ශ්‍රියානි විජේසිංහ
වසරකට සතුන් සපා කෑම් හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 3ක් පමණ රෝහල් ගත කරන බවත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජය දරන වැය බර වාර්ෂිකව රුපියල් බිලියන 10ක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනතුරු වැලැක්වීමේ ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග සඳහන් කරයි.
වැඩි වශයෙන් පුද්ගලයින්ව සපා කා ඇත්තේ නිවසේ ඇතිකරන සතුන් බවත් බවත් සමස්ථයක් ලෙස අතිශය වැඩිම ප්‍රතිශය වාර්තාවන්නේ සුනඛ සපාකෑම් බවත් හෙතෙම පෙන්වාදේ.
කැළි කසළ ඉවක් බවක් නොමැතිව තැන් තැන්වල විසිකිරිම හේතුවෙන් සතුන් විශාල වශයෙන් බෝවීමට පටන් ගෙන අතැයිද වෛද්‍ය සිරිතුංග පෙන්වාදේ.
සතුන් සපා කෑම හේතුවෙන් වසරකට රෝහල් ගත කරන ලක්ෂ 3ක් පමණ වන පුද්ගලයින්ගේ ප්‍රතිකාර කටයුතු සදහා සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් බිලියන 10ට ආසන්න වැය බර අප වැනි රටකට දරාගත නොහැකි තරම් මුදලක් බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.