මැයි මස 09 වැනි දින පිළියන්දල ප්‍රදේශයේ සිදුවූ කළහකාරි සිද්ධීන් කීපයකට සම්බන්ධ යැයි සැක පිට සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන්ද මෙල් පිළියන්ද පොලිසිය විසින් ඊයේ (07) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද සවස කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පිළියන්දල පොලිසියේ ඉහළ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම ක්‍රියාකාරියෙක් හා ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් වූ සිරිනාල් ද මැල්ගේ පුතෙක්වන ගයාන් ද මැල් මීට වසර දෙකකට පමණ ඉහත දී සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් වී ඇත.
පසුගිය 09 වැනිදා පිළියන්දල සිදුවී කලහාකාරි සිද්ධි කීපයක් ඔහු විසින් මෙහෙයවා ඇති බවට පිලියන්දල පොලිසිය විසින් කළ පරීක්ෂණයකින් හෙළි වීමෙන් පසු ගයාන් ද මැල් මෙසේ අත්අඩංගුවට පත් වී තිබේ.







