මිය යන මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් ඇති බව යුක්රේනය කියයි.
ගිනිකොන දෙසින් ඊසානදිග කාර්කිව් සහ මරියුපොල් ඇතුළු නගර කිහිපයක් දැඩි රුසියානු ප්‍රහාරයකට ලක් වෙමිනි. රටේ දකුණේ ප්‍රධාන වරාය නගරයක් වන මරියුපෝල්හි “දැඩි ජීවිත හානි” වාර්තා වී ඇති බව අල් ජසීරා ප්රවෘත්ති සේවය වාර්තා කළේය.
ලෝකයේම අවධානයට යොමු වුණු කිලෝමීටර 40ක් දිගු අතිවිශාල රුසියානු හමුදා රථ පෙළක් දැන් කියෙව් අගනුවරට කිලෝමීටර් 25 ක් පමණ උතුරිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව 8,70,000 කට වැඩි යුක්රේන ජාතිකයන් පිරිසක් වෙනත් රටවල ආරක්ෂාව පතා යුක්රේනයෙන් පලා ගොස් ඇත.
මොස්කව් යුක්රේනය ලෝක සිතියමෙන් මකා දැමීමට සැරසෙන බව යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි පැවසුවේය.







