බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහා විනාසයක් නොකර කරන දෙයක් කල් නොයවා කරන්න… ශ්‍රී ලංකන් ගුවන් සේවක වෘත්තීය සමිති රජයට කියයි!

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ටික ටික මරණ හැටි ගුවන්තොටුපල වෘත්තීය සමිති හෙළි කරයි....

by editor
අප්‍රේල් 22, 2023
in පුවත්
Sri-Lankan
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ලංකන් ගුවන් සමාගම සතුව ඇති යානා 24න් අඩක් මේ වනවිට ධාවනය සම්බන්ධව ගැටලු ඇති වී තිබෙන බවත්, ඉන් 07ක්ම පවතින්නේ ධාවනයෙන් ඉවත් කර අංගනයේ බවත් ගුවන්තොටුපල වෘත්තීය සමිති හෙළි කරයි දෙයි.

වංචා දූෂණ කොමිස් ඩීල් නවත්වා  නිසි කළමනාකරණයකින් යුතුව කටයුතු කිරීමෙන් ගොඩගතහැකිව තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැන් විකුණා දැමීම එකම විකල්පය බවට පත් කර ඇති බවත් බිහිසුණු ගුවන් අනතුරකින් කතාව නිමා වන්නට ඉඩ නොහැර මේ ආයතන ගොඩනැගීමට දැක්මක් නැතිනම්  දෙවියන්ගේ නාමයෙන්    විධිමත් ලෙස පුද්ගලකරණය කිරීම හෝ  සිදුකරන ලෙසත් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෝ ඉල්ලති.

“දැන් ශ්‍රී ලංකන් ගුවන් යානා ගුවන්ගතවීමත් අවදානමක් බවට පත්වෙලා.   ඇයි අවදානමට මුහුණ දෙන්න වුනේ. “

“ ප්‍රධානම හේතුව වැරදි කළමනාකරණ ක්‍රියාමාර්ග. එය අමාත්‍යාංශයේ සිට භාරගත යුතු දෙයක්. දේශපාලන ගේම් ගහන වෘත්තිය සමිති එක්ක ආණ්ඩුවේ ඕන එපාකම් කරන වත්මන් කළමනාකරණයට එහෙම කරන්න ඕනකමක් සහ දැක්මක් නෑ. “

“ මේ ආයතනය ස්වභාවික මරණයකට පත්වෙන්න හැරලා තියෙන්නේ. ඇයි මේ ගුවන් යානා කාර්මික දෝෂවලට ලක්වෙන්නේ. කාරණා දෙක්ක තියනවා. එකක් මේ වනවිට මේ ගුවන් යානා බොහොමයක කල්බදු කාලය ඉවර වෙන්න ලඟයි. ඒ සඳහා නව ගුවන් යානා නැවත කල්බදු ක්‍රමය යටතේ ගත යුතුයි. මෙතෙක් භාවිතා කළ ගුවන් යානා අප ඇතුළත් වූ ගිවිසුම් ප්‍රකාරව  නිසි ලෙස නඩත්තු කර   අප යානය භාරගත් මට්ටමින් නැවත අදාල ගුවන් සමාගමට භාර දිය යුතුයි. ඒ නඩත්තුව  සඳහා වියදම් කරන්නෙ ශ්‍රී ලංකන් සමාගම විසින් උපයන මුදල්.”

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

“නමුත්  අනිවාර්යයෙන් කළ යුතු අලුත්වැඩියා සහ නඩත්තු සඳහා ශ්‍රී ලංකන් සමාගමට  මුදල් වෙන් කරන්න අමාත්‍යාංශයෙන් සහ භාණ්ඩාගාරයෙන් අනුමැතිය දෙන්නේ නෑ.  නැවතත් කියන්නේ මේ වෙන් කරන්න හදන්නේ භාණ්ඩාගාරයෙ මුදල් නෙමෙයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මෙහෙයුම්වලින් උපයන මුදල්.”

“මේ වැලැක්වීම ඇතුළෙ කාරණා දෙකක් වෙනවා. එකක් කල්බදු සම්පූර්ණවන ගුවන් යානා නඩත්තු කරලා එම ගුවන් යානා කල්බදු පදනම මත ගත්ත සමාගම්වෙත ගිවිසුම් ප්‍රකාරව දෙන්න බැරිවෙනවා.  ඒ කියන්නේ ගුවන් සමාගමක් විදිහට අපේ තියන ගෞරවය සහ විශ්වාසය ලෝකය ඉදිරියේ සාහසික ලෙස විනාශ කරනවා.  “.

“ දෙවැනි එක ගුවන් යානා ධාවන තත්ත්වයෙන් ඉවත් වෙලා ඉබේටම ගුවන් සේවය විනාශ වෙනවා. එහෙම ගර්හිත කරාල කිසිම වටිනාකමක් නැති  ගුවන් සේවයක් අන්තිමට  තුට්ටු දෙකට විකුණගන්න එක මොනතරම් පහත් වැඩක් ද කියලා තේරුම් යන්න මේ රටට තව සෑහෙන කාලයක් යන එකක් නෑ.”

“ඊලඟට කිසිම ඉඩක් දෙන්නේ නෑ මේ ආන්ඩුව අලුත් ගුවන් යානා කල්බදු ක්‍රමය යටතේ ගන්න. ඒ කල්බදු ක්‍රමය යටතේ යානා ගන්න වෙන් වන්නේ ගුවන් සමාගමේ මුදල්. ඒත්  ඔවුන් රටට කියනවා ඒක සුදු අලියෙක් නඩත්තු කරන්න තියන අනවශ්‍ය වැය බරක් කියලා.”

“තියන ගුවන් යානා නඩත්තුවක් නැතිව ගුවන් ගත කරගත නොහැකිව ගාල් කරලා නව ගුවන් යානා කල්බදු ක්‍රමයට ගන්න තියන ඉඩකඩ අහුරලා දැම්මම ගුවන් සේවයක් එතන නෑ…”

මේ සම්බන්ධව අදහස් දැක්වූ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක් ලංකාසරට පැවසීය.

මේ තත්ත්වය තුළ මේ රජය කිසිම ආකාරයකට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගැනීම නොකරන බවත් විශාල අනතුරක් සිදුකර රටත් ගුවන් සමාගමත් ව්‍යසනයකට පත් නොකර හැකි ඉක්මනින් ගැනීමට සූදානම්වන පියවර වඩාත් විනිවිදභාවයකින් යුතුව ඩීල් නොගසා සිදුකරන ලෙසත් වෘත්තීය ක්‍රියාකාරිකයෝ ඉල්ලති.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටේ නීතිය බල්ලට දැමූ කාලකණ්ණි පිරිසක් වසර 1500කට වඩා පැරණි මඩුගල්ල පුරාවිද්‍යා රක්ෂිතය සංවර්ධනයට මුවා වී ඩෝසර් කරති…

Next Post

බල්ලො පූසෝ සපා කෑමෙන් ලක්ෂ තුනක් වාර්ෂිකව රෝහල්වල… ප්‍රතිකාර වියදම පමණක් බිලියන 10ක්…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.