මහනුවර ඇසළ මහා පෙරහරට විදුලි ආලෝකය සැපයීම සම්බන්ධයෙන් මේ වනවිට ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයට නිශ්චිත විසඳුමක් ලබා ගැනීම සඳහා තීරණාත්මක සාකච්ඡාවක් හෙට (19) පස්වරු 3 ට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ දී සැලසුම් කර ඇත.
ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ ප්‍රධානත්වයෙන් යුතුව සතර මහා දේවාල බස්නායක නිළමේවරු, මහනුවර දිස්ත්‍රික් ලේකම්, ගඟවට කෝරළය ප්‍රදේශීය ලේකම්, මහනුවර නාගරික කොමසාරිස්, බෞද්ධ කටයුතු කොමසාරිස්, විදුලි බල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී, මහනුවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ඇතුළු පිරිසක් සහභාගීත්වයෙන් මෙම විශේෂ රැස්වීම පැවැත්වේ.
මෙම රැස්වීමට සහභාගීවන ලෙස අදාල සියලුම පාර්ශවවලට මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ලිඛිත දැනුම් දීමක් කර තිබේ.
විදුලි ආලෝකය ලබාදීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලය දළදා මාලිගාවට සහ සතර මහා දේවාලවලට විදුලි පරිභෝජන ඇස්තමේන්තුවක් යොමු කිරීමත් සමග මෙම ගැටලුව මතු වී තිබිණි.
ඇසළ පෙරහර මංගල්‍යයේ විදුලි ආලෝකකරණය වෙනුවෙන් සකස් කළ සවිස්තරාත්මක ඇස්තමේන්තුව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා විසින් අද මෙම රැස්වීමට ඉදිරිපත් කරනු ඇත.







