සමගි ජනබලවේගය අද උපක්‍රමශීලීව මැතිසබේට සහභාගි නොවී සිටින්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කලින් දැරූ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද විවාදයට ගන්නා අවස්ථාවේදී ඔහු විසින් කරන ලද වංචා හෙළිවන නිසා යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේ වැය ශීර්ෂ විවාදයට එකවෙමින් ඔහු මේ බව කීය.
“මේක අලුත් දෙයක් නෙමෙයි. සජබය යූඑන්පීය මේ කරන දේ අලුත් දෙයක් නෙවෙයි. අද ඊටත් වැඩිය මම දකින්නේ, අද නිවාස අමාත්‍යංශයේ විවාදය. විපක්ෂ නායකතුමා කරපු වංචාවල් ඔක්කොම අද එළිවෙනවා. ඒ නිසා ඉතාමත්ම උපක්‍රමශීලීව මනුෂ නානායක්කාර නමැති මන්ත්‍රීවරයා කරපු ජරා වැඩේ වහලා ඔහුට ගහන්න ගියා කියලා ඒක යටපත් කරලා වෙන දෙයක් වෙන්න පෙන්නලා, හිමීට මාරු වෙච්ච තමයි කළේ. පැනලා එක තමයි කලේ.
මේකෙ ගෞරවය රකින්න අපි ඔක්කොම ඉදිරිපත් වෙනවා. කථානායකතුමා මේ ගැන නීත්‍යනුකූලව පියවර ගන්න. අනුර දිසානායක මැතිතුමා කියපු විදියට මන්ත්‍රී කණ්ඩායමක් දාන එකේ වැඩක් නෑ කියලා කියපු එකේ, ඒක එතුමම කියපු එක හොඳයි. එක්කෝ තනියම කරන්න තනියම දැම්මහම ඒකෙ දෙපැත්තේ අය නෑ කියලා අදහසක් ඉදිරිපත් වෙනවා. මේ ගැන හොයල බලල තීන්දුවක් අරකරගන්න කියලා මම ඉල්ලනවා.”







