සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුලතිව් සමූහ මිනී වළේ කැණීම්වලට මුදල් නැති නිසා ජනාධිපති අරමුදලෙන් මුදල් ඉල්ලීමට යෝජනා!

by Lanka Sara Editor
අගෝස්තු 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් කොක්කුතුඩුවායී ප්‍රදේශයෙන් හමු වූ සමූහ මිනී වළ කැණීම සඳහා මුදල් හිඟයක් පැවතීම නිසා ඊට අවශ්‍ය මුදල් ජනාධිපති අරමුදලෙන් ඉල්ලා සිටීමට මුලතිව් අධිකරණයට 8 දා යෝජනාවක් ඉදිරිපත් විය.

මෙම සමූහ මිනී වළ එල්ටීටීඊ සෙබළියන් පිරිසක් මිහිදන් කළ ස්ථානයක් බවට තොරතුරු අනාවරණය වී ඇති නිසා එහි කැණීම් කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සිදු විය යුතු බවත්  හමුවන අස්ථි කොටස්වලට    අදාළ  ඩී.එන්.ඒ. හා කාබන්  වැනි පරීක්ෂණ කිරීම සදහා විශාල මුදලක් වැය වන නිසාත් යුද සමයේදී  අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් කටයුතු කිරීමට රජය විසින් පිහිටුවා ඇති කාර්යාලය හරහා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත හැකි යැයි  කොක්කුතුඩුවායී සමූහ මිනී වළ සම්බන්ධයෙන් වූ නඩුව මුලතිව් අධිකරණයේදී විභාගය ගත් අවස්ථාවේදී නීතිඥ වී.කේ නිරන්ජන් ප්‍රකාශ කළේය.

නිරන්ජන් නීතිඥවරයා යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් මෙම නඩුවට පෙනී සිටින අතර  මෙම නඩුව මෙදින විභාගයට ගන්නා ලද්දේ මුලතිව්  මහේස්ත්‍රාත් ආර්. පාර්තීපන්  ඉදිරියේදීය.

මෙම නඩුවට අදාල වාර්තාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කොට නොමති නිසා එම වාර්තාව ඉදිරිපත් වීමෙන් හ සෙසු  වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත්වීමෙන් පසු සති තුනකට පසුව සමූහ මිනී වළේ කැණීම් කටයුතු සඳහා ජනාධිපති අරමුදලෙන් මුදල් ඉල්ලා සිටින්නේද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට  කටයුතු කරන බව මෙහිදී මුලතිව් මහෙස්ත්‍රාත්වරයා පැවසීය.

මේ වන විට කොක්කුතුඩුවායී සමූහ මිනී වළෙන් අස්ථි කොටස්  18 ක්, ගිණි අවි හතරක් හා වෙනත් යුද උපකරණ කොටස් 23 ක් හමු වී තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒවායෙහි පවතින ලක්ෂණ අනුව කොටි සෙබළියන් පිරිසක් මේ ස්ථානයේ මිහිදන් කොට ඇති බවට අනුමාන කෙරෙන අතර විධිමත් රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වෙන තුරු ඒ පිළිබඳ යමක් ප්‍රකාශ කළ නොහැකි බව මුලතිව් මහේස්ත්‍රාත්වරයා මීට පෙර නඩු විභාගයකදී නීතිඥයෙකු නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ප්‍රකාශ කොට තිබේ. කෙසේ වෙතත් දෙමළ දේශපාලනඥයන් පිරිසක් විසින්  සාමාන්‍ය ක්‍රමයට අනුව මෙම සමූහ මිනී වලේ කැණීම් කටයුතු සිදු කිරීමට විරෝධය පලකරමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමකට අනුව කොක්කුතුඩුවායී සමූහ මිනී වලේ කැණීම් කටයුතු අතර මග නවතා දැමීමට අධිකරණ නියෝගයකට අනුව සිදුව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ 54 හැවිරිදි පෙම්වතා ඝාතන සිද්ධියට තවත් සැකකරුවන් 2ක් අත්අඩංගුවට

Next Post

ජාතික වටිනාකමක් ඇති ලේඛන සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නෑ! විගණනයේදී හෙළිවෙයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.