බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර අසූවකට පසු හමු වූ සබ්මැරීනය !

by lankasara-editor
මැයි 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

දෙවන ලෝක යුධ සමයේ ජනප්‍රිය සබ්මැරීනයක් වූ USS Harder සබ්මැරීනයේ සුන්බුන් දකුණු චීන මුහුදේ පිලිපීනයේ Luzon දූපතේ වෙරළට ඔබ්බෙන් මුහුදු පතුලේ තිබියදී හමු වූ බව එක්සත් ජනපද නාවික ඉතිහාස සහ උරුම විධානය (NHHC) පෙරේදා (23) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

එක්සත් ජනපද නාවික ඉතිහාස හා උරුම විධානයේ පුරාවිද්‍යා ශාඛාව පවසා තිබෙන ආකාරයට සබ්මැරීනය සොයාගෙන ඇත්තේ දකුණු චීන මුහුදු පතුලේ අඩි 3,000 කටත් වඩා ගැඹුරක තිබියදී ය.

මෙම USS Harder සබ්මැරීනය 1944 වසරේ අගෝස්තු 29 වන දා යුද්ධය අතරතුර කාර්ය මණ්ඩලයේ 79 දෙනෙකු ද සමග ගිලී යාමට ලක්ව ඇති අතර ජපානය විසින් මෙම සබ්මැරීනය ගිල්වන ලදැයි සඳහන් වනවා. ජපාන වාර්තා වලට අනුව USS Harder සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය අවසන් මොහොත දක්වාම සටන් කර තිබෙන අතර ගිලීමට පෙර ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට ටෝර්පිඩෝ තුනක් වෙඩි තැබූ බව සඳහන් වනවා.

USS Harder සබ්මැරීනයේ නායක කමාන්ඩර් සැමුවෙල් ඩිලී සහ දෙවන ලෝක යුධ සමයේ සබ්මැරීනය පැවති අයුරු

“Hit’em harder” යන ආදර්ශ පාඨය යටතේ යාත්‍රා කළ USS Harder සබ්මැරීනයේ නායක කමාන්ඩර් සැමුවෙල් ඩීලි ට මරණින් පසු එක්සත් ජනපදයේ ඉහළම හමුදා සම්මානය වන ගෞරව පදක්කම පිරිනමා ඇති අතර එහි කාර්ය මණ්ඩලයට ද පසුව යුද්ධයේදී සිදුකළ සේවය වෙනුවෙන් ගෞරව පුද කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට සබ්මැරීනයේ ඡායාරූප ලබා ගැනීමට උසස් ඡායාරූපකරණය සහ දිය යට රොබෝ තාක්ෂණය භාවිතා කිරීමට “ලොස්ට් 52” ව්‍යාපෘති කණ්ඩායමට සිදුව තිබෙනවා. “ලොස්ට් 52” යනු ලෝක යුධ සමයේ දී ගිලී ගිය එක්සත් ජනපදයට අයත් සබ්මැරීන 52 ම සොයා ගැනීමට සහ අනුස්මරණය කිරීමට කැප වූ ව්‍යාපෘතියකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මුහුදු පතුලේ තිබී සොයාගත් සබ්මැරීනයේ කොටසක්

කෙසේ වෙතත් USS Harder සබ්මැරීනය කිසිදු හේතුවක් මත පරීක්‍ෂා කිරීමකට ලක් නොකරන බවත් එය එහි කාර්ය මණ්ඩලය සඳහා යුධ සොහොන් බිමක් ලෙස ඉදිරියටත් එලෙසම පවතිනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ අත්‍යාවශ්‍ය අපරාධකරු ගැන තොරතුරක් දෙන කෙනාට CIDයෙන් ලක්ෂ 20ක්…

Next Post

එක් නැගීමේ වාරයක් තුළ තුන් වතාවක් එවරස්ට් තරණය කළ මාධ්‍යවේදිනිය !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.