වයඹ පළාතේ අධිකරණයක සේවය කරන මහෙස්ත්‍රාත්වරයකු විසින් පරිහරණය කරනු ලබන නිල රථය පැහැර ගෙන පළාගොස් ඇති අතර මේ වනවිට ඒ පිළිබඳව විමර්ශණ ආරම්භ වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මහෙස්ත්‍රාත්වරයා පිළියන්දල මඩපාත පුදේශයේ පිහිටි සිය නිවසක් විකිණීමට අන්තර්ජාල වෙබ් අඩවියක දැන්වීමක් පළ කර ඇත. එම දැන්වීමට අනුව ඊයේ (11) නිවස පරීක්ෂා කිරීමට නිවස මිලදී ගන්නකු ලෙසින් පැමිණි පුද්ගලයකු විසින් මෙම රථය පැහැර ගෙන ඇති බව සඳහන් වේ.
මෙම පුද්ගලයා මහෙස්ත්‍රාත්වරයාද සමඟ නිවස තුළ ට ගොස් ඇති අතර එහි ඉහළ මාලයේ බැල්කනියක ට ඔවුන් පැමිණි අවස්ථාවේදී එක වරම මහෙස්ත්‍රාත්වරයා නිවස බැල්කනියෙහි සිර වන ආකාරවයට ඊට පිවිසෙන දොරක් අගුලු දමා ඔහුගේ වාහනයේ තුර සහ ඉඩමට පිවිසෙන ගේට්ටුවේ දුරස්ථ පාලක උපකරණය රැගෙන පිටතට පැමිණ ඔහු රථය පණගන්වා ගේට්ටුවද විවෘත කරගෙන වාහනය රැගෙන පළා ගෙස් ඇත.
මේ වනවිට පිළියන්දළ පොලිසිය අදළ වාහන සොරකම පිළිබඳව පරීක්ෂණ පවත්වයි.







