-
කිසිම සංවිධානයකට දේශපාලනයකට සම්බන්ධ නැති කෙනෙක් මම. එතෙන්ට ගියේ සාමාන්‍ය මිනිස්සු බඩගින්නෙ එතෙන්ට රොක් වෙනවා දැකලා…
-
හොඳටම ගහලා ටයර් එකක යවන්න ඕන කියලා කිව්වා… ඔලුවට තුන් පාරක් පොල්ලකින් ගැහුවට පස්සේ එස්.ටී.එෆ් නිලධාරියෙක් මාව ආවරණය කරගත්තා..
-
මාව දාපු තැන හොඳටම ගහපු පිරිස 21 දෙනෙක් හිටියා. ඔවුන්ගෙන් සමහරෙකුට මළ මුත්‍රා පහවෙලා තිබුණා..
-
ව රටේ හමුදාවට ආරක්ෂක අංශවලට එරෙහිව මානව හිමිකම් යන්න පුද්ගලිකව මගෙ කැමැත්තක් නෑ… ඒක මම මගෙ නීතිඥවරුන්ට කිව්වා…
මිරිහානේ දී ලෝකයට ඇහෙන්නට ජනතා අරගලයක හැඩය කියා දුන් කොල්ලා සිය අත්දැකීම උපුල් ශාන්ත සන්නස්ගල සමග බෙදාගෙන තිබිණි.
කුඩා සපත්තු නිශ්පාදන ආයතනයක් ස්වයං රැකියාවක් ලෙස පවත්වාගෙන යන මේ 31 හැවිරිදි තරුණයාට පහර දෙමින් අරගෙන ගොස් ගිනි ගත් බස් රථය අසල දී බිම දැමූ ආරක්ෂක නිලධාරීන් පයින් පහර දී තිබුණේ ගිනිගෙන අලුවූ ටයර් එකක් මත දමා“ තොපිට හොඳ ටයර් තමයි “ යැයි කියමිනි.
මේ අතර නැගී සිටි ඔහුට සිවිල් ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයෙක් පොල්ලකින් හිසට පහර දෙද්දී එස්.ටී.එෆ් නිලධාරියෙක් ඔහුව ආවරණය කරගෙන ඔහුගේ ජීවිතය බේරා දුන් ආකාරය ඔහු බියකින් තොරව විස්තර කරන්නේය.
එමෙන්ම ඔහු මෙන්ම ප්‍රහාරයට ලක් වූ තරුණයින් 21 දෙනෙක් යුද ටැංකියක් වැනි රථයක දමා සිටි අයුරුත්, ඒ අයගෙන් පිරිසකට මළ මුත්‍රා පහව ගොස් සිටි අයුරුත් ඔහු කියන්නේය.
උපුල් ශාන්ත සන්නස්ගල විසින් පලකළ එම සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.