නව මහ බංකු අධිපතිවරයා ලෙස පත් කෙරුණු ආචාර්ය නන්දලාල් වීරසිංහ සිය තනතුරට අදාළ පත්වීමේ ලිපිය භාර ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ සිට මීට ටික වෙලාවකට පෙර කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි.
මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් ධුරයෙන් අස්වීමෙන් පසුව නියොජ්‍ය අධිපතිවරයා ලෙසින් කටයුතු කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ ඒ වනවිට පෞද්ගලික කටයුත්තක් සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටියේය.
ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් මඟින් ඔහු සම්බන්ධ කර තනතුර භාර ගන්නා ලෙස ආරාධනය කළ අතර එයින් පසුව ඔහු අද දින මෙරටට පැමිණි අතර සවස ජනාධිපතිවරයා වෙතින් පත්වීමේ ලිපිය ලබාගෙන හෙට දිනයේ සිට රාජකාරී කටයුතු අරඹනු ඇති බව මහ බැංකු ආරංචි මාර්ග පවසයි.







