දිනසේන රතුගමගේ-
-
කුරුන්දි විහාරය කියන්නේ ක්‍රිස්තු පූර්ව යුගයේ සිට විකාශනය වූ බෞද්ධ ආරාමයක්… කුරුන්දි අටුවාව ලියන්නේ මේ පුද බිමේ… යුද්ධය ආරම්භවන තුරු මේ පුද බිමේ බෞද්ධ වතාවත් කෙරිලා තියනවා…
මුලතිව් – තන්නිමුරිප්පුවේ පිහිටා ඇති ඓතිහාසික කුරුන්දි පෞරාණික විහාරය හෙවත් වර්තමානයේ කුරුදුමලේ විහාරස්ථානයට අයත් ඉඩමට නීති විරෝධී ලෙස ඇතුලු වී කෘෂිකාර්මික කටයුතු සදහා සී සාමින් සිටි පුද්ගලයින් තුන් දෙනෙකු මුලතිව් පොලීසිය විසින් ඊයේ ( 10 ) අත් ආඩංගුවට ගත්තේය.
සී සාමින් සිටි පුද්ගලයින් පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ එම ඉඩම ඔවුනට අයත් නිසා සී සෑමේ කටයුවල නිරත වූ බවයි.
නමුත් කුරුදුමලේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් පොලීසියට පවසා ඇත්තේ ගොවීන් පැමිණ බලහත්කාරයෙන් සී සෑමේ කටයුතුවල නිරත වූ ඉඩම විහාරස්ථානයට අයත් ඉඩමක් වන බවය. මේ ඉඩම වෙන් කරන්නේ පුරාවිද්‍යාත්මක ගවේෂණයකින් අනතුරුවය. 
මෙම ගවේෂණයෙන් අනතුරුව නියමිත පරිදි මායිම් ගල්ද ඓතිහාසික පුදබිමට විද්‍යානුකූල සාධක මත මෙම ඉඩම් කොටස් වෙන් කර තී තිබිණි. එසේ තිබියදී නීති විරෝධී ලෙස තන්නිමුරුප්පුව ගම්මානයේ වැසියන් පිරිසක් පැමිණ සී සෑමේ කටයුතු වල නිරත වූ නිසා පොලීසිය දැනුවත් කොට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව විහාරාධිපති හිමියෝ දන්වා සිටිති.
මෙම සැකකරුවන් තුන් දෙනා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරුවන් තුන් දෙනා සමග සි සෑමේ කටයුතු සදහා යොදා ගන්නා ලද ටැක්ටරයද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.







