සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම් කොමිසමේ පෙත්සම සලකා බැලීම නිමා වනතුරු විදුලිය කපන්නෙ නෑ… ලංවිම අධිකරණය හමුවේ පොරොන්දු වෙයි!

by editor
පෙබරවාරි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම අවසන් කරන තුරු විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවට ලංකා විදුලි බල මණ්ඩලය අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

ඒ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ එම අධිකරණයට අපහාස කිරීමේ නඩුව පී. පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.

මෙවර උසස් පෙළ විභාගය අවසන් වන තුරු කිසිදු ආකාරයකින් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසට තමත් ලබාදී තිබු තීන්දුව උල්ලංඝණය කරමින් විදුලිබල බලධාරීන් කටයුතු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ගොනුකරනු ලැබුවේ පසුගිය 30 වැනි දා ය.

ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා එම පොරොන්දුව ලබා දෙමින් අධිකරණයට පෙන්වා දුන්නේ, මේ වන විටත් ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කළ පරිදි කිසිදු ආකාරයකින් විදුලිය විසන්ධි කිරීමක් එම කාලය තුළ සිදු නොකරන බවයි.

කෙසේ වෙතත් මෙහිදි විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අඛණ්ඩ විදුලිය ලබා දෙන කාලසීමාව ලෙස අදහස් කර තිබුණේ අපේක්ෂකයින් විභාගයට පිළිතුරු ලියන කාල සීමාව බව පෙනුනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පසුගිය 30 දා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මානව හිමිකම් කොමිෂන් සභාව මෙම නඩුව ගොනු කර තිබුණේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට එරෙහිවය.

2023 ජනවාරි 23 වැනි දින සිට පෙබරවාරි 17 වැනි දින දක්වා උසස් පෙළ විභාගයට අදාළ කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති කොමිසම හමුවේ ඇති කර ගත් එකඟතාවට අවනත වී නොමැති වීම හේතුවෙන් මෙම කොමිසම අධිකරණය හමුවට ගියේය.

මානව හිමිකම් කොමිසම පෙන්වා දුන්නේ 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා අපහාස කිරීමේ වරදට වරදකරු බවය.

උසස් පෙළ සිසුන්ට විභාග කාලය තුළ අඛණ්ඩ විදුලිය ලබාදීමට අර්ථවත් ක්‍රම ඇති බව කොමිසම හමුවේ පිළිගෙන එම පදනම මත පිහිටා එකඟතාවකට පැමිණියද ලංකා විදුලිබල මණ්ඩලය හිතාමතා සහ ද්වේෂසහගත ලෙස එම සමථය නොතකා විදුලිය විසන්ධි කිරීම අඛණ්ඩව සිදු කළ බවට කොමිසම චෝදනා කර තිබිණි.

විභාග කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට විදුලිබල මණ්ඩලයේ ඉහත සඳහන් සමථය අමු අමුවේ නොසලකා හැරීම ළමා අධ්‍යාපන අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස කොමිසම සැලකුවේය.

ලංවිම රාජ්‍ය නිලධාරීන්ගේ නොගැලපෙන සහ සාහසික හැසිරීම හිතාමතාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහයුක්තියට කළ අපහාසයක් ලෙස කොමිසම සලකන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කීවේය.

මෙම මැදිහත්වීමේ ඒකායන අරමුණ පුරවැසියන්ගේ සහ විශේෂයෙන් උසස් පෙළ අපේක්ෂකයින්ගේ නිසි ගෞරවය සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහතික කිරීම පමණක් බව අවධාරණය කළ කොමිසම රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා අඛණ්ඩව දරන උත්සාහය පිළිබඳව සහතික කර තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

13 එපා… මහා නායක හිමිවරු ජනාධිපති රනිල් වෙත අවධාරණයෙන් යුතුව දන්වති!

Next Post

තානාපතිවරු 24ක් නුවරට ගෙන්වාගෙන ජනාධිපති “අක්ත්‍රපත්‍ර සංදර්ශනයක”… නුවරින් කොටසක් වැසෙයි..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.