ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (LIOC) ශ්‍රී ලංකාවේ තවත් ඉන්ධන පිරවුම්හල් විවෘත කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවසර ලබා දී ඇති බව එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සඳහන් කර ඇත.
ඒ අනුව දිවයින පුරා නව LIOC පිරවුම්හල් 50ක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව කළමණාකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.
LIOC සමාගම නිවේදනය කරන්නේ විදේශ විනිමය අර්බුදයක් පැන නගින මෙහෙයුම් අභියෝග හමුවේ වුවද 2022 ජූනි මාසයෙන් අවසන් වූ කාර්තුව තුළ සමාගම ආදායම් සහ ලාභයේ සැලකිය යුතු වර්ධනයක් සමඟ ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කර ඇති බවය.







