මාර්තු මස 09 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට පසුගිය සිකුරාදා රැස් වූ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් තීරණය කිරීමෙන් අනතුරුව එම මැතිවරණය පැවැත්වෙන සංශෝධිත දිනය අද (03) ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබේ.
කොමිසම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සංශෝධිත දිනය අද ප්‍රකාශයට පත් කරනු ඇත්තේ රටේ පවතින මූල්‍ය තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයන්ට පැමිණීමෙන් අනතුරුව බව වාර්තා වේ.
අද පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් රැස්වන අතර දහවල් වන විට මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.







