බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ රට ගොඩනැගීම ජයග්‍රාහී පාර්ශවයට පමණක් තනිව කළ නොහැකියි… ඒ සඳහා පාර්ලිමේන්තුව තුළත් පිටතත් උදව් කරනවා…. සජිත් අනුරට පවසයි!

රටේ විපක්ෂ නායකවරයෙක් කළ පරිනමතම කාතාවක් සජිත් අද කරයි... සජිත් කළේ අනුරට හරියට ගලපා ගන්න බැරි වුන කතාව...

by editor
සැප්තැම්බර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • රටේ විපක්ෂ නායකවරයෙක් කළ පරිනතම කාතාවක් සජිත් අද කරයි… සජිත් කළේ අනුරට හරියට ගලපා ගන්න බැරි වුන කතාව…

රට පවතින්නේ ඉතාම අපහසු තත්ත්වයක බවත්, මාතෘභූමිය යළි ගොඩනැන්වීම ජයග්‍රාහී පාර්ශවයට පමණක් කළ නොහැකි බවත් ඒ සඳහා දියත් කරන ඕනෑම ජනතාවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියකට පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ඕනෑම සහයෝගයක් ලබා දීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ලෙස තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද නව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද රටේ 9 වැනි විධායක ජනාධිපතිවරයා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට රාජගිරිය මැතිවරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවෙන් අනතුරුව රට අමතමිනි.

ඔහු කළ ප්‍රකාශය මෙසේය.

පළමුවෙන්ම 2024 ජනාධිපතිවරණය අවසානයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා හැටියට තේරි පත් වූ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට මම සුබ පතනවා.

විශේෂයෙන්ම එතුමාට අපේ මාතෘ භූමිය මේ වනවිට පත් වී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මුදවා ගැනීමට ශත්කිය ධෛර්ය සහ වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මේ රටේ ලක්ෂ 220කගේ ජනතා ප්‍රාර්ථනාවන් සහ බලාපොරොත්තු ඔබට භාර වෙලා තියනවා.

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටදිත් විශේෂයෙන්ම ජනතාවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දු තීරණවලදී සමගි ජන බලවේගයේත්, සමගි ජන සන්ධානයේත් අවශ්‍ය සහයෝගය ලබා දෙන්නට අප සූදානම් බව මා ප්‍රකාශ කරනවා.

ඒ වගේම මෙම ජනාධිපතිවරණයේ දී මා කෙරෙහිත්, අප ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති කෙරෙහිත් අපේ කණ්ඩායම අපේ වැඩ පිළිවෙළ සමග විශ්වාසය තබමින් ඡන්දය භාවිතා කළ සියලුම දෙනාට මා ස්තුතිය පුද කරන්නට මේක අවස්ථාවක් කර ගන්නවා.

අපේ රට අමාරු තත්ත්වයක තියන මොහොතක්. විවිධ අභියෝග රැසකට මුහුණ දී තිබෙන අවස්ථාවක අප විශ්වාස කරනවා රට මේ තත්ත්වයෙන් මුදවා ගැනීම ජයග්‍රාහී පාර්ශවයට පමණක් නොව මේ රටේ සියලුම පාර්ශවල වගකීමක්.

මැතිවරණ ක්‍රියාවලිය අවසන්, රට ගොඩනැගීමේ ක්‍රියාවලිය රට ශක්තිමත් කිරීමේ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ විය යුතුයි. ඒ උදෙසා ඔබතුමාට ලබා දිය යුතු සහයෝගය අප රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් ඉටු කරන්න අදහස් කරනවා.

ඡන්දය ලබා දුන් නොදුන් සියලු දෙනාට මේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමේ ක්‍රියාවලියට එක් වීම ගැන ස්තුතිය පිරි නමනවා. ” විපක්ෂ නායකවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටක් ගොඩනැගීමට ජනවරමක් සහිත ආණ්ඩුවක් මෙන්ම යහපත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයයි… නව විධායක ජනාධිපති අනුර පවසයි!

Next Post

අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” – – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.