සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පාතාලය මඩින්න පොලිසියට ඔත්තු දී පාතාලෙන් වෙඩි කා මිය යන මිනිස්සු!

by editor
මාර්තු 16, 2025
in සමාජ
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බළපිටිය –

අම්බලන්ගොඩ, ඉඩම්තොටදී සිකුරාදා (14) රාත්‍රී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, ඩුබායිහි රැදී සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු මෙන්ම මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙවන අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත නොහොත් ‘සමන් කොල්ලා’ නමැති අපරාධකරුගේ මෙහෙයවීම මත සිදුකර තිබෙන බව මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

ඝාතකයින් අත් අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය විසින් පොලිස් කණ්ඩායම් 02 ක්, ගාල්ල සහ මාතර විශේෂ අපරාධ විමර්ශන ඒකක විසින් පොලිස් කණ්ඩායම් 02 ක් සහ ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පොලිස් කණ්ඩායමක් වශයෙන් පොලිස් කණ්ඩායම් 05 ක් යොදවා තිබෙන බවද ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් මිය ගියේ නො. 433/A, ඉඩම්තොට, මාදම්පේ, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි තිරිමාදුර සමන් ක්‍රිෂාන්ත මෙන්ඩිස් (39) නොහොත් ‘පොඩි සුද්දා’ නැමැති අයයි. වෙඩි තැබීම සිකුරාදා (14) සවස 6.30 ට පමණ, ධාරාණිපාත වර්ෂාවෙන් බේරීම සඳහා ඉඩම්තොට මං සන්ධියේ බුදුමැදුර තුළ රැඳී සිටි පොඩි සුද්දා ඉලක්ක කරගෙන සිදුකර තිබුණි.

ඝාතනයට ලක් වූ අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිකුරාදා (14) රාත්‍රියේම බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් සංජය කොඩිතුවක්කු විසින් සිද්ධිය වූ ස්ථානයේදී හා බළපිටිය මූලික රෝහලේදි පවත්වන ලදී. මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සී ටී මහානාම විසින් ඊයේ (15) දහවල් බළපිටිය මූලික රෝහලේදී පවත්වන ලදී. හිසට වෙඩි වැදීමෙන් සිදු වූ බරපතල තුවාල හා අධික රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව තිබෙන බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබේ.

ඝාතනයට ලක් වූ අය සිද්ධිය වූ දින සවස 6.25 ට පමණ අම්බලන්ගොඩ යෑම සදහා ඉඩම්තොට හන්දියට පැමිණ ඇති බවත් එම අවස්ථාවේ වූ අධික වර්ෂාව හේතුවෙන් ඉඩම්තොට හන්දියේ පිහිටි බුදු මැදුර තුළ රැඳී සිට ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. එම අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් පසුපැදිකරු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙන බවත් වෙඩි තැබීම මිලි මීටර 38 වර්ගයේ රිවොල්වරයකින් සිදුකර තිබෙන බවත් පොලීසිය කියයි. ඝාතනයට ලක් වූ අයගේ ඔලුවට හා පපුවට වෙඩි 02 ක් වැදී තිබෙන බවත් මෙම රිවෝල්වර වර්ගයේ අවි වලින් වෙඩි තැබූ විට පතුරම් කොපු පිට නොවන බවත් ජීව විද්‍යාත්මක සාක්ෂි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් ප්‍රකාශ කරයි.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

වෙඩි වැදුන අය 1990 සුවසැරිය ගිලන් රථයකින් බළපිටිය මූලික රෝහලට රැගෙන ගොස් තිබෙන අතර ඒ අතරතුර මියගොස් තිබේ. ගිලන් රථයේ රියදුරු අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට කරන ලද දැනුම් දීමකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඝාතනයට ලක් වූ අය සිව් (04) දරු පියෙකි. ඔහු ප්‍රදේශයේ කුලී කම්කරුවකු ලෙස සේවය කර ඇති බව පොලීසිය කියයි. ඔහු සම්බන්ධයෙන් කිසිදු අපරාධමය චෝදනාවක් වාර්තා නොවන බවත් අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. එසේ නම් ඔහුව මරා දමන්නේ ඇයි. පොලිසිය විශ්වාස කරන්නේ මෙම පුද්ගලයා ප්‍රදේශයේ නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව පොලිසියට තොරතුරු සපයන බවට ඇති විශ්වාසය මත ‘සමන් කොල්ලා’ගේ කල්ලිය විසින් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවය.

දැනට මාසයකට පමණ පෙර ‘සමන් කොල්ලා’ගේ කල්ලිය විසින් මොහුට පහර දී ඇති බවත් එම පහර දීම වීඩියෝ ඇමතුමක් මගින් ඩුබාහි රැදී සිටින ‘සමන් කොල්ලා’ නැමැති අයට දැක ගැනීමට සලස්වා ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. මෙම පහර දීම හා ‘සමන් කොල්ලා’ගේ වෙනත් අපරාධ සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ අය පොලීසියේ උසස් නිලධාරීන්ට තොරතුරු සපයා තිබෙන බවට ඝාතන කල්ලිය විශ්වාස කර ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

2024.03.11 දින පිටිගල පොලිස් වසමේ හොරන්ගල්ල ප්‍රදේශයේ වෙළෙඳසලක් අසල රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු සහ අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සිටි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමද මෙම ‘සමන් කොල්ලා’ගේ මෙහෙයවීම මත සිදුකර තිබූ බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබුණි. මෙම සිද්ධීන් දෙකෙන් පුද්ගලයන් 06 දෙනකු තුවාල ලබා රෝහල් ගත කිරීමටද සිදුවිය. මෙම ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා කමාන්ඩෝ සෙබළා දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් ‘කරන්දෙණියේ ජයලත් සුද්දා’ නැමැති අයගේ සොහොයුරා සමඟ කමාන්ඩෝ බළකායේ සේවය කර ඇති අයෙකු බවටද තහවුරු විය. ‘සමන් කොල්ලා’ සහ ‘කරන්දෙණියේ ජයලත් සුද්දා’ ඩුබාහි එකට රැදී සිටිමින් ප්‍රදේශයේ මත්දව්‍ය ජාලය හා අපරාධ මෙහෙයවමින් සිටින බවද පොලීසිය කියයි.

මෙම වෙඩි තැබීම් දෙකෙන් කරන්දෙණිය ගලගොඩ අත්තේ පදිංචි සතිෂ් මධුශංක (32), හොරංගල්ල, ගුරුවෙල පදිංචි කටුකුරුන්ද ආරච්චිගේ කවීෂ අංජන (26) ගලගොඩ කුලීගොඩ පදිංචි හළඹ උදේෂ් මධුරංග (22) සහ දඩල්ලගේ විකුම් රංජන (26) නමැති සිව් (04) දෙනා මිය ගියේය.

සමන් කොල්ලාගේ ඉතිහාසය

2018.10.19 දින මීටියාගොඩ පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක පූජිත වරුෂවිතාන මහතාට ලැබුණ තොරතුරකට අනුව මීටියාගොඩ, මහවෙලදී හෙරොයින් ග්‍රෑම් 06 යි මිලිග්‍රෑම් 300 ක් සමග අත් අඩංගුවට ගන්නා ලද දෙදෙනා අතර ‘සමන් කොල්ලා’ ද විය. මයික්‍රෝ වර්ගයේ තරාදියකින් හෙරොයින් කිරමින් කුඩා පැකට්වලට අසුරමින් සිටියදී මොවුන් පොලිසියේ අත්අඩංගුවට පත් විය. අත් අඩංගුවට පත් වූයේ මීටියාගොඩ, මහවෙළ ලිපිනයේ පදිංචි දේමුණි විජිත් ආනන්ද සොයිසා (36) නොහොත් රංජිත් සහ අම්බලන්ගොඩ මාදම්පාගම පදිංචි අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත නොහොත් ,සමන් කොල්ලා, යන දෙදෙනාය.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට පත් වන්නේ විජිත් ආනන්දගේ නිවෙසේදීය. පළමු සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3200 ක් හා දෙවැනි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3100 ක් තිබී ඇත. මොවුන් පෙර වැරැදි ගණනාවක් සහිත දකුණේ ප්‍රබල පාතාල කල්ලියක සාමාජිකයන් වීම සහ ඔවුන්ගේ නිවස අසල රැදී සිටි තවත් සුවිශේෂී පුද්ගලයෙක් නිසාවෙන් මීට අදාල පොලිස් පරීක්ෂණ වඩාත් ප්‍රබල විය. සැකකරුවන් දෙදෙනා දකුණේ පාතාල කල්ලි නායක කොස්ගොඩ සුජීගේ විශ්වාසවන්තම ගෝලයා ලෙසින් පිළිගැනෙන තෙල්වත්ත, හික්කඩුව ලිපිනයේ පදිංචි අරුමාහන්දි ලසිත් මධුසංඛ ද සිල්වා නොහොත් පොඩි ලැසීගේ ගෝලයන් දෙදෙනෙකි. ඒ ආසන්න මාර්ගයේ රැඳී සිටි සුවිශේෂී පුද්ගලයා වූයේ ගාල්ල බන්ධනාගාරයේ එවකට සිටි නියෝජ්‍ය ජේලර්වරයාය.

අම්බලන්ගොඩ, කුලීගොඩ, සැන්ටින් ද සොයිසා මාවතේ පදිංචි මෙරෙක්ඥ තිලිණ රුවන් තිහාර ජයරත්න (44) නැමැති මෙම ජේලර්වරයාට ඉහත සිද්ධියට අදාල වැඩ තහනමෙන් පසුව නැවත රැකියාව ලැබුණේ කොළඹ, වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසැලේ ප්‍රධාන ජේලර්වරයා ලෙසය. ඔහු 2019.08.03 දින වෙඩිතබා ඝාතනය කෙරිණ. ඝාතනයට ලක් වූ ජේලර්වරයා දකුණේ පාතාල නායක නො. 06 තෙල්වත්ත, හික්කඩුව ලිපිනයේ පදිංචි අරුමාහන්දි ලසිත් මධුසංක ද සිල්වා නොහොත් පොඩි ලැසී නැමැති අය සහ ඔහුගේ කල්ලිය සමග ලඟින් ඇසුරු කර තිබෙන බවද පොලීසිය කියයි.

2015මාර්තු 23 දින වෙඩිතබා ඝාතනය කරන ලද හික්කඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් (35) සහ 2016.12.05 දින ඝාතනය කරන ලද අම්බලන්ගොඩ, ඉඩන්තොට, තිරිමාදුර ඉන්දික ද සොයිසා (33), අගම්පොඩි දේවිකා ද සොයිසා (27) සහ ඔවුන්ගේ දරුවා වන තිරිමාදුර රන්දික ද සොයිසා (04) යන පුද්ගල ඝාතනයන් සම්බන්ධයෙන් පොඩි ලැසී පොලීසියේ අත් අඩංගුවට පත් විය.

තිරිමාදුර ඉන්දික ද සොයිසා (33), අගම්පොඩි දේවිකා ද සොයිසා (27) සහ ඔවුන්ගේ දරුවා වන තිරිමාදුර රන්දික ද සොයිසා (04) යන පුද්ගල ඝාතනයන් සිදුකරන ලද්දේද ‘සමන් කොල්ලා’ගේ මෙහෙයවීම මත බවත් ඔවුන් ‘සමන් කොල්ලා’ගේ වෛරයට ලක් වූයේ පොලීසියට තොරතුරු ලබා දීම මත බවත් පසුව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වි තිබුණි.

2016.01.09 දින අම්බලන්ගොඩ සිට ගලගොඩ දක්වා දිවෙන මාර්ගයේ කැලෑබද ප්‍රදේශයක් වන ඉඩන්තොට යුනර්ලයිට් හෝටලය පිටුපස මාර්ගයේදී කිරින්ද ගමගේ සුසන්ත මෙන්ඩිස් (24) නොහොත් ‘’ගලගොඩ සුසා” නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය අත් අඩංගුවට ගෙන තිබුණේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මාදම්පාගම, ඉඩන්තොට පදිංචි සොබනාහන්දි ජයලත් ද සිල්වා, ඔහුගේ සහෝදරයා වන මීටියාගොඩ, මහවත්තේ පදිංචි සොබනාහන්දි සනත් ද සිල්වා නොහොත් ‘’රාජු’’ අම්බලන්ගොඩ, මාදම්පාගම පදිංචි මුරුක්කුවාදුර වසන්ත සොයිසා නොහොත් ‘’වසා” සහ එම ලිපිනයේම පදිංචි අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත නොහොත් ‘’සමන් කොල්ලා” නැමැති තිදෙනාය.

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයාව සිටි රොෂාන් කුමාර විතානාච්චි (51) 2024.02.26 දින ඝාතනය කිරීමද කොන්ත්‍රාත්තුවක් මත සිදු වූවක් යන්න පොලිස් පරීක්ෂණ වලදී තහවුරු විය. මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද ප්‍රේමලාල් නැමැති අයෙකු ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරාට ප්‍රකාශ කර තිබුණේ තමා මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා ඝාතනය කළ බවය. මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයාගේ ඡායාරූපයක් පෙන්වා එම ඡායාරූපයේ සිටින පුද්ගලයා බවත් ඊට තමන්ට උපදෙස් ලැබුණ බවත්ය. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂක ඝාතනය කළේ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් හෙළි වී නැත. මෙම ඝාතනයේ වුවමණාව තවමත් අබිරහසකි. මෙම ඝාතනයද මෙහෙයවා ඇත්තේ ඩුබායි රැදී සිටින ‘කරන්දෙණියේ සුද්දා‘ සහ ‘සමන් කොල්ලා‘ යන දෙදෙනාය.

අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත නොහොත් ‘සමන් කොල්ලා’ නමැති අයගේ නිවසට 2024.03.14 දින වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර තිබුණි. මෙම වෙඩි ප්‍රහාරය ඔහු විසින්ම සැලසුම් කර එල්ල කරන ලද්දක්ද යන්න එකල පොලීසියේ සැකය විය. මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති නිවසේ ‘සමන් කොල්ලා’ නැමැති අයගේ බිරිද, තවත් කාන්තාවක් සහ ළමයින් සිට ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් නිවසට වෙඩි ප්‍රහාරයන් දහයක් පමණ එල්ල කර ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වීය.

අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාගේ මෙහෙයවීම මත ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා, පොලිස් පරීක්ෂක ඉසුරු පතිජීව, උප පොලිස් පරීක්ෂකවරුන් වන කුසුම්සිරි සහ තාරක පොලිස් සැරයන්වරුන් වන පතිරණ (27108) සහ සම්පත් (69874) යන නිලධාරීන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැදිරිගිරිය සංගීත ප්‍රසංගය මැද දේපලවලට හානි කළ මැරයින් 06ක් අත් අඩංගුවට…

Next Post

රොෂාන් මහානාම හඳුන්නෙත්ති ගේ කුජීත “දේශපාලන ක්‍රිකට්” ව්‍යාපෘතිය එළිපිට ප්‍රශ්න කරයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.