සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙහෙම ගියොත් ආර්ථික සුනාමියක් අත ළඟ- ඉක්මනට IMF යන්න

කීර්තිමත් ශ්‍රි ලාංකික ආර්ථික විද්වතෙක් අවධාරණය කරයි

by Lanka Sara Editor
දෙසැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පෙර නොවූ විරූ විදේශ සංචිත පිළිබඳ අර්බුදයකට අද ශ්‍රි ලංකාව මුහුණ දී ඇති බවත් එය විසඳා ගැනීම සඳහා නව නිර්මාණශීලී දේශීය විසඳුම් සෙවීම සියල්ල විනාශ කරවන සුනාමියකට කැඳවීමක් බවත් ප්‍රවීන ආර්ථික විද්‍යාඥයකු වන ඔස්ට්‍රේලියාවේ ජාතික විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යාව පිළිබඳව සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා ශ්‍රි ලංකාව වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ස්ථායීකරණ ගිවිසුමකට එලඹීම බවත් අවධාරණය කරයි.

පසුගියදා NSBM හරිත සරසවියේදී පැවැති සමුළුවකට අන්තර්ජාලය ඔස්සේ එක්වූ මහාචාර්යවරයා ශ්‍රි ලංකාවේ වර්තමාන අර්ථික අර්බුදය පිළිබඳව දීර්ඝ පැහැදිළි කිරීමක් කළේය. ඒ අනුව ඔහු පෙන්වා දුන්නේ නිදහසින් පසුව රට මුහුණ දෙන දරුණුතම ගෙවුම් ශේෂ අර්බුදයට වර්තමානයේ හ්‍රි ලංකාව මුහුණ දෙමින් සිටින බවය.මෙම අර්බුදය හුදෙක් කොවිඩ් වසංගතය හේතුවෙන් නිර්මාණය වූවත් නොව පසුගිය කාලය තිස්සේ වර්ධනය වී වසංගතය හේතුවෙන් දැඩි ලෙස ඉසමතු වීමක් පමණක් සිදුව ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා

“ශ්‍රි ලංකාව මේ වනවිට ජංගම ගිණුමේ දැවැන්ත ශේෂයක් පෙන්නුම් කරනවා. එනම් අපේ රටේ භාණ්ඩ සහ සේවා සමස්ත අපනයනයෙන් උපයන ආදායමට වඩා වැඩි වියදමක් සමස්ත ආනයන සඳහා වියදම් කරනවා. මෙයින් ජංගම ගිණුමේ විශාල ශේෂයක් නිර්මාණය වී තිබෙනවා. නිදහසින් පසුව ගත වූ අවුරුදු 70 තුළ අප රටක් ලෙස ජංගම ගිණුමේ ශේෂය අතිරික්තයක් වාර්තා කර ඇත්තේ අවුරුදු 7ක් මණයි. මේ අවුරුදු හතෙනුත් 1977 න් පසුව ගත වූ දශක හතර තුළ එක වරක්වත් මේ ගෙවුම් ශේෂය අතිරික්තයක් වෙලා නෑ.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2020 වනවිට ශ්‍රි ලංකාව ලබා ඇති විදේශිය ණය ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් සියයට 60ක් බව මහ බැංකුව කියනවා. නමුත් යථාර්ථය මෙම ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70ක්. ඇත්තටම දළ දේශීය නිෂ්පාදිතයට දක්වන විදේශ ණය අනුපාතය අර්ථ දැක්වීමෙන් ආර්ථිකයේ සැබෑ ස්වරූපය පෙනෙන්නේ. නැහැ. ඊට සාපේක්ෂව සමස්ත අපනයන ආදායමට සාපේක්ෂව විදේශ ණය අනුපාතිකය සැලකිම වැදගත් එහෙම ගත්තොත් ශ්‍රි ලංකාව මෙම අනුපාතය 370ක් පමණ අගයක් ගන්නවා. එය අප්‍රිකානු රාජ්‍යයන් කිහිපයක් හැරෙන්නට ලෝකයේ සෙසු රටවල් සැලකීමේදී අතිශයින්ම ඉහළ අගයක්. ඒ වගේම 2020 වසරේ රාජ්‍ය ආදායමෙන් සියයට 60ක් විදේශ ණය ගෙවීමට වැය වී තිබෙනවා.

නමුත් අද ශ්‍රි ලංකාව ක්‍රියාත්මක කරන්නේ පැස්බරා ඔලුව හංග ගන්නවා වගේ අර්ථ විරහිත ප්‍රතිපත්තිමය පියවර. එයින් එකක් තමයි ආනයන නතර කිරිම. මෙලෙස ආනයන බදු වැඩි කිරීම වැනි සංශෝධන කිරීම වෙනුවට ආනයන නතර කිරීම ලෝක වෙළෙඳ සංවිධානයේ ප්‍රතිපත්තිවලටත් එරහිව යාමක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“සජිත් එළියේ ඉන්නේ නිවාස අමාත්‍යාංශයේ කරපු වංචා අද හෙළිවන නිසා”- ඇමති ජොන්ස්ටන්

Next Post

නිල්ලඹේ දිය නාන්නා ගිය එකම පවුලක එක් අයෙක් මරුට… 02ක් අතුරුදහන්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.