සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විසි පස් වසරකට හිරේ යන ක්‍රිප්ටෝ කරන්සි රජුගේ කතාව…

by lankasara-editor
මාර්තු 30, 2024 - Updated on මාර්තු 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

අසාර්ථක වූ ක්‍රිප්ටෝ හුවමාරු සමාගමක් වන FTX හි සම නිර්මාතෘවරයෙකු වන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට, ඔහුගේ සමාගමේ ගනුදෙනුකරුවන්ට සහ ආයෝජකයින්ට වංචා කිරීමේ වරදට වසර 25 ක සිරදඬුවමක් නියම කර ඇති බව වාර්තා වනවා. සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හැඳින්වෙන්නේ ක්‍රිප්ටෝ කරන්සි රජු ලෙසයි.

සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ්

FTX ට්‍රේඩිං ලිමිටඩ් එනම් සාමාන්‍යයෙන් FTX ලෙස හැඳින්වෙන සමාගම,  වංචාකාරී මුදල් හුවමාරුවක් සහ ක්‍රිප්ටෝ හෙජ් අරමුදලක් පවත්වාගෙන ගිය වර්ථමානය වනවිට බංකොලොත්  බවට පත් වූ සමාගමක්. 2019 වසරේ දී  සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් සහ ගැරී වැන්ග් විසින් ආරම්භ කරන ලද එම සමාගම 2021 වසරේ ජූලි මාසය විට මිලියනයකට අධික පරිශීලකයින් සිටි තුන්වන විශාලතම මුදල් හුවමාරු කිරීමේ සමාගමක් ව පැවතියා.එහි මූලස්ථානය බහමාස් හි පිහිටා තිබෙනවා.

2022 වසරේ FTX සමාගමේ බිඳ වැටීම සිදු වූ අතර එලෙස බිඳ වැටීමට පෙර ෆ්‍රයිඩ් ගනුදෙනුකරුවන්ගෙන් බිලියන ගණනක් සොරකම් කර ඇති බව සොයා ගැනීමට හැකිව තිබෙනවා. වාර්තා වන පරිදි, ඔහු ගනුදෙනුකරුවන්ගෙන් ඩොලර් බිලියන 8 කටත් වැඩි ප්‍රමාණයක් ලබා ගත් ආකාරය සහ දේපළ මිලදී ගැනීමට මුදල් යෙදවූ ආකාරය විස්තර කරන ලද නඩු විභාගයකින් පසුව වංචා සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ කුමන්ත්‍රණය ඇතුළු චෝදනා මත නිව්යෝර්ක් හි ජූරි සභාවක් විසින් පසුගිය වසරේ ඔහු වරදකරු කර තිබෙනවා. 32 හැවිරිදි වියේ පසුවන සෑම් ෆ්‍රයිඩ් වරක් ෆෝබ්ස් සඟරාව මඟින් 41 වන ඇමරිකානු ධනවතා ලෙස ශ්‍රේණිගත කිරීම්වල දක්වා තිබූ බව සඳහන් වනවා.

කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා දින ඔහුගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ විනිසුරුවරයා ෆ්‍රයිඩ්ගේ හැසිරීම පිළිබඳව දක්වමින් එය වැරද්දක් බවත් සාපරාධී ක්‍රියාවක් බවත් ඔහු දැන සිටි නමුත් ඔහු කිසිවක් පිළිනොගන්නා බව පවසා තිබෙනවා. සැබවින්ම ෆ්‍රයිඩ් තම ගනුදෙනුකරුවන්ට සිදු වූ පාඩු පිළිබඳව තමා ශෝක වන බව පවසා ඇතත්, තමා කල අපරාධය ගැන කිසිවිටෙක පසුතැවිලි වන බවක් ප්‍රකාශ කර නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. ඔහුට ලැබුනු වසර 25 ක සිර දඬුවම, බරපතල සිර දඬුවමක් වන නමුත් එය ඇමරිකානු රජයේ නිල මාර්ගෝපදේශය යටතේ ඔහුට ලැබිය යුතුව තිබූ වසර 100 ක සිර දඬුවමට වඩා බෙහෙවින් අඩු බව සඳහන් ව තිබෙනවා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ෆ්‍රයිඩ් ගේ දඬුවම් ප්‍රකාශයේදී විනිසුරු පවසා තිබුනේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීම අනවශ්‍ය නමුත් අනාගතයේ අපරාධ සිදු කිරීමෙන් වැලැකීමට ප්‍රමාණවත් වන දඬුවමක් ඔහුට ලැබිය යුතු බවයි. මොහු අනාගතයේදී ඉතා නරක යමක් කිරීමට හැකි තත්වයකට පත්වීමේ අවදානමක් පවතින අතර එය කිසිසේත්ම සුළු අවදානමක් නොවන බව විනිසුරුවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.   වින්දිතයින්ට වන්දි ලබා දීමට ඩොලර් බිලියන 11 ක් ගෙවීමට ද ඔහුට නියෝග කර තිබෙන අතර ඔහුගේ ඇතැම් වත්කම් රජය දැනටමත් අත්පත් කර ගෙන ඇති බව ත් වාර්තා වනවා. සෑම් ෆ්‍රයිඩ් තීන්දුව පිළිබඳව ප්‍රතිචාරයක් දක්වා නැති බව සඳහන් වනවා.

දඬුවම් නියම කිරීමට පෙර ඔහු විසින් වැරදි කළමනාකරණය සම්බන්ධ ව වරද පිළිගෙන ඇති නමුත් සමාගම බිඳවැටෙන අවස්ථාවේ ගනුදෙනුකරුවන්ට ආපසු ගෙවීමට FTX හට හැකියාව තිබූ බවට පවසා තිබෙනවා. එමෙන්ම ගැරී වැන්ග් ඇතුළු සමාගමේ නිලධාරීන් ද හිටපු සේවකයින් ද කලකිරීමට පත් කිරීම ගැන කණගාටු වන බවත් ඔහු සඳහන් කල බව දැක්වෙනවා. FTX සමාගම බිඳ වැටෙන විට එහි 300 කට ආසන්න පිරිසක් සේවය කරමින් සිට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

ෆ්‍රයිඩ් ගේ දෙමව්පියන් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඔවුන් හදවතින් කම්පා වී සිටින අතරම තම පුතා වෙනුවෙන් දිගටම සටන් කරන බවයි. එමෙන්ම සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් ගේ නීතිඥයන් ඔහු වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් වනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෛත්‍රීට පාස්කු ප්‍රහාරය ගැන කී අද්භූද අමුත්තා සොයා අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව CCTV පරික්ෂා කරයි…

Next Post

වව්නියාවේ සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් ඉෆ්තාර් උත්සවයක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.