බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරාගෙන මැරෙන්න ඉන්දියාවට ගිය අයිස් ගහන ජාවාරම් කරන කොළඹ ISIS නාට්ටාමිලා!

by editor
මැයි 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් ඉන්දියාවට ඇතුළු වී සිටියදී අත්අඩංගුවට ගත් බව ප්‍රකාශිත අයි.එස්.අයි.එස්. සාමාජිකයන් සිව් දෙනාම අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි  වූවන් බවත්, මත්ද්‍රව්‍ය ජවාරම, රන් භාණ්ඩ ජාවාරම වැනි අපරාධවලට සම්බන්ධ වෙමින් සිටි ස්වකීය විවාහ ජීවිත මුලුමනින්ම අවුල් කරගත් විවාහ කිහිපයකට ඇතුලු වූ අක්‍රමවත් ජිවිත ගත කළ  පිරිසක් බවත් ඔවුන් සම්බන්ධව දේශීයව කරන විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

අයිස් ගසා දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට යන අන්තවාදීන් සම්බන්ධව මේ වනතුරු ලෝකයෙන් වාර්තා නොවීමත්, මුන් සිව් දෙනාම අන්තවාදී ලෙස සිය ආගම ඇදහීමක් තබා සම්ප්‍රදායි ආගමික වතාවත්වලට යොමු වී ඇති ආකාරය පිළිබඳවත්  මෙතෙක් කිසිදු සාධකයක් සොයා ගැනීමට ද දේශීය විමර්ශකයන්ට හැකියාවක් ලැබී නැත.

මොහොමඩ් නුෂ්රාත්

මෙම සිව් දෙනාගෙන් තිදෙනෙක්ම කොළඹ නගරයේ පදිංචිකරුවන්ය. සිව් වැන්නා මීගමුවේ පදිංචි මොහොමඩ් නුෂ්රාත්ය. 1991 වසරේ ජනවාරි 08 වැනිදා උපන් ඔහු මීගමුව පෙරියමුල්ල රහහුමනාබාද් හි පදිංචිව සිටියෙකි. අත්අඩංගුවට පත්වන විට ඔහු අත තිබී ඇත්තේ එන්. 907060 අංකය දරන විදෙස් ගමන් බලපත්‍රයයි. විමර්ශනවලින් හෙළිවී ඇති පරිදි ඔහු 40 වතාවක් පමණ ඉන්දියාවට ආගිය අයෙකි. ඒ ගැන ඉන්දියාවෙන් මෙන්ම දේශීය වශයෙන් කෙරෙන විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ ඔහු වැඩි වශයෙන් මෙසේ ඉන්දියාවට ගොස් ඇත්තේ රන් සහ අයිස් ජාවාරම සඳහා බවය. ඒ හැරුණු කොට ඔහු විදේශයන්ගෙන් ජංගම දුරකතන හොර පාරෙන් මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ ව්‍යාපාරයකද නිරතව සිට ඇත.

නුෂ්රාත්ගේ පියා ජුවලරියක හිමිකරුවෙකි. එම ජුවලරිය ඇත්තේ මීගමුවේය. දේශීය වශයෙන් සිදු කරනු ලබන විමර්ශනවලදී පෙනී ගොස් ඇත්තේ නුෂ්රාත්ගේ පියා කාතන්කුඩියේ සිට මීගමුවට සංක්‍රමණය වී ඇති බවය. ඒ ව්‍යාපාරික කටයුතු සඳහාය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බව කියන නුෂ්රාත් පසුගිය වසරේදී අයිස් සමඟ පොලීසියට ද හසුවී ඇත. ඒ සම්බන්ධයෙන් වූ නඩුවක් අධිකරණයේ තවමත් විභාග වෙමින් ඇත. ඔහු කොළඹ හා මීගමුව අතර අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති අයෙක් ලෙස ද හඳුනා ගෙන ඇත.

දේශීය වශයෙන් සිදු කරනු ලබන විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට අනුව නුෂ්රාත්  විවාහ දෙක තුනක්ම කරගෙන සිටින්නෙකි. එම විවාහයන්ගෙන් දරුවන් හතර පස් දෙනෙක් ද නුෂ්රාත්ට සිටින බව සඳහන්ය. එක් බිරියක් දරුවන් සමඟ පදිංචිව සිටින්නේ යැයි කියැවෙන්නේ කොටිකාවත්තේය. ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට මෙරට සිට ගිය සිව් දෙනාගේ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස හඳුනාගෙන ඇත්තේ නුෂ්රාත්වය.

දේශීය වශයෙන් සිදු කරන විමර්ශනයන්ට අදාළව නුෂ්රාත්ගේ සමීපතම යෙක්ද මේ වන විට සිටින්නේ අත්අඩංගුවේය. දීර්ඝ ලෙස කෙ‍ෙරන ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු බොහෝ දේවල් හෙළිකර ඇති බව සඳහන් වූවත් ඒ හැම දෙයක්ම විමර්ශන මට්ටමේ ඇති බැවින් ඒ තොරතුරු තවමත් ඇත්තේ රහසිගතවය. ඒ, එම විමර්ශනය ඉන්දියාව හා ඒකාබද්ධ විමර්ශනයක් ලෙස පවතින බැවිනි.

නුෂ්රාත්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් පොලීසිය මේ ගැන කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ නුෂ්රාත්ගේ අයි.එස්.අයි.එස්. සම්බන්ධයක් ගැන තමන් කිසිවක් නොදන්නා බවය. ඔවුන් පවසා ඇත්තේ නුෂ්රාත් ඉන්දියාවට ගියේ මිතුරන් සමඟ සංචාරයක් සඳහා යන බව පවසමින් බවය.

මොහොමඩ් නෆ්රාන් නවුෆර්

ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කරන්නට ගොස් ගුජරාටි ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවට පත්ව සිටින සිව් දෙනා අතර මෙරට පාතාලයේ ප්‍රබලයකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වූ පොට්ට නවුෆර්ගේ පුතා ද සිටින බව සඳහන්ය. මොහොමඩ් නෆ්රාන් නවුෆර් නැමැති ඔහු ගැන දේශීය වශයෙන් සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පොට්ට නවුෆර්ගේ පුතා යැයි කීවද ඒ පොට්ට නවුෆර්ගේ නීත්‍යනනුකූල බිරියගේ පුතකු නොව ඔහුගේ හොර අඹුවන් අතර සිටි එක් අඹුවකගේ පුතකු බවය.

ගුජරාට් පොලිස් ප්‍රධානී විකාශ් සහේ ඉන්දියානු මාධ්‍ය වෙත සඳහන් කර ඇති ආකාරයට නෆ්රාන් 38 වතාවක් ඉන්දියාවට ආගිය අයෙකි. කොළඹ 12 එම්.ජේ.එම්. ලතීෆ් මාවතේ පදිංචිකරුවකු වන නෆ්රාන් ඉන්දියාවට ඇතුළු වී ඇත්තේ එන්. 10787889 අංකය දරන විදෙස් ගමන් බලපත්‍රයෙනි.

1997 වසරේ ජූලි 12 වැනිදා උපන් නෆ්රාන් ද අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බවට දේශීය වශයෙන් කෙරෙන විමර්ශනවලින් අනාවරණය වී ඇත. විවාහයන් කිහිපයක්ම කරගෙන සිටින ඔහුටද දරුවන් දෙතුන් දෙනෙක් සිටින බව සඳහන්ය. කලක් විදෙස්ගතව ද සිට ඇති නෆ්රාන් ඉන්දියාව හා ලංකාව අතර සිදු වන නීති විරෝධි ජාවාරම්වලටද සම්බන්ධව සිටියකු බව පෙනී ගොස් ඇත. ඔහු පෙනී සිට ඇත්තේ ව්‍යාපාරිකයකු ලෙසිනි. ඉන්දියාවට පහර දෙන්නට ගිය කණ්ඩායමේ දෙවැනියා ලෙස හඳුනා ගෙන සිටින්නේ ඔහුය.

නාට්ටාමි   රස්ඩීන්  

නුෂ්රාත් සහ නෆ්රාන් හැරුණු කොට සෙසු දෙදෙනා ඉන්දියාවට පය තබා ඇත්තේ පළමු වතාවටය. විශේෂත්වයක් වන්නේ ඒ දෙදෙනාම නාට්ටාමිලා වන වන බැවිනි. ඒ අතර සිටින එක් අයෙක් නාට්ටාමි රැකියාවට අමතරව ත්‍රිරෝද රථයක් කුලියට ධාවනය කර ඇත්තේ අමතර ආදායමක් උපයා ගන්නටය. ඔහු මොහොඩ් රස්ඩීන් අබ්දුල් රසීම් ය.

ඔරුගොඩවත්ත නවගම්පුර දෙවැනි අදියරයේ තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචිකරුවකු වන රස්ඩීන් 1980 වසරේ සැත්තැම්බර් 05 වැනිදා උපන්නෙකි. ඉන්දියාවට ඔහු ඇතුළු වන්නේ එන්. 6708541 අංකය දරන විදෙස්ගමන් බලපත්‍රය අතැතිවය. අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ද තදින්ම ඇබ්බැහි වී සිටින රස්ඩීන් අවස්ථා කිහිපයකදීම මත්ද්‍රව්‍ය සමඟ පොලීසියටද හසුවී ඇත. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ ඔහුට එරෙහිව නඩු දෙක තුනක්ම තවමත් විභාග වෙමින් ඇති බව කියැවේ.

රස්ඩීන් ද අසාර්ථක විවාහයන් දෙකක් ඇති අයකු වන අතර එම විවාහයන්ගෙන් දරුවෝ දෙතුන් දෙනකු සිටිති. ඉන්දියාවට ගිය මේ ගමන හැරුණු කොට රස්ඩීන් වෙනත් රටකට ගිය බවක් මෙතෙක් අනාවරණය වී නැත. ඒ අනුව ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකයට ඔහු හසුවන්නේ සිය මංගල විදෙස් ගමනේදීය.

නාට්ටාමි ෆාරුක්

ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමින් ගොස් සිය මංගල විදෙස් ගමනේදීම ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකයට හසුවී සිටින සිව් වැන්නා වන්නා ද නාට්ටාමියෙකි. ඔහු මොහොමඩ් ෆාරිස් මොහොමඩ් ෆාරුක් ය. මාලිගාවත්ත ජුම්මා මජ්ජීත් පාරේ පදිංචිකරුවකු වන ෆාරිස් 1987 වසරේ සැත්තැම්බර් 10 වැනිදා උපන් අයෙකි. ඉන්දියාවට ඔහු යන්නේ එන්. 8255452 අංකය දරන විදෙස්ගමන් බලපත්‍රය අතැතිවය.

ෆාරුක් නාට්ටාමි රැකියාවේ නිරත වන්නේ පිටකොටුවේය. විවාහක බිරිය ඔහු අතහැර ගොස් ඇති අතර ඔහුට දාව උපන් දියණිය සමඟ බිරිය පදිංචිව සිටින්නේ යැයි කියැවෙන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේය. ෆාරුක්ගේ මවුපියන් මීට සිව් වසරකට පෙර මියගොස් ඇති බව පැවසෙන අතර ඒ හැරුණු කොට ඔහුගේ ඥාතියකු සොයා ගන්නට නැත.

දේශීය වශයෙන් ෆාරුක් සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයේදී හෙළිවූ තොරතුරු මත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඔහු සමඟ ඉතා සමීපව ඇසුරු කර ඇති අයකු ලෙස හඳුනා ගෙන සිටින්නේ අබ්දුල් හමීඩ් අමීර් නැමැත්තෙකි. මාලිගාවත්තේ ජුම්මා මස්ජිත් පාරේ පදිංචිකරුවකු වන ඔහු විමර්ශන කටයුතු සඳහා සිය භාරයට ගැනීමට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පියවර ගෙන තිබිණි.

නිවාස පරීක්ෂාව

එසේ වුවද සිකුරාදා සවස් වන තුරුම ඔහුගෙන් මේ සම්බන්ධ වැදගත් තොරතුරක් අනාවරණය වී නොතිබිණි. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පසුගිය 21 වැනිදා ෆාරිස් පදිංචිව සිටි නිවෙසත් ඔහුගේ මිතුරා අමීර්ගේ නිවෙසත් දැඩි පරීක්ෂාවකට ලක් කරනු ලබන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සහාය ද ඇතිවය. එම නිවෙස්වල අස්සක් මුල්ලක් නෑර සෝදිසි කළද සැකයට තුඩු දුන් කිසිවක් හමුවූ බවක් වාර්තා නොවූ අතර, අමීර්ගේ නිවෙසින් කුරාණයක් සමඟ ලියැවිලි කිහිපයක් පමණක් හමුවී තිබිණි.

සෙසු තිදෙනාගේම නිවෙස් ත්‍රස්ත මර්ධන ඒකකය දැඩිව පරීක්ෂාවට ලක්කර තිබුණේ විශේෂ කාර්ය බළකායේ සහාය ඇතිවය. එම නිවෙස්වලින්ද සැකයට තුඩු දෙන කිසිවක් හමුවූ බවක් මෙතෙක් අනාවරණය වන්නේ නැත.

අමීර් සහ රහසිගත පුද්ගලයා

විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ මේ කණ්ඩායම මෙහෙය වූ දේශීය නියෝජිතයා වන්නේ නාට්ටාමි ෆාරුක්ගේ සමීප මිතුරාවන  අමීර් බවය. මේ වන විට අමීර් ත්‍රස්ත මර්දන හා විමර්ශන අංශය විසින් රඳවා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින අතර වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් ඇති බවද සඳහන්ය.

අමීර් විසින් හෙළි කළ තොරතුරුවලට අනුව මේ වන විට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය දැඩි වෙහෙසක් ගනිමින් සිටින්නේ බොරැල්ල වනාතමුල්ලේ ඩම්ප් වත්තේ ගැවසෙන පුද්ගලයකු සොයාය.

ඔහු දෙමටගොඩ වේළුවන පාරේ ද ගැවසෙන අයෙකි. අමීර්ගේ රහස් ගොන්නක්ම ඇතැයි පැවසෙන්නේ මේ පුද්ගලයා සතුවය. මේ වන විට සැඟවී සිටින ඔහු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බව ද සඳහන්ය. ඒ කොල්ලකෑම් සහ ගිනි අවි සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙනි.

මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ නම් ඒ ඔස්සේ බොහෝ තොරතුරු හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි දේශීය විමර්ශකයෝ විශ්වාස කරති. ( ගයාන් කුමාර වීරසිංහ සිළුමිණ පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරිනි)

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මීම් හරහා ලොවක් ආදරය කළ කබෝසු මියයයි…

Next Post

මේ අත්‍යාවශ්‍ය අපරාධකරු ගැන තොරතුරක් දෙන කෙනාට CIDයෙන් ලක්ෂ 20ක්…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.