ලබන 18 වැනිදා ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය පොලී වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 78ක මුදලක් ගෙවීමට නියමිත වන අතර එම එදිනෙන් පසු එලඹෙන දින 30ක තුළ ගෙවීම පැහැර හැරියහොත් ශ්‍රි ලංකාව වසර 74ක නිදහසින් පසු ඉතිහාසයේ නිල වශයෙන් ණය පැහැර හැරිය පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්විමට නියමිතය.
මේ වනවිට ශ්‍රි ලංකාව නිල වශයෙන් ණය ගෙවීම පැහැර හරින බවට නිවේදනය කර ඇති පසුබිමක් තුළ ලබන මෙම ණය ගෙවීම් පැහැර හැරෙනු ඇතැයි මූල්‍ය අංශ ආරංචි මාර්ග විශ්වාසය පළ කරයි.
මේ වනවිට ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන දෙකක් වන ෆිච් රේටිං සහ එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටිං ආයතනය ශ්‍රි ලංකාව ණය ගෙවීම් හපැහැර හරින රටක් ලෙසට වර්ගීකරණය කර ඇත. ඔවුන් මෙම වර්ගීකරණයට අදාළ පියවර ගනු ලැබුයේ මේ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය නිවේදනය කිරීමෙන් අනතුරුවය.
එ අනුව ෆිච් රේටිං ආයතනය ශ්‍රි ලංකාව වර්ගිකරණය කර ඇත්තේ ණය ගෙවීම් පැහැර හැරීමට ආසන්න තත්ත්වයේ සිටින රටක් ලෙසිනි. එසේම එස් ඇන්ඩ් පී ආයතනය ණය ගෙවීම් පැහැර හැරීම නිශ්චිතව පෙනෙන මානයේ පවතින බවට අඟවා ඇත.
එම ආයකනය තවදුරටත් පවසා ඇත්තේ බොහෝ විට ශ්‍රී ලංකාව ලබන සඳුදා ගෙවීමට නියමිත පොලී මුදල ගෙවීම පැහැර හරිනු ඇති බවය.







