බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මැදමුලන වලව්වේ දඩ බල්ලා” ගේ මරණීය දණ්ඩනය ස්ථිර වෙයි… ජුලම්පිටිය අමරේ ගේ මරණ දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි…

by editor
නොවැම්බර් 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

“මැදමුලන වලව්වේ දඩ බල්ලා” ලෙස තමන් තමන්වම හඳුන්වා ගත්  ජී.පී අමරසිරි හෙවත් ජුලම්පිටිය අමරේ නමින් කුප්‍රකට පුද්ගලයාට තංගල්ල මහාධිකරණය විසින් ලබා දී තිබූ මරණ දඬුවම අද (20) අභියාචනාධිකරණය විසින් තහවුරු කර තීන්දුවක් නිකුත් කරනු ලැබුවේය.

ජුම්පිටිය අමරේට තංගල්ල මහාධීකරණය මරණීය දණ්ඩනය නියම කරන්නේ කටුවන හැඩිවත්ත පින්නමණ්ඩිය ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට ප්‍රහාරයක් එල්ල කර වෙඩි තබා පුද්ගල ඝාතන දෙකක් සිදුකර තවත් පුද්ගලයෙකුට මරණීය තුවාල සිදුකිරීමේ අපරාධයට වරදකරු කරමිනි.

2012. 06.15 වැනිදා කටුවන හැඩිවත්ත ප්‍රදේශයේ ලියනගේ රන්ජිත් නැමැත්තාගේ නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක වත්මන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කතාවක් කරමින් සිටියදී ජුලම්පිටිය අමරේ ඇතුළු මැර කණ්ඩායමක් යතුරුපැදිවලින් එම රැළියට කඩා වැදී ටී.56 ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතන සිදුකර තිබිණි.

අමරේ වෙඩි තබා තිබුණේ ” යකෝ… මම තමයි මැදමුලන වලව්වේ දඩ බල්ලා… තොප් පුලුවන්නම් වරෙව්. කවුද මේක සංවිධානය කරපු උන්” යැයි පවසමිනි. වෙඩි වැදී 50 හැවිරිදි එදිරිමාන්නගේ මාලනී නැමැති මවක් ද ජේ.පී. නිමන්ත ග්‍රේෂන් නැමැති 18 හැවිරිදි තරුණයෙක් ද මිය ගොස් තිබිණි. බරපතල තුවාල ලැබුවේ 26 හැවිරිදි ප්‍රදීප් සාරංග නැමැති තරුණයෙකි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

2019.11. 07 වැනිදා මෙම තීන්දුව තංගල්ල මහාධිකරණය විසින් ලබා දෙන්නේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය. එවකට තංගල්ල මහාධිකරණ විනිසුරුවරයා වූයේ ආර්.එස්.එස්. සපුවිද ය.

මෙම තීන්දුව ප්‍රකාශ කළ පසු ජුලම්පිටිය අමරේ විසින් අභියාචනාවක් ගොනු කරන්නේය. අමරේ එම අභියාචනාව ගොනු කරන්නේ තමන් වෙත මරණීය දණ්ඩනය නියමකරමින් තංගල්ල මහාධිකරණය නිකුත් කර ඇති තීන්දුව බල රහිත කර තමන් සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමිනි.

ජුලම්පිටිය අමරේ විසින් ගොනු කළ අභියාචනාව විභාග කළේ අභියාචනාධිකරණ විනිසුරු සම්පත් බී අබේකෝන් හා පී.කුමාරරත්නම් ය. විනිසුරු මඩුල්ල අභියාචනාව ප්‍රතික්ෂේප කරමින් තංගල්ල මහාධිකරණය ජුලම්පිටිය අමරේට ලබාදුන් මරණ දඬුවම තහවුරු කරමින් තීන්දුව ලබා දුන්නේය.

හම්බන්තොට මහාධිකරණය විසින් නීතිපතිවරයා ගොනු කළ අධි චෝදනා 09කට ජුලම්පිටිය අමරේ වැරදිකරු කර තිබිණි. අභියාචනාධිකරණය කීවේ අපරාධය සම්බන්ධව අමරේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා 1 සිට 5 දක්වා වු චෝදනාවලට ඔහුව වරදකරු කර ඇත්තේ ඉදිරිපත් වු සාක්ෂි සහ සමස්ථයක් ලෙස නීතියේ මූලධර්ම මනසේ තබාගෙන ඒවා විශ්ලේෂණය කිරීමෙන් පසුව බව අභියාචනාධිකරණය පැවසුවේය.

එමෙන්ම විත්තකරු වරදකරු කර තිබුණු 06, 07, 08 සහ 09 යන චෝදනා හතරට තංගල්ල මහාධිකරණය නියම කර තිබූ දඬුවම් අත්හිටුවීමට ද අභියාචනාධිකරණය නියෝග කළේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රනිල්ගේ බාර් පර්මිට් කෙළිය උසාවියට…

Next Post

ඉවත් කරන්න යන බව කියන යුද හමුදා කඳවුරේ ඇත්ත කතාව…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.