සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහානාමලා පෙන්වා දුන් ඇත්තට ජනපති පයින් ගසයි… පොල්හේන පන්සල් ඉඩමක ක්‍රිකට් ඇකඩමිය හදන්න ඉඩම් ලබා දෙන හඳුන්නෙත්තිගේ දේශපාලන ව්‍යාපෘතිය අනුමතයි!

by editor
ජූලි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් අවංකව කැප වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් නායකවරයෙක් මෙන්ම ජාත්‍යාන්තර පිළිගැනීමට ලක් වූ ක්‍රිකට් පුරාවෘතයක් වු ද,  අයිසීසී තරග තීරකවරයෙක් වූ ද රොෂාන් මහානාම ඇතුළු ප්‍රවීනයින් විශාල පිරිසකගේ දැඩි විවේචනයට ලක්වුන පොල්හේන පන්සල් ඉඩමක ඉදිකිරීමට යන ක්‍රිකට් ඇකඩමිය පිළිබඳ මතුවූ කිසිම සාධනීය විවේචනයක් නොසලකා ඒ සඳහා ඉඩම් නිදහස් කරදීමට අවශ්‍ය සියලුම කටයුතු කිරීමට ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අද පැවති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී තීරණය වුනේය.

ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් පෙන්වා දී තිබුණේ මෙවැනි ක්‍රීඩා ඇකඩමියක් නිර්මාණය කිරීමේ අවංක අවශ්‍යතාවයක් මේ යෝජනාව ඉදිරිපත් කළ සුනිල් හඳුන්නෙත්තිට තිබුණා නම් ඒ සදහා පොල්හේනේ පන්සල් ඉඩම් සොයනවා වඩා වැදගත් ප්‍රවේශයක් තිබුණු බවත් දැනටමත් ක්‍රීඩාව වෙනුවෙන් වෙන් කර ඇති මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගනයක් සංවර්ධනය කරමින් මේ ඉලක්ක පහසුවෙන් සපුරාගත හැකිව තිබුණු බවත්ය.

රොෂාන් මහානාම ඒ පිළිබඳ ජනපතිට මෙසේ ලීවේය.

“පළමු පෙළ සිට පාසල් මට්ටම දක්වා, විශේෂයෙන් දකුණු කලාපයේ මොරටුවේ සිට හම්බන්තොට දක්වා රට පුරා පැතිරී ඇති ක්‍රීඩාංගණ ඒකාබද්ධ ජාතික සැලැස්මක් යටතේ දියුණු කිරීමට කැපවීම මේ මොහොතේ කළ යුතු වැදගත්ම කටයුත්ත බවත් තෝරාගත් ක්‍රීඩාංගනවල පහසුකම් පූරණය කර ඊළඟ මට්ටමට ඔසවා තැබීමටත් දරුවන්ගේ නිවසට/පාසලට සමීපව පිහිටි ක්‍රීඩාංගනවලට අවශ්‍ය පහසුකම් සපයා එම දරුවන්ගේ පුහුණුවීම් විධිමත්කර කුසලතා වර්ධනය කර ගත හැකි මට්ටමකට සංවර්ධනය කිරීමටත්,  අරමුණු අපැහැදිලි මෙවැනි මෙගා ව්‍යාපෘති සඳහා යෝජනා කර ඇති අරමුදල් භාවිතය කිරීමේ ප්‍රායෝගිකය. ඵලදායී ය. ”

මහානාම කී සම්පූර්ණ කතාව මෙසේය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

රොෂාන් මහානාම හඳුන්නෙත්ති ගේ කුජීත “දේශපාලන ක්‍රිකට්” ව්‍යාපෘතිය එළිපිට ප්‍රශ්න කරයි!

සුනිල් හඳුන්නෙත්තිගේ දේශාපාලන ව්‍යාපෘතිය දුෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ගේ පැවැත්ම වෙනුවෙන් දේශපාලකයින්ට දෙන අල්ලස් සමග හරියටම සමපාත වන බව පෙන්වා දුන් ක්‍රිකට් ප්‍රවීනයින් රජයට දන්වා සිටියේ ක්‍රිකට් වෙනුවෙන් යහපතක් කිරීමට වඩාත් ප්‍රායෝගික ප්‍රවේශයක් ගන්නා ලෙසය.

කෙසේ වෙතත් අද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී සුනිල් හඳුන්නෙත්ති සිය ව්‍යාපෘතිය පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා නන්වන ක්‍රිකට් උසස් පුහුණු පාසලක් ලෙස පොල්හේන ව්‍යාපෘතිය හඳුන්වා දුන් අතර ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පැවසුවේ ඉඩම නිදහස් කළ සැනින් “හයි ප්‍රොපෝමන්ස් සෙන්ටර් එකේ” කටයුතු ආරම්භ කරන බවය. ඔහු කීවේ ක්‍රීඩා උසස් පුහුණු ආයතනයක් ඇත්තේ කොළඹ පමණක් බැවින් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මෙම ක්‍රීඩා පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය. එහිදී තෝරා ගන්නා පාසල් ක්‍රීඩකයින්ට අයි.ටී, ඉංග්‍රීසි ද උගන්වන බවත්, කොළඹට එන්නේ ඉහළ තත්ත්වයේ ක්‍රීඩකයෙක් බවත් කීවේය.

ජනාධිපතිවරයා විසින් එම ව්‍යාපෘතිය වෙනුවෙන් ඉඩම් වෙන් කිරීමේ දී අඩු මුදලට එම ඉඩම වෙන් කරන ලෙස නිලධාරින්ට දන්වා සිටියේය. අප ඇතුළු ලක්ෂ 69ක ජනතාව මේ ආණ්ඩුව තෝරා ගන්නේ යහපත් ඵලදායී සම්පත් කළමනාකරණයක් වෙනුවෙනි.  එය පසෙක තබා ලංකාව තුළ ඇති ප්‍රකට දූෂිතයන්ගේ එකතුවක් වූ ක්‍රිකට් ආයතනය සමග ඇතිකරගත් හඳුන්නෙත්තිගේ දේශපාලන ව්‍යාපෘතිය අනුමත කිරීම සඳහා  ජනාධිපතිවරයා දැනුම්වත්ව හෝ නොදැනුවත්ව ගත් ඒ ඉරණම් සහගත තීරණය මෙසේ දක්වා සිටිමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රජයේ ආයතනවල සාකච්ඡා කියන්නේම වැඩකට නැති කතා සාප්පු… ජනපති හම්බන්තොට නිලධාරීන්ට කියයි!

Next Post

260කට මරු කැඳවූ ඉන්දීය ගුවන් අනතුරට හේතුව ගුවන් නියමුවෙකුගේ තේරුම් ගත නොහැකි හැසිරීමක්!…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.