13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක නොකරන ලෙස අවධාරණයෙන් යුතුව දැනුම් දෙන බව ත්‍රෛනිකායික මහා මහා නායක හිමිවරු අද (2) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දන්වා සිටියහ.
ජනාධිපතිවරයා අද (2) පෙරවරුවේ මහා නායක හිමිවරුවන් බැහැ දැකීමට මල්වතු අස්ගිරි මහා විහාර වෙත ගිය අවස්ථාවේ දී උන්වහන්සේලා සිය අත්සනින් යුතු මෙම ලිපිය ජනාධිපතිවරයා අතටම භාර දී තිබේ.
රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලු ඇති කරන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත්ම බලාත්මක නොකළ යුතු බවට මහා සංඝරත්නය අවධාරණය කරන බව එම ලිපියෙන් ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.
රට තුළ ඇති ආර්ථික අර්බුදය හමුවේ කලාපීය හා ගෝලීය බලවතුන්ගේ සහයෝගය ලබා ගැනීම උදෙසා යම් කොන්දේසි සහ එකඟවීම් වෙනුවෙන් බලපෑම් එල්ලවුව ද රටේ ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවය අනතුරේ හෙළන මෙවැනි යෝජනා ප්‍රතික්ෂේප කළ යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරන බවත්, රටේ මෙතෙත් සිටි විධායක ජනාධිපතිවරුන් මෙම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක නොකර සිටියේ රටේ ඇතිවිය හැකි අනතුර සම්බන්ධව අවබෝධයෙන් බවත් උන්වහන්සේලා ජනාධිපතිවරයා වෙත දන්වා සිටිති.
මහා නායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය පහත දැක්වේ.