බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාතෘ භූමියේ වගකීම දෙවුර මත දරාගෙන සුබවාදී රටක් ගොඩනැගීමට තරුණයින් ලෙස එක්වන්න…. ජනපති විසිර යන නව STF තරුණයන්ගෙන් ඉල්ලයි!

by editor
අප්‍රේල් 7, 2025
in පුවත්
anura
Share on FacebookShare on Twitter

තරුණ පරම්පරාව මාතෘ භූමියේ වගකීම සිය දෙවුර මත දරා තමාගේ අනාගතයත් රටේ අනාගතයක් සුබවාදී දිශානතියකට ගෙන යෑමට උත්සුක විය යුතු බවත් අද (07) දින ශ්‍රී ලංකා පොලිස් නිත්‍ය සේවයට එක්වීම ශක්තිමත් පියවරක් ලෙස සියල්ලෝම සිහි තබා ගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

නීතියේ විධානය ආධිපත්‍ය රට තුළ තහවුරු කිරීම වෙනුවෙන් සුභවාදී හැරවුමක් අවශ්‍ය බව අවධාරණය කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වූයේ කළුතර කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කඳවුරේ අද (07) පැවති 82වන මූලික පුහුණු පාඨමාලාව හැදෑරූවන්ගේ විසිර යාමේ උත්සවයට එක් වෙමිනි.

තම වෘත්තියට කොතරම් සාධාරණයක් ඉටු කරනවාද, ගෞරව කරනවාද යන්න කෙනෙකුගේ වෘත්තීය ජීවිතය තුළින් නිරූපණය වන බවත්, එම වෘත්තීයභාවය සාක්ෂාත් කර ගැනීමෙන් මෙරටට අවශ්‍ය පරිවර්තනීය වෙනස ඇති කිරීමට දායක වන ලෙසත් ජනාධිපතිවරයා ආධුනික පොලිස් නිලධාරීන්ට ඇරයුම් කළේය.

බොහෝ ක්ෂේත්‍ර බිඳවැටුණු මොහොතක රට පරිවර්තනීය යුගයකට ගෙන යාමට පුරවැසියා දේශපාලන අධිකාරිය වෙනස් කිරීමට කටයුතු කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලන අධිකාරිය පර්වර්තනය කළ පමණින් රටක් සාර්ථක නොවන බවත් සියලු ක්ෂේත්‍රවලම සුබවාදී පරිවර්තනයක අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මහජන අපේක්ෂාවේ භාරය, නවක පොලිස් නිලධාරින්ට පැවරෙන බවද එය ආරක්ෂා කරමින් සංවිධානාත්මක අපරාධවලට, මත්ද්‍රව්‍යවලට මේ රට ගොදුරක් වීමට ඉඩ නොතබන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අවධාරණය කළේය.

හදිසි ආපදා තත්ත්වයක් යටතේ පුරවැසියන් වෙනුවෙන් විශේෂ කාර්ය බලකාය සිදු කර තිබෙන සේවය ඉතා ප්‍රශංසනීය බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මූලික පුහුණුව සාර්ථකව නිම කරන ලද ආධුනික උප පොලිස් පරීක්ෂකවරු 118ක් ආධුනික පොලිස් කොස්තාපල් 231ක් මෙම පෙළපාලියේදී විසිර ගියහ.

පුහුණු පාඨමාලාවේදි විශේෂ දක්ෂතා දක්වන ලද නිලධාරීන්ට සහතිකපත්‍ර සහ සම්මාන පිරිනැමීම ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් සිදු කෙරිණි.

විසිර යාමේ උලෙළට එක් වූ ජනාධිපති අනුර කුමර දිසානායක වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමද මෙහිදී සිදු විය.

විශේෂ බලකායේ නිලධාරීන් විසින් සංග්‍රාමික භූමියේ සිදු කරන මෙහෙයුම් සංදර්ශනයක්ද ඉදිරිපත් කෙරිණි.

“නියතයි ජය ” යන්න සිය තේමා පාඨය කර ගනිමින් 1983 වර්ෂයේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය වර්තමානයේ ප්‍රභූ ආරක්ෂාව, අපරාධ, සංවිධානාත්මක අපරාධ මැඬලීම සහ මතින් තොර රටක් නිර්මාණය කිරීම සඳහා මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමට යොදවා සිටින කීර්තිමත් ඒකකයකි.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහුද, විසිර යන පොලිස් නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැස්බෑව මහ නගර සභාවේ NPP නාමයෝජනා ලයිස්තුවට එරෙහිව SJB උසාවි යයි!

Next Post

අමෙරිකාවේ තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනයට ඉඩකඩ සොයා ගන්න විදේශ කටයුතු ඇමතිවරයා ඇමරිකානු තානාපතිවරිය හමුවෙයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.