ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙස කටයුතු කර විශ්‍රාම ගිය අමල් හර්ෂ ද සිල්වා විශ්‍රාම ගිය දිනයේ ක්‍රිකට් බලධාරීන්ට වාසි වන පරිදි නිලවරණය සම්බන්ධ ලියවිල්ලකට අමාත්‍යවරයාටත් හොරෙන් අත්සන් තබා ගොස් ඇතැයි අනාවරණය වේ.
ඊට පෙර මෙම අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් නොකර 20 විස්ස ලෝක කුසලාන නැරඹීම සඳහා ඔස්ට්‍රේලියාවට යාමට ක්‍රිකට් විධායක සභාවේ පිරිසකට අවසර ලබා දී ඇතැයිද හෙළි වී ඇත.
අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ක්‍රිකට් ආයතනයේ එක්තරා නිලධාරියකු දිගින් දිගටම රහසින් ඔහු හමුවී කරන ලද බලපෑමක් නිසා බවද ලංකාසරට වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් වීමට පෙර පාපැදි සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කළ අවදියේදීද මොහුට එරෙහිව පැමිණිලි රැසක් තිබිණ.
කෙසේ වෙතත් මේ ලේකම්වරයාගේ හැසිරීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ඉදිරියේ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර හිටපු ලේකම් වරයාට මෙසේ ලිපියකට අත්සන් තැබීම සඳහා උපදෙස් ලබා දී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාගේම උපදේශකයකු බවද දැන ගන්නට තිබේ.
මෙම උපදේශකවරයා ක්‍රිකට් බලධාරීන්ගේ සමීප හිතවතකු බවද වාර්තා වේ.
මින් පෙර වෙනත් අමාත්‍යාංශ ලේකම්වරයකු අමාත්‍යාංශයේ අරමුදල් වලින් තම හිතවතුන් පිනවීම සඳහා ලක්ෂ ගණනක් වියදම් කොට ටග් යාත්‍රා සවාරියක් සංවිධානය කර දීමේ පුවතක් ද හෙළි වී තිබිණි.
දූෂිත නිලධාරීන් දේශපාලකයින් ද ගෙල ග්රහයෙන් ගෙන ස්වකීය ව්‍යාපෘති නිදහසේ කරගෙන යන බව මේ සම්බන්ධව අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන සේවයේ උසස් නිලධාරියෙක් ලංකාසරට පැවසීය.







