සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීම් හරහා ලොවක් ආදරය කළ කබෝසු මියයයි…

by lankasara-editor
මැයි 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

වසර ගණනාවක් පුරා අන්තර්ජාලය තුළ ඉතා ජනප්‍රියත්වයට පත් සුනඛ සුරතලා කබෝසු මිය ගිය බව ඇගේ හිමිකාරිය  පවසා තිබෙනවා.

ජපන් ෂිබා ඉනු වර්ගයට අයත් කබෝසු ලියුකේමියාව සහ අක්මා රෝගය ආදියෙන් පීඩා විඳ ඇති අතර ඊයේ එනම් මැයි 24 වන දා මිය ගොස් තිබෙනවා. මිය යන විට කබොසු ගේ වයස අවුරුදු 18ක් පමණ වූ බවයි සඳහන් වන්නේ.

කබෝසු මියගිය පුවත ඇගේ හිමිකාරිය වන සැටෝ විසින් සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසා තිබෙනවා. එහි, “ඇය නින්දට යන්නාක් මෙන් නිහඬවම මිය ගියේ මම ඇයව සුරතල් කරමින් සිටින විටයි” යනුවෙන් සඳහන් කර තිබෙන අතර කබෝසු ට ආදරය කළ රසිකයන්ට ස්තූති කරමින් “මම හිතන්නේ කබෝ චන් ලෝකයේ සතුටින් ම සිටි සුරතලා ඒ වගේම මම තමයි සතුටින් ම සිටි අයිතිකාරයා” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ටෝකියෝවේ නැගෙනහිර සකුරා හි ගුරුවරියක් වන සැටෝ 2010 වසරේ දී මෝලක් අසල සිටියදී බලු පැටවා රැගෙන ගොස් ඇති අතර ඉන් වසර දෙකකට පමණ පසු තම සුරතලා සමග සිටින ඡායාරූපයක් ඇය සමාජ මාධ්‍යයේ පළ කර තිබෙනවා. එතැන් සිට කබෝසු ගේ ඡායාරූප මිලියන ගණනක් සමාජ මාධ්‍යවල හුවමාරු විය. එය ක්‍රිප්ටෝ කරන්සි සමග සම්බන්ධ මීම් එකක් බවට ද පත් වූ අතර අවසානයේ කබෝසුගේ සිනාමුසු මුහුණ ඩිජිටල් කාසිවල රූපය බවට පත් විය.

කෙසේ වෙතත් 2022 වසරේ අගභාගයේදී කබෝසු ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් රෝගාතුර වී තිබූ අතර මෑතකදී විදෙස් මාධ්‍ය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී 62 හැවිරිදි වියේ පසුවන සැටෝ පවසා සිටියේ ලොව පුරා රසිකයින් කබෝසුගේ සුවය වෙනුවෙන් කළ ප්‍රාර්ථනා ශක්තියේ බලයෙන් ඇයට මේ දක්වා ජීවත් වීමට හැකි වූ බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීම් සඳහාම කැප වූ ක්‍රිප්ටෝ සංවිධානයක් වන Own The Doge විසින් ඩොලර් 100,000 ක පමණ මුදලකින් කබෝසු සහ ඇගේ සෝෆා සමූහයේ ප්‍රතිමාවක් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සකුරා හි උද්‍යානයක විවෘත කර තිබෙනවා. එමෙන්ම සැටෝ සහ Own The Doge සංවිධානය විසින් ජාත්‍යන්තර පුණ්‍යායතන සඳහා විශාල මුදල් පරිත්‍යාග කර ඇති අතර, දරුවන් සුරැකීම අරමුණු කොට ගෙන ඩොලර් මිලියනයකට අධික මුදලක් ද පරිත්‍යාග කර ඇති බව වාර්තා වනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලට කාන්තා සෞඛ්‍ය සේවා සඳහා විශිෂ්ටතා මධ්‍යස්ථානයක් ජනපති අතින් විවෘත වෙයි!

Next Post

මරාගෙන මැරෙන්න ඉන්දියාවට ගිය අයිස් ගහන ජාවාරම් කරන කොළඹ ISIS නාට්ටාමිලා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.