කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වගකීම් විරහිතව කටයුතු කර තිබෙන කලාප ගුරු උපදේශකවරියක හා විදුහල්පතිවරියක් නිසා මරදාන විහාරමහදේවි පාසලේ ගුරුවරුන් පාසල් දරුවන් හා දෙමව්පියන් දැඩි කොරෝනා අවදානමකට ලක්ව ඇත.
බස්නාහිර අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකවරියක පසුගියදා PCR පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාව පැමිණීමට පෙර ඇය පසුගිය බ්‍රහස්පතින්දා මරදාන විහාරමහදේවි පාසලට පැමිණ තිබේ.
මෙම උපදේශකවරිය පාසලේ ගුරුවරු කැඳවා රැස්වීමක් පවත්වා පාසල් එහෙ මෙහෙ ඇවිද ගොස් ගුරුවරු සමඟ පැය කිහිපයක් එහි රැඳී සිට ඇත.
පාසලේ රැඳී සිටි අවස්ථාවේ දී ද ඇය තමන්ට හිසේ අමාරුව, උගුරේ අමාරුව හා උණ තිබෙන බව පවසා ‘තමන්ට කොරෝනා ද දන්නෙ නෑ’ කියමින් ගුරුවරුන් සමග විහිලු සපයා ඉන් පිටව ගොස් ඇත.
ගුරු උපදේශකවරිය පාසලට පැමිණි දින හා ඊට පසුදින දින සිකුරාදා ගුරුවරු මෙන්ම මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින දරුවන් රැසක් පාසලට පැමිණ තිබේ.
උපදේශකවරිය පාසලට පැමිණ දිනකට පසු ඇගේ PCR වාර්තාව ලැබීමෙන් පසු ඇයට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ ඇය ඒ බව පාසලට පෙන්වා විදුහල්පතිවරුන්ට නිල වශයෙන් නොදන්වා ඇගේ හිත මිතුරියකට පවසා ඇත.
මේ තත්ත්වය මත පසුගිය සදුදා සිට දරුවන්ට නිවාඩු ලබාදී ඇති විදුහල්පතිවරිය උපදේශකවරියට කොරෝනා වැළඳී ඇති බව වසන් කරමින් පාසලේ ගුරුවරු අඛණ්ඩව විවිධ වැඩ කටයුතු සඳහා දිනපතා පාසලට කැඳවමින් සිටී.
කොරෝනා භීතිය නිසා තමන්ට පාසලට පැමිණිය නොහැකි බව ඇතැම් ගුරුවරු විදුහල්පතිනියට දැනුම් දී තිබුණත් ඇය ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා කියන්නේ බිය වියයුතු රෝගයක් නොවන බැවින් දිනපතා පාසලට පැමිණෙන ලෙසයි.
මෙවැනි වගකීම් විරහිත ගුරු උපදේශකවරිය හා විදුහල්පතිවරිය නිසා ඉදිරියේ මහා විනාශයක් වී සිදුවිය හැකි බව පාසලේ ගුරුවරුන් මෙන්ම දෙමවුපිය ගුරුවරු මෙන්ම දෙමව්පියෝ ලංකාසරට පැවසීය.
මේ පිළිබඳ විදුහල්පතිනියගෙන් ලංකාසර කළ විමසුමකදී ඇය කියා සිටියේ තමන්ට ඒ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
මේ පිළිබඳව තවදුරටත් කරුණු සොයා බැලීම සඳහා බස්නාහිර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සමඟ ලංකාසර කළ විමසුමකදී ඔහු කියා සිටියේ ගුරු උපදේශිකාව PCR පරීක්ෂණයකට ලක් ව තිබියදී ඇය පාසලට පැමිණීම වරදක් නමුත් පාසලේ කිසිවෙකු මෙතෙක් කොරෝනා පොසිටිව් වී නැති නිසා පාසලේදී රාජකාරි කටයුතු සඳහා ගුරුවරු ගෙන්වීමට සිදුව ඇති බවයි .