සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රොෂාන් මහානාම හඳුන්නෙත්ති ගේ කුජීත “දේශපාලන ක්‍රිකට්” ව්‍යාපෘතිය එළිපිට ප්‍රශ්න කරයි!

සනාලා පැවැත්ම වෙනුවෙන් මුට්ටිය අල්ලද්දී ජාතික ක්‍රීඩා කමිටුවේ සාමාජිකයෙක්ව හිඳිමින් රොෂාන් මහානාම රටට විය යුත්ත ගැන කෙළින්ම කියයි...

by editor
මාර්තු 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ක්ලීන් ශ්‍රී ලංකා ඇත්තක් නම් ජනපති තුමනි… අගමැති තුමියනි… පොල්හේන ක්‍රිකට් ව්‍යාපෘතියට අවධානය යොමු කරන්න… මහානාම ඉල්ලයි!

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ආරම්භ කිරීමට සැලසුම් කරන  පොල්හේන ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ පුහුණු ඇකඩමියට සම්බන්ධ මෙගා ව්‍යාපෘතිය පසුපස ඇති අරමුණු සහ අභිප්‍රායන් ප්‍රශ්න කළ යුතු බවත්, නිවැරදි අරමුණ ප්‍රමුඛස්ථානයේ තබා “ක්ලීන් ශ්‍රී ලංකා” මූලධර්ම අනුගමනය කරන බව සහතික කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය වත්මන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරියගේ අවධානයට ලක්විය යුතු යැයි තමන් විශ්වාස කරන බවත් ශ්‍රී ලංකාවෙන් බිහි වූ අති විශිෂ්ට ක්‍රීඩකයෙක්, ජාත්‍යාන්තර තරග තීරක වරයෙක් මෙන්ම වත්මන් ජාතික ක්‍රීඩා කමිටුවේ සාමාජිකයෙක් මෙන්ම ඍජු ප්‍රතිපත්තියක් සහිත අවංක මහත්මයෙක් ලෙස සමාජ සම්භාවනාවට පාත්‍ර වී සිටින රොෂාන් මහානාම පවසයි.

ඔහු සිය මුහුණු පොතේ ලියා දන්වන්නේ අපේ ජාතිය නව මිල අධික ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිකිරීම සඳහා ජාතියේ වටිනා අරමුදල් භාවිතා නොකළ යුතු බවය.

පළමු පෙළ සිට පාසල් මට්ටම දක්වා, විශේෂයෙන් දකුණු කලාපයේ මොරටුවේ සිට හම්බන්තොට දක්වා රට පුරා පැතිරී ඇති ක්‍රීඩාංගණ ඒකාබද්ධ ජාතික සැලැස්මක් යටතේ දියුණු කිරීමට කැපවීම මේ මොහොතේ කළ යුතු වැදගත්ම කටයුත්ත බවත් තෝරාගත් ක්‍රීඩාංගනවල පහසුකම් පූරණය කර ඊළඟ මට්ටමට ඔසවා තැබීමටත් දරුවන්ගේ නිවසට/පාසලට සමීපව පිහිටි ක්‍රීඩාංගනවලට අවශ්‍ය පහසුකම් සපයා එම දරුවන්ගේ පුහුණුවීම් විධිමත්කර කුසලතා වර්ධනය කර ගත හැකි මට්ටමකට සංවර්ධනය කිරීමටත්,  අරමුණු අපැහැදිලි මෙවැනි මෙගා ව්‍යාපෘති සඳහා යෝජනා කර ඇති අරමුදල් භාවිතය කිරීමේ ප්‍රායෝගික ඵලදායීතාවය මහානාම විස්තර කරයි.

ඔහු කියන්නේ එවැනි ප්‍රායෝගික වැඩ පිළිවෙළක් දියත් කළහොත් නිසැකවම අති විශාල කුසලතා සංචිතයක් නිර්මාණය කරගැනීමේ ජාතික ප්‍රතිලාභය ලබා ගත හැකි බවය. ඉන් වසර ගණනාවක් ජාතියට වඩාත් තිරසාර බලපෑමක් ඇතිවන ආකාරයත් මහානාම අවධාරණය කරයි.

ඔහු පවසන්නේ මෙම නව මෙගා සංවර්ධනයන් පිටුපස ඇති අභිප්‍රායන් සහ අරමුණ පරීක්ෂා කර ප්‍රශ්න කළ යුතු බවය. මක් නිසාද යත් එම ව්‍යාපෘති බිහි වන්නේ අංකුර කුසලතා වර්ධනය කෙරෙහි හෝ ආයෝජන මූල්‍යමය වටිනාකම එහි පිරිවැයට සාපේක්ෂව කරන වලංගු ගණනය කිරීමට අදාල පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂණයක් අනුගමනය නොකර බවය. ඒ අකාරයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නන්ට ආවේණික අවශ්‍යතා තිබිය හැකි බවද මහානාම ප්‍රකාශ කරයි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

“නිවැරදි අරමුණ ප්‍රමුඛස්ථානයේ තබා පිරිසිදු ශ්‍රී ලංකාවේ මූලධර්ම අනුගමනය කරන බව සහතික කිරීම සඳහා මෙය වත්මන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරියගේ අවධානයට ලක්විය යුතු කාරණයක් බව මම විශ්වාස කරමි. ” මහානාම අවසාන වශයෙන් සටහන් කර තිබේ. මේ දැක්වෙන්නේ මහානාම සිය මුහුණු පොතේ තැබූ සටහනය.

හඳුන්නෙත්තිගේ මේ ක්‍රිකට් විගඩම ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයින් විශාල පිරිසකගේ බරපතල ප්‍රශ්න කිරීමකට ලක් වී තිබිණි. සූරියවැව ජාත්‍යාන්තර ක්‍රීඩාංගනය මැච් නැතිව වේලෙද්දී, උයන්වත්ත වැනි ක්‍රීඩාංගන සංවර්ධනය කරගෙන ජාතික තලය දක්වා ඔසවා තැබිය හැකිව තිබෙද්දී,  ඔහු පොල්හේනේ ජාත්‍යාන්තර ක්‍රිකට් ඇකඩමි හදන්නට යෝජනා කරන්නේ ක්‍රීඩා ඇමතිවරයාවත් දැනුම්වත් නොකර බවට ප්‍රකාශ විය.

එමෙන්ම අන්ත දූෂිතයින් බවට තමන් විසින්ම හෙළි කළ පුද්ගල කණඩායමක් සමග එක්ව රටට අවශ්‍ය නොවන ව්‍යාපෘතියක් සිය දේශපාලන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට යන හඳුන්නෙත්ති  ඉතිහාසයේ කුණු කූඩයට වැටුණ අනෙක් සෑම දේශපාලඥයෙක්ම තෝරාගත් පාර තෝරා ගැනීම ඓතිහාසික ඛේදවාචකයක් බව ක්ෂේත්‍රයේ ප්‍රාමාණික පිරිස් ලංකාසර සමග අදහස් දක්වමින් පැවසූහ.

මේ ලිපියත් බලන්න…

හඳුන්නෙත්තිත් හොරු සමග හෙළුවෙන් ද?…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාතාලය මඩින්න පොලිසියට ඔත්තු දී පාතාලෙන් වෙඩි කා මිය යන මිනිස්සු!

Next Post

විදේශ ඇමති විජිතගේ පුද්ගලික ලේකම් කාන්තා අතවර චෝදනා ලද සල්ලාලයෙක්… දයාසිරි පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.