සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ “ඇනෝනිමස්“ ලා  “ගොඨාගෝහෝම්“ රැල්ල යට ගසන ව්‍යාපෘතියක ලෝක හොර කල්ලියක් ද?

ඇනොනිමස්ලාත් ජෝකර්ලා කරන්න හදන ව්‍යාපෘති දියත්වන රටක් තුළ කල්පනාවෙන් තොරතුරු බෙදා ගන්න....     

by editor
අප්‍රේල් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චාමින්ද වාරියගොඩ –

ඇනොනිමස් (Anonymous) හැකර් ක්‍රියාධරයින් විසින් හෙළිදරව් කරන ලද බව කියන රාජපක්ෂ පවුලට සම්බන්ධ මූල්‍ය ආයෝජන සහ වත්කම් පිළිබඳව සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද තොරතුරු වෛරසයක් වේගයෙන්  පැතිරෙයි. 

මේ ප්‍රචාරයන් තුළ පවතින තහවුරු නොකළ සහ විශ්වාස කළ නොහැකි සාවද්‍ය කරුණු  හේතුවෙන් මේ කියන ඇනෝනිමස් ජාලය රජයට එරෙහිව එල්ල වන සමාජ මාධ්‍ය විරෝධය දියාරු කිරීමේ යම් ක්‍රමෝපායයක් ද යන්න පිළිබඳ ව මේ වනවිට තොරතුරු තාක්ෂණ විශේෂඥයන් අතර සහ සමාජ ජාල ක්‍රියාධරයින් අතර විශාල කතා බහක් නිර්මාණය වී තිබේ.

#Gotagohome රැල්ල අවුල් කරන #anonymoussavesrilanka

මහින්ද රාජපක්ෂ ගේ පවුලේ සාමාජිකයන්ට අයත් සහ ඔවුන් විසින්  ආයෝජනය කරනු ලැබ ඇති බවට වන ආයතන ලයිස්තුවක් වෛරස ආකාරයෙන් සමාජ ජාල තුළ පැතිර යන අතර එහි පවතින කිසිදු තොරතුරක් තහවුරු කිරීමේ සාක්ෂි සාධක එම අනාවරණය  කරන්නන් විසින් ඉදිරිපත් කොට නොමැත.

ඒ වෙනුවට එහි ඇත්තේ  විශ්වාස කළ නොහැකි සාවද්‍ය පැටළිලි සහගත කරුණු ගොන්නකි.  රජයට එරෙහිව පවතින විරෝධය හුදු මඩ විරෝධයක් ලෙසට හෑල්ලු කිරීම සහ මේ වනවිට සමාජ ජාල තුළ වේගයෙන් ප්‍රවණතාවක් බවට පත්ව තිබෙන #Gotagohome යන්න යටපත් කිරීමට පවතින රජයට පක්ෂපාත පාර්ශ්වයක් විසින් මෙහෙයවනු ලබන බවට ඔවුහු අනුමාන කරති.

ඇනෝනිමස් නමින් ලොව පුරා ක්‍රියාත්මක වූ පරිගණක දත්ත පද්ධතිවලට ඇතුළුවන ක්‍රියාධරයින් පිරිසක් මීට කලින් විවිධ ආණ්ඩුවල විවිධ  අඩවිවලට ඇතුළු වී එහි ක්‍රියාකාරීත්වය අවුල් කළ අතර මෑතකදි එවැනි තීරණාත්මක මැදිහත්වීමක් ඔවුන්ගෙන්  ලැබුණෙ රුසියාවට එරෙහිවය. මෙහිදී රුසියාවේ වැදගත් වෙබ් අඩවි කිහිපයක්ම අකර්මණ්‍ය කළ අතර මේ නිසා යළිත් මෙම හැක් ක්‍රියාධරයින් පිළිබඳව ලෝ පුරා අවධානයක් නිර්මාණය විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ලොන්ත පොලොස් ඇනොනිමස්ලා ගේ “මාරක ප්‍රහාරය“

ඒ ඇනෝනිමස් නමින් සමාජ ජාල හරහා මතුවූ කණඩායමක් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන්  දූෂණ විමර්ෂණය කරන බවත් ජනතාවගෙන් හොරා ගත් මුදල් ආපසු ලබා නොදුණහොත් අප්‍රියෙල් 20 වැනිදා මෙරට වෙබ් අඩවිවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවටත් නිවේදනය කෙරුණි. මේ හේතුව නිසා බොහෝ අය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබුණේ එයින් අනාවරණය වන කරුණු මොනවාද යන්න පිළිබඳව විමසීමටය.

කාගෙත් අවධානය සහ කුතුහලය යොමුව තිබූ අප්‍රියෙල් 20 වැනිදා ඔවුන් නිවේදනය කළේ රජයේ නිල වෙබ් අඩවිය අකර්මණ්‍ය කළ  බවය. එසේම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවිය සහ තවත් රජයට හිතවත් යයි පැවසෙන මාධ්‍ය ආයතනයක වෙබ් අඩවිය අකර්මණ්‍ය කළ අතර මේ සියලු වෙබ් අඩවි අකර්මණය වීම යථා තත්ත්වයට පත් කිරිමට එම වෙබ අඩවිවලට සම්බන්ධ විශේෂඥයන්ට ගත වූයේ ඉතා සුළු කාලයකි.

මෙම ඇනෝනිමස් ලා ඊළඟට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ සමීප හිතවතකු වන දිලිත් ජයවීර සම්බන්ධ ව්‍යාපාර ජාලය පිළිබඳව  “ලොකු අනාවරණයක් කළහ“. එහිදී දිලිත් ජයවීරගේ ආයෝජන සහිත සමාගම් සහ එහි වෙබ් අඩවි ලයිස්තුවක් අනාවරණය කෙරුණි. දිලිත් ජයවීර මේ සමාගම්වල ආයෝජනය කර ඇති බව මුළු ව්‍යාපාර ලෝකයම දනී. ඒවා ඔහුගේ රහස් ආයෝජන නොව බොහොමයක් කොටස් වෙළෙඳපළ හරහා සිදු කළ ආයෝජන සහ පෞද්ගලික ආයෝජනයන්ය.

පට්ට කෙබර “මහා අනාවරණ“ය

දැන් සමාජ මාධ්‍ය තුළ  වෛරස වේගයෙන් පැතිරෙන්නේ  ඊයේ ඔවුන් එළියට දැමූ “මහා අනාවරණයන්“ ය. ඒ ලයිස්තුවේ නාමල් රජජපක්ෂ, යෝෂිත රෝහිත මෙන්ම චමල් රාජපක්ෂගේ ආයෝජන මෙරට ප්‍රසිද්ධ සන්නාම සහිත ව්‍යාපාරවල පවතින බව සඳහන් කෙරුණි.  මේ සියල්ල  හාස්‍යජනකය. කිසිදු පිළිගත හැකි මූලාශ්‍රයක් එහි නැත.

නියම පරිගණක හැකර් ක්‍රියාධරයින් නම් ඔවුන් තොරතුරු තාක්ෂණය පිළිබඳව හසල දැනුම් ඇති විද්‍යාත්මකව තහවුරු කළ හැකි සාක්ෂි සාධක සහිතව යම් දත්ත පද්ධතියක තොරතුරු අනාවරණය කළ හැකි ආකාරයේ සූක්ෂම හැකියාවලින් යුතු විය යුතුය. එහෙත් මෙම අනාවරණය කිසිවකුට කිසිදු ආකාරයකින් තහවුරු කළ හැකි සාක්ෂියක් සාධකයක් නැත.

ඇනොනිමස් වෙස්මුහුණු ගලවන්න සූදානම්

මේ හේතු මත මේ පිළිබඳ ව විමර්ශණය කළ ඇතැම් පරිගණක විශේෂඥයන් දැන් සූදානම් වෙන්නේ මේ ඇනොනිමස්ලා කවුදැයි නිසැකවම හෙළි  කිරීමට බව නම හෙළි කිරීමට අකැමැති වූ තොරතුරු තාක්ෂණ විශේෂඥයෙක් සඳහන් කළේය.

මේ ඇනෝනිමස්ලාගේ ක්‍රියාකාරකම් පිළිබඳව විශ්වාස කළ නොහැකි බවට වැරදි තොරතුරු ප්‍රචාරය පිළිබඳව විශේෂඥයකු වන ආචාර්ය සංජන හත්තොටුව සිය ට්විටර් සමාජ ජාල ගිණුමේ සඳහන් කර තිබුණි.

ඔහු මේ පිළිබඳව සඳහන් කර තිබුණේ මේ හෙළි කළ කිසිදු අනාවරණයක මූලාශ්‍ර ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකියාව නොමැති  බවයි.

එසේම ඔහු පෙන්වා දී ඇත්තේ මෙම ඇනෝනිමස් අනාවරණ අන්තර්ජාලයේ එය පළකළ වෙබ් අඩවිවල පළ කර ඇත්තේ එකම වොලවට බවය. ඔහු හඳුනාගෙන ඇති ආකාරය අනුව ඒ ග්‍රිනිච් මධ්‍යහ්න වේලාවෙන් පැය 12ක් ඉකුත් වු වෙලාවේය. එක් එක් පළ කිරීම් අතර ඇත්තේ විනාඩි කිහිපයක වෙනසක්  බව ආචාර්ය හත්තොටුව සිය ට්විටර් ගිණුම හරහා පෙන්වා දයි. එය කිසිදු විටෙක සත්‍ය ප්‍රචාරණයක් ලෙස පිළිගත නොහැකි බව ඔහු මත පළ කරයි.

ඔහු මෙන්ම තවත් සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා ඇති තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන විශේෂඥයන් පවසන්නේ මේ වනවිට සමාජ මාධ්‍ය  ජාල තුළ වේගයෙන් ප්‍රචලිතවන  නිශ්චිත කාරණාවක් යටපත් කර ඒ වෙනුවට ඊට සමාන්තර වෙනත් විරෝධතාවන් මතු කිරීම මෙම සමාජ මාධ්‍ය හසුරුවන්නේගේ ක්‍රමෝපායක් විය හැකි බවය.

මේ  මොහොත් මාධ්‍ය මෙන්ම ජනතාවටද සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍ය තුළ හුවමාරු වන අන්තර්ගත පරිශීලනයේදී ඒවා නිවැරදි බවට සාක්ෂි සාධක මත තහවුරු ව නැති නම් ඒවා සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය කිරීම අදාළ පුද්ගලයන්ගේ අරමුණු ඉලක්කවලට තල්ලුවකි.

එබැවන් කල්පනාකාරීව එය හැසිරවීමට වගබලා ගත යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අන්තරේ පා ගමන නවත්වන පොලිසියේ ඉල්ලීම අධිකරණය විසි කරයි!

Next Post

ඉන්දීය දේශ සීමාවේ චීනය තැනූ සංඥා කුළුණු

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.