ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ජාතික ජන බලවේගයේ සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු ධූර අපේක්ෂක් ලෙස තරග වැදුණු සමන්ත රණසිංහ ජාතික ජන බලවේගයේ රඹුක්කන ආසන සංවිධායකවරයා විය.







