සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශ ඇමති විජිතගේ පුද්ගලික ලේකම් කාන්තා අතවර චෝදනා ලද සල්ලාලයෙක්… දයාසිරි පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි…

ඡන්දේ පැරදිච්ච අය, දේශපාලන වේදිකාවෙ කථිකයො ජාතික ජන බලවේග ආණ්ඩුව විදේශ තානාපතිවරු විදිහට පත් කරලා...

by editor
මාර්තු 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශ කටයුතු ඇමති විජිත හේරත්ගේ පුද්ගලික ලේකම්වරයා ස්ත්‍රීන්ට අතවර කිරීමේ චෝදනා ලද සල්ලාලයෙක් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ (15) පාර්ලිමේන්තුවේ දි හෙළිදරවු කළේය.

කොලේ ඉරා නොගත් ඇමතිවරයෙක් වූ විජිත හේරත්, කොලේ ඉරාගත් පුද්ගලික ලේකම්වරයෙක් පත් කරගෙන විදේශ අමාත්‍යාංශයේ කාන්තාවන් විෂයෙහි භීතියක් ඇති කරවා තිබෙන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු හෙළිදරවු කළේ විදේශ සේවය සඳහා වෘත්තීය විශේෂඥත්වය සහ සදාචාරාත්මක හැසිරීම් සහිත ඉහළ ප්‍රමිතියෙන් යුත් රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කරන බවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ ජාතික ජන බලවේගය බලයට පත් වූ පසු සිය පක්ෂයෙන් ඡන්දය ඉල්ලා පැරදුන, සිය දේශපාලන වේදිකාවේ කථිකයන් ලෙස සේවය කළ, විදේශ සේවය සම්බන්ධ මෙලෝ හසරක් නොදත් පුද්ගලයින් එම සේවය සඳහා පත් කර යවා ඇති බවය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

“විදේශ සේවය සඳහා වෘත්තීය විශේඥත්වය, සදාචාරාත්මක හැසිරීම, ඉහළම ප්‍රමිතීන් සහ රාජ්‍ය තාන්ත්‍රික විචක්ෂණ බුද්ධිය සහිත සුදුසුකම් ලත් නිලධාරීන් විදේශ සේවය සඳහා පත් කිරීම, එමෙන්ම ශ්‍රි ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස ප්‍රත්‍යක්ෂ වාර්තා සහිත වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කිරීම… එහෙ තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විදේශ අමාත්‍යාංශය සම්බන්ධව අන්තර්ගත වෙලා තිබුණේ.”

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

“මේක දැන් තියනව ද?… මේ පත් කිරීම් ගැන මම ඉස්සරවෙලා ගන්නම්…”

“ඔබතුමාලා පත්වුන ගමන් පළවෙනියෙන් ගෙන්නුවා 16 දෙනෙක් ඔබතුමාලගේ ආණ්ඩුව ආපු ගමන් කලින් ආණ්ඩුව යවපු අය. ඒ අය ගෙන්වපු ගමන් ඔබතුමාලා කිව්වා මේ අය පිළිබඳ සමීක්ෂණයක් කරලා නැවත පත් කරන්න කටයුතු කරනවා කියලා ඒ වෙලාවේ විදේශ කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කරපු අපේ විජිත හේරත් මැතිතුමා.”

“පකිස්ථානයෙන් ගෙන්නුවා ආරක්ෂක මාණඩලික ප්‍රධානී විදිහට වැඩ කරපු ඒ වගේම විශ්‍රාම ලත් නාවික හමුදාපතිවරයෙක් විදිහට වැඩ කරපු අද්මිරාල් රවීන්ද්‍ර විජය ගුණවර්ධන… අවුරුදු 40ක සර්විස් එකක්.”

“ඒ වෙනුවට යවලා තියෙන්නේ තමුන්නාන්සෙලාගේ ජාතික ජන බලවේගයේ හමුදා සාමුහිකයේ වැඩ කරපු රියර් අද්මිරාල් ‍ ෆ්‍රෙඩ් සෙනවිරත්න. ඊට වඩා පහළ අංක දෙකක් පහළ ඉන්න කෙනෙක්. දේශපාලන වේදිකාවෙ කථිකයෙක්. මම අහන්න කැමතියි අර වෘත්තීය විශේඥත්වය, සදාචාරාත්මක හැසිරීම, ඉහළම ප්‍රමිතීන් සහ රාජ්‍ය තාන්ත්‍රික විචක්ෂණ බුද්ධිය සහිත අයද මේ පත් කරලා තියෙන්නේ.”

“දැන් කියුබාවේ තානාපති විදිහට හිටියේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාත් උලුගෙතැන්න. ඒ වෙනුවට ගෙනාවා ජතික ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලලා තරග කරලා පරාජය වෙච්චි මහින්ද රත්නායක. රාවය පත්තරේ ලේඛකයෙක්. අවුරුදු 65යි. ද්වී පාර්ශවික සම්බන්ධතා තියන කියුබාව වගේ රටක පත් කිරීම කළේ විදේශ සේවාව පිළිබඳ අල්ප මාත්‍ර දැනීමක් නැති පුද්ගලයෙක්. මේවා දේශපාලන පත් කිරීම් නොවේ නම් මම අහන්න කැමතියි මේවා මොනව ද කියලා.”

“ඊලඟට එක්සත් රාජධානියේ මහ කොමසාරිස් විදිහට පත් කරනවා නිමල් උපාලි සේනාධීර. ඔහු රාජ්‍ය පරිපාලනය ගැන පශ්චාත් උපාධියක් හදාරමින් ඉන්න බව කියනවා ස්කොට්ලන්තයෙ. මම කැමති නෑ මේක කියන්න. මනුස්සයෙකුගේ රස්සාව ගැන. එහේ කට්ටිය දන්නවා මේ ගොල්ලන් කරමින් හිටියේ කියලා ස්කොට්ලන්තයෙ. මේ විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ හිටපු අය නෙමෙයි.”

“ඒ වගේම විශේෂයෙන්ම ඔබතුමාගේ පෞද්ගලික ලේකම්වරයා ගැන ප්‍රශ්නයක් තියනවා. ඔහු දකුණු අප්‍රිකාව සහ කෙන්යාවේ තානාපති ලෙස කටයුතු කිරීමේ දී ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරිනියන්ට අතවර කිරීම සම්බන්ධව චෝදනා ගණනාවක් තියෙන කෙනෙක්.”

“ඉතින් මම කියන්න කැමතියි සාමාන්‍යයෙන් විජිත හේරත් මැතිතුමා කොළේ ඉරාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. හැබැයි එතුමාගේ පුද්ගලික ලේකම් කොලේ ඉරන් ඉන්න කෙනෙක්. එ් නිසාම දැන් විදේශ සේවයේ ඉන්න කාන්තාවන් විශාල භීතියකින් ඉන්නවා… ඊයේ පෙරේදා අපේ වෛද්‍යවරියක් දූෂණ  වෙලා මේ තිබෙන ප්‍රශ්නත් එක්ක විදේශ සේවයත් ඉතාම භීතියකින් ඉන්නවා. විශේෂයෙන්ම නිලධාරීන් මේ සම්බන්ධව කටයුතු කිරීමට බියෙන් ඉන්නවා. පළිගැනීම් වෙයි කියලා බයට.”

“පළමු පන්තියේ නිලධාරීන් විදේශ සේවය තුළ 60ක් ඉන්නවා. තානාපති කාර්යාල තියෙන්නේ පනහයි. කොන්සලේට් කාර්යාල තියෙන්නේ 10යි. ඔබතුමාගෙන් ඉල්ලනවා අපි… ඉතිහාසයේ තිබ්බ දේවල් කරන්න නෙමෙයි ඔබතුමාලගේ ආණ්ඩුව පත් කළේ. මේ සම්බන්ධව නිවැරදිව කටයුතු කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලනවා. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රොෂාන් මහානාම හඳුන්නෙත්ති ගේ කුජීත “දේශපාලන ක්‍රිකට්” ව්‍යාපෘතිය එළිපිට ප්‍රශ්න කරයි!

Next Post

බටලන්දේ සමූහ ඝාතන අපරාධයෙන් රනිල්ට ගැලවිල්ලක් නෑ… දුමින්ද නාගමුව බටලන්ද වාර්තාව අරන් පෙන්වා දෙයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.