බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිරන්ති සන්නසකින් මානෙල්වත්ත නාගනන්ද බෞද්ධ මධ්‍යස්ථානයට පූජා කළ බව කී ඉඩම් කොටස් නැවත ඇයම පිටට විකුණලා…

by editor
අප්‍රේල් 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශිරන්ති රාජපක්ෂ විසින් මානෙල්වත් නාගනන්ද බෞද්ධ විහාරයට තමන් විසින්ම සන්නස් පත්‍රයකින් පූජා කළ බව ප්‍රකාශිත ඉඩම් ඉඩම් කැබලි ප්‍රමාණයක් එම ප්‍රදානයෙන් වසර 11කට පසු දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයෙකුට නැවතත් විකිණීම සම්බන්ධව ආන්දෝලනනයට ලක් වූ ප්‍රශ්නයට අදාල ලේඛණ සමූහයක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් අද (09)පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

මින් පෙර මෙම ඉඩමට අදාල පත් ඉරු ප්‍රමාණයක් ද ඔහු විසින් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබිණි.

මේ වනවිට සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විමර්ශනයක් අරඹා ඇති බවත්, අදාල සියලුම තොරතුරු විමර්ශන අංශ වෙත ලබා දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

ඔහු අද පාර්ලිමේන්තුවේ දී මෙසේ ද කීවේය.

පහුගිය දිනවලදිත් මගේ නම සඳහන් කරමින් ඉඩමක් සම්බන්ධයෙන් කරුණක් මතු කළා. ඒ වගේම මාධ්‍යවලත් මේ සම්බන්ධයෙන් මට විවිධ චෝදනා කළා.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මා මීට කලින් දවසකත් මේ ඉඩමේ පත්ඉරු සභාගත කරමින් මේ ඉඩමේ අයිතිය පිළිබඳව කරුණු දැක්වුවා. ඇත්තටම ඒ ඉඩම ඉතාම පැහැදිලිව එක ඉඩම් ප්‍රමාණයක් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නමටත් ඉතිරි සියලුම ඉඩම් කොටස් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ නමත් තමයි මේ ඉඩම් කොටස් පත්ඉරුවල සටහන් වෙලා තියෙන්නේ.

ඉන් අනතුරුව 2023 ඔක්තොම්බර් මාසේ 10 වැනිදා මෙම ඉඩම් කොටස් සියල්ල දෙහිවල එස්. ද එස්. ජයසිංහ මාවතේ පදිංචි සමරරත්න කොඩිකාර කියන මහත්මයෙකුට නැවත ලියලා දීලා තියනවා විවිධ මිල ගණන්වලට.

දැන් මේ ඉඩමේ පසුගිය දිනවල මා වෙත ලැබුණා මේ ඉඩමේ සන්නස් පත්‍රය. සන්නස් පත්‍ර 08ක් තියනවා මෙතෙන. ශ්‍රී ලංකාද්වීපයේ දක්ෂිණ පලාතේ තංගල්ල මාතර පාර කාල්ටන් නිවසේ පදිංචි ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය විසින්.. (ආදී වශයෙන්)…. ශ්‍රි ලංකා බස්නාහිර පළාතේ කැලණිය පුරවරයේ මානෙල්වත්තේ පිහිටි ශ්‍රී නාගනන්ද ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථාන ආයතනයට 2012 පෙබරවාරි මස 05වන දින කොළඹ දී අත්සන් තබා ප්‍රදානය කරන ලද වගයි…” කියලා.

මම මේ සියලුම සන්නස් පත්‍ර මේ මොහොතේ සභාගත කරනවා. මොකද එකක් මෙතන එක්කො මේ මානෙල්වත්ත නාගනන්ද බෞද්ධ මධ්‍යස්ථානය සතු ඉඩම් ටික ශිරන්ති රාජපක්ෂ 2023 ඔක්තොම්බර් මාසේ 10 වැනිදා එක්කො වංචාසහගත ලෙස විකුණලා තියනවා. එහෙම නැතිනම් මේ සන්නස් පත්‍ර කියලා කියන්නේ සම්පූර්ණ වංචාවක් කරලා තියනවා. මේ ස්වාමීන්වහන්සේලාත් නොමග යවලා තියනවා.

ඒ වගේම තමයි මා සතුව තිබෙනවා 2023.07.12 වැනිදා රුපියල් 23,000ක ලයිට් බිලක් ගෙවලා තියනවා ස්වාමීන්වහන්සේ නමක් විසින් මිහිඳු අරණ, මහින්දාරාමය, ඉහළ යාගොඩ, ඉඹුල්ගොඩ කියන ලිපිනය සහිතව විදුලි බිල් ගෙවලා තියනවා.

විදුලි බිල් ස්වාමීන්වහන්සේලා ගෙවලා තියනවා. ඒ අතර 2023 ඔක්තොම්බර් මාසයේ 10 වැනිදා මේක විකුණලා තියනවා සරමරත්න කොඩිකාර කියලා මහත්මයෙකුට. මේ අතරෙ දැවැන්ත වංචාවක් තියනවා.

ඊයේ ඉතාම වැදගත් පනතක් සම්මත වුනා. ඒ පනත හරහා මෙවැනි අනීතික කටයුතුවලට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පුලුවන්. මම මේ වනවිටත් සීඅයිඩී විමර්ශනයක් වෙනවා. මේ සියලු ලියකියැවිලි සීඅයිඩී එකට භාර දෙන්න මා සූදානම්.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිය ගිය NPP මන්ත්‍රී කෝසල වෙනුවට සමන්ත රණසිංහ පාර්ලිමේන්තුවට…

Next Post

අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් හෙට ජනපති – පක්ෂ නායක හමුවක්!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.