අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තීන් සහ එම ප්‍රතිපත්තින් සමඟ ගැට ගැසී තිබු අල්ලස, වංචා දූෂණ හේතුවෙන් අපේ රට විශාල ආර්ථික බිඳ වැටීමකට ලක් වුණා. එදා මේ රටේ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සිදු වුණේ ආර්ථික අවශ්‍යතාව මත නොවෙයි. දේශපාලන අවශ්‍යතා සහ අයථා ගනුදෙනු වෙනුවෙන්. මෑතකදී සිදු කළ වාර්තාවක සඳහන් වෙනවා ඉදි කිරීම් ආරම්භ කර අතරමග නතර කළ සහ ඉදිකිරීම් අවසන් කර අතහැර දැමූ රජයේ ගොඩනැගිලි 1800ක් පමණ තිබෙන බවට. එම ඉදිකිරීම් ආරම්භ කළේ රටේ අවශ්‍යතාව මත නොවෙයි. පළාත් ඇමතිවරයාගේ අවශ්‍යතාව හෝ හිතවතුන්ට කොන්ත්‍රාත් ලබා දීම වෙනුවෙන්. ඇතැම් ගොඩනැගිලි තිබෙනවා හැදුවට පස්සේ එහි නඩත්තු කටයුතු සිදු කරන්න බැහැ.

නිසි ආර්ථික සැලසුම් නොමැති වීම සහ ඒ ඒ මොහොතේ සිටින දේශපාලනඥයාගේ අවශ්‍යතාව සහ අල්ලස දූෂණය මෙම බිඳ වැටීමට හේතු වුණා. මේ බිඳ වැටීම තවමත් අවසන් වී නැහැ. මෑතකදී මම වාර්තාවක් කැඳවුවා ආර්ථික බිඳ වැටීම නිසා නතර වු ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට තිබුණට වඩා කොපමණ වියදමක් යනවද කියා සොයා බැලීමට. ප්‍රධාන ව්‍යාපෘති 43ක් අතරින් 20ක් පිළිබඳ සොයා බැලීම සිදු කළා. එම ව්‍යාපෘති 20ම 2022, 2023 වසරවල හැදුවා නම් වැය වන්නේ රුපියල් කෝටි 30,000යි. හැබැයි දැන් කෝටි 61,000ක් වැය කිරීමට සිදුව තිබෙනවා. එසේ නම් අලුත් ඇස්තමේන්තුව දෙගුණයක් වී තිබෙනවා. ආර්ථික බිඳ වැටීමේ ප්‍රතිවිපාක අපි අදත් අත් විඳිමින් සිටිනවා.

පළමු වැඩේ ආර්ථිකය ස්ථාවර කිරීමයි… අප එය කළා…

අපි ආණ්ඩුව භාර ගැනීමෙන් පසු අපේ ප්‍රමුඛ කාර්ය බවට පත් වුණේ රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කර ගැනීමයි. එයින් තොරව නීතියේ විධානයේ ආධිපත්‍යය, සමාජ සාධාරණත්වය, අධ්‍යාපනය, සෞඛ්‍ය, මංවාවත් මේ කිසිවක් ගැන සිතීමට හැකියාවක් නැහැ.

අපි බලයට පත්වීමෙන් පසු මේ රටේ ආර්ථිකය වැදගත් සාධක ගණනාවකින් ජයග්‍රහණය ලැබුවා. අපි රටක් ලෙස ලබන මෙම සියලු ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ ආර්ථික වශයෙන් පතුළේම සිටින ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම අපේ අරමුණයි. නමුත් ඉතිහාසයේ සිදු වුණේ ආර්ථික වශයෙන් අත්පත් කරගන්නා ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ ඒ පවුල් වටා තිබෙන චෞර වළල්ලක් වටා ගොඩගැසීමයි.

අපිට මහ ජනතාවගේ මුදල් සතයක්වත් පොදි බැඳ ගැනීමේ වුවමනාවක් නැහැ. අපිට අවශ්‍ය මේ රට ආර්ථික වශයෙන් අත්පත් කරගන්නා ජයග්‍රහණ ආර්ථික වශයෙන් පතුළේම සිටින ජනතාවට බෙදා දීමයි. ඒ නිසා මේ දිට්වා ව්‍යසනයෙන් පීඩාවට පත් සියලු ජනතාවට සහන ලබා දීම අපේ අරමුණයි. එම ජනතාවට අවශ්‍ය නිවාස ඉදිකර දීමට, මංමාවත් ඇතුළු යටිතල පහසුකම් සකස් කර දීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා අපිට ඉන්දියාව, චීනය ඇතුළු මිත්‍ර රටවල සහාය ලැබෙනවා. ඒ වගේම විවිධ ආකාරයේ පෞද්ගලික ව්‍යවසායකයින් අපිට උදව් කරනවා. මේ සියලු දෙනාගේ සහාය ඇතිව මේ ජනතාවට මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් උදා කරදීම අපේ අරමුණයි.

පාලකයන් ලෙසත් රාජ්‍ය සේවයකයන් ලෙසත් ඔබ අප සියලු දෙනාගේ වගකීම වන්නේ එයයි. අපි අධ්‍යාපනය ලැබුවේ මහ ජනතාවගේ මුදල්වලින්. අපි පෙරළා ඔවුන් වෙනුවෙන් වැඩ කළ යුතුයි. මෙම දිට්වා සුළි කුණාටුව හමුවේ රටක් ලෙස වේගයෙන් නැඟී සිටීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. ඒ වෙනුවෙන් රාජ්‍ය නිලධාරින් විශාල වෙහෙසක් දරා කටයුතු කරනවා. ඒ සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමනවා.

නීතියේ විධානය ආධිපත්‍ය තහවුරු කිරීම

අපිට වැදගත්ම දේ ආර්ථික සංවර්ධනය උදා කර ගැනීමයි. ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි. අපි අනිවාර්යයෙන් එය සිදු කරනවා. ඒ පිළිබද කිසිවෙක් සැකයක් තබා ගත යුතු නැහැ. අධිකරණය පද්ධතිය, නීතිය පසිඳන ස්ථාන, නීති පරික්ෂණ කරන ආයතන, නීතිපති දෙපාර්තමේන්තුව ආදී ආයතනවල විශාල බිඳ වැටීම් තිබෙනවා. එහෙත් එම තත්ත්වය වෙනස් කර එම ආතනය පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් අපි කටයුතු කරමින් සිටිනවා. අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරින් ඉහළ වැටුප් තලයක පිහිටුවීමට අදාළ කටයුතු අපි සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට සෘජුව නිලධාරින් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඊට අවශ්‍ය යාන්ත්‍රණය අපි සකස් කර තිබෙනවා.

ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ආයතන පද්ධතිය සකස් කර තිබෙනවා. ඒ වගේම නීති සම්පාදනය කර තිබෙනවා. අයථා ලෙස උපයාගත් දේපොළ යළි පවරා ගැනීමට අවශ්‍ය නීතිය අපි සම්මත කළා. ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉතා ඉක්මණින් සංශෝධනය කර අවශ්‍ය නීති ගෙන එනවා. ඒ වගේම සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිය අපි සකස් කරමින් තිබෙනවා. ඒ වගේම මුදල් විශුද්ධිකරණය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අවශ්‍ය නීති සකස් කිරීමට සාකච්ඡා කර තිබෙනවා. එසේම, රට ශිෂ්ඨභාවයට ගෙන ඒමට අවශ්‍ය නීතිමය සංශෝධන සහ ආයතන ශක්තිමත් කිරීම සිදු කළ යුතුයි.

නීතියේ රේඛාවට යටින් මේ රටේ සියලු දෙනා සිටින බව අපි තහවුරු කළ යුතුයි. කිසි කෙනෙක්ට නීතියේ රේඛාවෙන් උඩට එන්න බැහැ. එවන් රටක් අපිට අවශ්‍යයි. අපි ඒ පරිවර්තනය සිදු කරමින් තිබෙනවා. මෙම පරිවර්තනය හමුවේ නිවැරදි අයට රිදෙන්නේ නැහැ, හැබැයි වැරදි කරන අයට රිදෙනවා. හැමදෙනාටම රට පිළිබඳ යහපත් සංකල්ප තිබෙනවා. නමුත් යහපත් සංකල්ප තිබුණාට ක්‍රියාකාරිත්වයේදී එම යහපත් සංකල්ප ස්වභාවිකව නිර්මාණය වන්නේ නැහැ. අපි හැමදෙනාම පොර බැදුවොත් තමයි එම යහපත් සංකල්පවලට පණක් ලැබෙන්නේ.

කවුරු, කවදා, කුමන තනතුරේ කොපමණ විරාජමානව වැජඹුනද ඒ හැම කෙනාම අපි නීතිය හමුවට ගෙන එනවා. ඒ අනුව මම හිතනවා ලංකාවේ යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ රටේ ජනතාවගේ වැඩිම අවධානය සහ විශ්වාසය දිනාගන්නා වසර බවට මේ වසර පත් වෙනවා. ඒ සඳහා ඕනෑම දෙයකට මුහුණ දීමට අපි සුදානම්.

නීතිය තමන්ට අත නොතබයි කියා සමහර අය සිතුවා. ඔවුන් වටා තිබෙන රැස් වළල්ල නීතිය විකර්ෂණය කරනවා කියලා හිතනවා. ඔවුන් වටා තිබෙන රශ්මි කදම්භය නිසා නීතිය පිළිස්සෙනවා කියලා හිතනවා. ඒ නිසා තමයි කිව්වේ “ලොකු අය ඉදිරියේ නීතිය මකුළු දැළක්” වගේ කියලා. ඒ මකුළු දැළට පොඩි අය විතරයි හසු වෙන්නේ, ලොකු අය හසු වෙන්නේ නැහැ. මේ නිසා ගොඩක් අය හිතුවා නීතිය තමන් ළඟට එන්නේ නැති වෙයි කියලා. ඔවුන් අසළට නීතිය ළගා වන විට සිතාගත නොහැකි තත්ත්වයට පත් වෙලා.

හැබැයි ලොකු, පොඩි, උස් මිටි කිසිදු බේදයකින් තොරව නීතිය ඒ හැම දෙනා ළඟටම එනවා. ඒ නිසා බිය විය යුතු වන්නේ අපරාධකරුවන් මිස හොඳ මිනිසුන් නොවෙයි. අපි මේ රටට කුමන අවස්ථාවක හෝ ඉගැන්විය යුතුයි ඔබ වැරද්දක් සිදු කර තිබෙනවා නම් එම වරද කිසිදා කාලයේ වැලි තලාවෙන් යටපත් කළ නොහැකියි, කුමන හෝ මොහොතක වැරැද්දට දඬුවම් ලැබෙනවා කියලා. එම මතය මේ රට තුළ ඇති කළයුතුයි. එසේ වුවහොත් පමණයි අනාගතයේ ශිෂ්ටසම්පන්න රටක් පිළිබඳ මේ රටේ දරුවන් තුළ බලාපොරොත්තු ඇති වන්නේ. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම වැඩ කරමු කියා මම ඉල්ලා සිටිනවා.” ජනාධිපතිවරයා කීවේය.

අද සිදුකළ වන්දි ප්‍රදානය –

අයවැය චක්‍රලේඛ 08/2025 හි අනු අංක 12 අනුව පුර්ණ නිවාස හානි වූවන්ට නව නිවසක් ඉදිකර ගැනීම සඳහා ගෙවීමට නියමිත රුපියල් ලක්ෂ 50ක මුදලින් ප්‍රථම වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් චෙක්පත් ප්‍රදානය අද පැවති උත්සවයේ දී සිදු කෙරිණි. තමන්ට හිමි ඉඩමක හෝ එම ඉඩමේම නිවස ඉදිකරන පුද්ගලයින් හෝ රජයේ ඉඩමක් ලබා දී එහි නිවස ඉදිකරන පුද්ගලයින් මෙම කාණ්ඩයට අයත් වේ.

එමෙන්ම අයවැය චක්‍රලේඛ 08/2025 හි අනු අංක 14 අනුව නිවාස අර්ධ හානි වූවන් සඳහා තක්සේරුව අනුව නිවස යථාවත් කර ගැනීම සඳහා වන්දි ප්‍රදානය සිදු කෙරිණි. මෙහිදී තක්සේරු කමිටුවේ තක්සේරුව අදාළ චක්‍රලේඛය අනුව රුපියල් ලක්ෂ 25ක උපරිමය දක්වා සිදුකළ හැකි නමුත් කඩිනම් සහන සැලසීමේ අරමුණින් ප්‍රතිලාභීන්ගේ කැමැත්ත අනුව තක්සේරුවකින් තොරව රුපියල් ලක්ෂ 05ක ප්‍රතිලාභ ලබා ගැනීමට කැමති ප්‍රතිලාභීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 05ක අර්ධ හානි වන්දි මුදල් චෙක්පත්‍ ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් තම කර්මාන්ත ස්ථානය හෝ යන්ත්‍රෝපකරණ ආදිය හානි වූ පුද්ගලයන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා වන්දි මුදලක් ලෙස රුපියල් ලක්ෂ 02 බැගින් ලබා දීමද මෙහිදී සිදු විය. කුඩා, මධ්‍යම හෝ මහා පරිමාණ ආදී භේදයකින් තොරව ලියාපදිංචි කර තිබෙන සෑම ව්‍යාපාරයකටම නැවත තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම මූල්‍ය ප්‍රදානය සිදු කෙරේ.

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තනුර දිසානායක යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන්ද, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සහ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුෂ පැල්පිට යළිත් රිමාන්ඩ්…

Next Post

මුදල් විශුද්ධිකරණ චෝදනා මත කෙහෙළියගේ දියණිය චමිත්‍රි අත්අඩංගුවට!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.