මේ වනවිට පැවැත්වෙමින් ඇති අතිශය අවධානයට ලක් වූ විමර්ශනයක් සඳහා අත්‍යාවශ්‍ය සැකකරුවෙක් සම්බන්ධ නිවැරදි තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 20ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ජෙරාඩ් පුෂ්පරාජාය ඔස්මන් ජෙරාඩ් නැමැති මෙම පුද්ගලයා දෙමටගොඩ පදිංචිකරුවෙකි.
1978 වර්ෂයේ ඉපදී ඇති හෙතෙම අඩි 5යි අඟල්6ක් උස තැනැත්තෙකි.
මේ තැනැත්තා පිළිඳ තොරතුරක් දන්නේ නම් හෝ දැනගැනීමට ලැබුනේ නම් පහත සඳහන් දුරකථන අංක දෙකට වහාම දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
- අධ්යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ව 071-8591753
- ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව071-8591774