දිනසේන රතුගමගේ –
-
සජීවීව එම දර්ශන යාපනයේ තරුණයින්ට පෙන්වා මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක වැඩ පිළිවෙළක් ගැන යාපනය සංචාරක මගපෙන්වන්නෝ හෙළිදරව් කරති….
යාපනයේ පිහිටි සුප්‍රසිද්ධ සංචාරක හෝටලයක කාමර කීපයක රහස් කැමරා සවි කොට තිබීමේ සිද්ධියකට විරෝධය පලකරමින් යාපනයේ සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය විසින් බලධාරීන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
එම සංගමයේ ලේකම් සී.කාර්තිකන් ප්‍රකාශ කොට ඇත්තේ ඉන්දියාවේ සිට මෑතකදී විවාහයට පත් තරුණ යුවලක් පැමිණ මෙම සංචාරක හෝටලයේ නවාතැන් ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික සිද්ධීන් වල ඡායාරූප රහස් කැමරා වල අධාරයෙන් ලබා ගෙන ඇති බවයි.
ඇතැම් ඡායාරූප සමාජ මාධ්‍යවල පවා සංසරණය වූ බවට චෝදනා කරණ ලේකම්වරයා මේ තත්ත්වය නිසා යාපනයේ සිටින සංචාරක මග පෙන්වන පිරිස දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවද ප්‍රකාශ කරයි.
රහස් කැමරාවල ආධාරයෙන් ලබා ගන්නා දර්ශන යාපනයේ තරුණයින්ට සජීවීව පෙන්වා මෙම සංචාරක හෝටලයේ සංවිධානාත්මක පිරිසක් මුදල් උපයන බවට රාවයක් පැතිර යන බවද එම සංගමය සඳහන් කරයි.
වහාම මේ සංචාරක හෝටලයට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරණ ලෙස යාපනයේ සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ල්ලීමක් කොට තිබේ.