ශ්‍රියානි විජේසිංහ –
දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට ආහාර, සනීපාරක්ෂක පහසුකම් හා කැළිකසල ඉවත් කිරීම අද (23) උදෑසන වන විට පාලනය කර ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබුණු බව මහනුවර මහ නගරසභාවේ ආරංචි මාර්ග හෙළි කළේය.
එම තොරතුරු අනාවරණය කළේ වැසිකිළි පහසුකම් ඇතුළු සනිපාරක්ෂක පහසුකම් සැපයීමේ සිට මිනිසුන්ගේ මූලික සනීපාරක්ෂක කටයුතු ද පාලනයෙන් ගිලිහී යමින් තිබෙන බවය. දැනටමත් ලක්ෂ තුනක ජනතාවක් මහ මග පෝලිම්වල රැඳී සිටින තත්ත්වක් තුළ ජනතාව අලුතින් පෝලිම්වලට එකතුවීම වැලැක්වීමේ තීරණය ගෙන ඇත්තේ මේ දැඩි ව්‍යාකූල තත්ත්වය මත බව වාර්තා වී ඇත.
මෙම ලක්ෂ සංඛ්‍යාත පිරිසට අවශ්‍ය වැසිකිළි පහසුකම් සලසා දීම මේ වන විට බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ. කැළි කසළ ඉවත් කිරීම ඉතා අපහසු කාර්යයක් බවට පත්ව ඇතැයි ද මහනුවර මහ නගර සභාව කියයි. මේ වන විට කැළිකසළ ඉවත්කරනා පිරිස් අදික වෙහෙසට පත් ඇති බැවින් මුල් දිනවල පැවති කාර්යක්ෂමතාව ඔවුන්ගෙන් ගිලිහී ගොස් ඇතැයිද වාර්තාවේ.
දැනට නුවර පැමිණ සිටින ලක්ෂ 03කට අධික බැතිමතුන් පිරිසට පමණක් දළදා වන්දනා කිරිමට ඉඩ ලබා දුන්නද ඔවුන් සියලුම දෙනාට ඉතිරි දින හතර තුලදී දළදා වහන්සේ වන්දනා කිරිමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවද අනාවරණය වන්නේ මේ වනවිට සිදුකර ඇති සංගණනය අනුවය.
කෙසේ නමුත් නුවර පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස් ඇතැනම් දැනට දළදා වන්දනාව සීමා කරමින් සිදුකරන ඉල්ලීම් දැඩිව අවධාරණය කරගන්නා ලෙස ද එම ආරංචි මාර්ග බරපතල ලෙස ඉල්ලා සිටී.







