දිනසේන රතුගමගේ
වවුනියාව නෙඩුන්කේණී කීරිසුට්ටාන් ප්රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු ඇත් දළ යුගලක් අලෙවි කිරීමට සුදාන වූ අවස්ථාවේ දී වන ජීවී නිලධාරීන් පිරිසක් විසින් ඊයේ ( 16) ඔවුන්ව අත් අඩංගුවට ගත්තේය.
වන ජීවී නිලධාරීන් කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම ඇත් දළ යුගලය මුලතිව් ප්රදේශයේදී මරා දමන ලද ඇතෙකුගේ ඇත් දළ යුගලයක් බවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 46 හා 47 යන වයස් වල පසුවන අතර ඔවුන්ව වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වන ජීවී නිලධාරීන් පියවර ගෙන තිබේ.







