කීර්ති ප්රනාන්දු –
අලුත් අවුරුදු චාරිත්ර ද පසෙක දමා වාහන වලට පෙට්රල් ලබා ගැනීම සඳහා අති විශාල පිරිසක් අද(( 14 )දින උදෑසන සිට පෝලිම්වල රැඳී සිටින අයුරු ගම්පහ පුරාම දක්නට ලැබිණි. මේ දෙවලපොල ඉන්ධන පිරවුම් හල අසල අවුරුදු උදාවේ දක්නට ලැබුණු දසුනය.
මේ සමහර පිරිස් ඉන්ධන පොලිමට පැමිණ තිබුණේ අද අළුයම 5ට ය. මෙම පිරිස් අලුත් අවුරුදු උදා වන විටත් අවුරුදු නැකත් චාරිත්ර සිදුවන අවස්ථාවේදී නිවෙස් වලට නොගොස් තම වාහන වලට ඉන්ධන ලබා ගැනීම සඳහා මෙසේ පෝලිමේ රැඳී සිටියහ.
ඉන්ධන පිරවුම් හලේ සිට කිලෝමීටරයක පමණ දුරට දිගු වාහන පෝලිමක් පැවතිනි. මේ හේතුවෙන් මහනුවර කටුනායක මාර්ගයේ ධාවනය වන රථ වාහන වලට ද බාධා එල්ල විය.








