මාකිලංගමුවේ සංජීවගේ අපරාධ කල්ලියේ සාමාජිකයන් 23 දෙනෙක් සිටින්නේ ඩුබායි රාජ්‍යයේ බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කරයි.
මාකිලංගමුවේ සංජීවගේ අවශ්‍යතාවය මත කොන්ත්‍රාත් ඝාතනව නිරත වූවන් ඒ අතර සිටින බව ප්‍රශ්නකිරීමේ දී ඔහු හෙළි කර තිබේ.
තියුණු ප්‍රශ්නකිරීම් හමුවේත් ඔහු මෙරට ඔහුගේ මත් කුඩු ජාලය සහ කල්ලියේ සාමාජිකයන් සම්බන්ධව කිසිදු තොරතුරක් හෙළි කර නැති බව විමර්ශන ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් නුදුරේදීම එම තොරතුරු හෙළිකර ගැනීමට හැකි වනු ඇතැයි විමර්ශන කණ්ඩායම් විශ්වාස කරයි.
මේ වනවිට අනාවරණය වී ඇති පරිදි මාකිලංගමුවේ සංජීව නේපාලයේ සහ ඉන්දියාවේ රැඳී සිට ඇත්තේ ඔහු ඩුබායිවලින් පිටුවහල් කර ඇති බැවිනි.
ඩුබායිවලදී ඔහුගේ අක්ෂි සලකුණු පරීක්ෂා කිරීමක් සිදුවන බැවින් ඔහුට ඩුබායි වෙත යළි ප්‍රවේශවිය නොහැකිව තිබුණු බව මාකිලංගමුවේ සංජීව අනාවරණය කර ඇත. – දිනමිණ







