අමායා උඩුවැරැල්ල –
දෙවන ලෝක යුධ සමයේ ජනප්‍රිය සබ්මැරීනයක් වූ USS Harder සබ්මැරීනයේ සුන්බුන් දකුණු චීන මුහුදේ පිලිපීනයේ Luzon දූපතේ වෙරළට ඔබ්බෙන් මුහුදු පතුලේ තිබියදී හමු වූ බව එක්සත් ජනපද නාවික ඉතිහාස සහ උරුම විධානය (NHHC) පෙරේදා (23) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
එක්සත් ජනපද නාවික ඉතිහාස හා උරුම විධානයේ පුරාවිද්‍යා ශාඛාව පවසා තිබෙන ආකාරයට සබ්මැරීනය සොයාගෙන ඇත්තේ දකුණු චීන මුහුදු පතුලේ අඩි 3,000 කටත් වඩා ගැඹුරක තිබියදී ය.
මෙම USS Harder සබ්මැරීනය 1944 වසරේ අගෝස්තු 29 වන දා යුද්ධය අතරතුර කාර්ය මණ්ඩලයේ 79 දෙනෙකු ද සමග ගිලී යාමට ලක්ව ඇති අතර ජපානය විසින් මෙම සබ්මැරීනය ගිල්වන ලදැයි සඳහන් වනවා. ජපාන වාර්තා වලට අනුව USS Harder සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය අවසන් මොහොත දක්වාම සටන් කර තිබෙන අතර ගිලීමට පෙර ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට ටෝර්පිඩෝ තුනක් වෙඩි තැබූ බව සඳහන් වනවා.
“Hit’em harder” යන ආදර්ශ පාඨය යටතේ යාත්‍රා කළ USS Harder සබ්මැරීනයේ නායක කමාන්ඩර් සැමුවෙල් ඩීලි ට මරණින් පසු එක්සත් ජනපදයේ ඉහළම හමුදා සම්මානය වන ගෞරව පදක්කම පිරිනමා ඇති අතර එහි කාර්ය මණ්ඩලයට ද පසුව යුද්ධයේදී සිදුකළ සේවය වෙනුවෙන් ගෞරව පුද කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට සබ්මැරීනයේ ඡායාරූප ලබා ගැනීමට උසස් ඡායාරූපකරණය සහ දිය යට රොබෝ තාක්ෂණය භාවිතා කිරීමට “ලොස්ට් 52” ව්‍යාපෘති කණ්ඩායමට සිදුව තිබෙනවා. “ලොස්ට් 52” යනු ලෝක යුධ සමයේ දී ගිලී ගිය එක්සත් ජනපදයට අයත් සබ්මැරීන 52 ම සොයා ගැනීමට සහ අනුස්මරණය කිරීමට කැප වූ ව්‍යාපෘතියකි.
කෙසේ වෙතත් USS Harder සබ්මැරීනය කිසිදු හේතුවක් මත පරීක්ෂා කිරීමකට ලක් නොකරන බවත් එය එහි කාර්ය මණ්ඩලය සඳහා යුධ සොහොන් බිමක් ලෙස ඉදිරියටත් එලෙසම පවතිනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.