දිනසේන රතුගමගේ
යාපනය ශික්ෂණ රෝහලට ඊයේ ( 27 ) මහ රෑ කඩා වැදුණු පිරිසක් එහි ආරක්ෂක නිලධාරියෙකුව කපා කොටා ඔහුට බරපතල ලෙස තුවාල සිදුකොට පලා ගොස් තිබේ.
වාහනයකින් පැමිණි පිරිසක් යාපනය ශීක්ෂණ රෝහලේ මෘත ශරීරාගාර පිහිටි කලාපයේ ගේට්ටුවෙන් රෝහල තුළට ඇතුලු වීමට උත්සාහ කළ අවස්ථාවේදී රාත්රියේ රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියා ඊට අවසර ලබා නොදීම නිසා තාප්පයට උඩින් පැන ආ පිරිසක් ආරක්ෂක නිලධාරියාව කපා කොටා ඔහුට තුවාල සිදු කොට පලා ගොස් තිබේ.
ප්රහාරයෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා ප්රතිකාර සදහා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
පැමිණි පිරිස ආරක්ෂක නිලධාරියා වාඩි වී සිටි ප්ලාස්ටික් පුටුව පොලොවේ ගසා කුඩු කොට මේසයටද කඩු ප්රහාරයක් එල්ල කොට ” අපි උඹව මරන්නේත් මෙහෙමයි ” කියා තර්ජනය කළ බවද ආරක්ෂක නිලධාරියා කියා සිටියි
මේ පිරිස කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා රෝහල තුළට කඩා වදින්න්ට උත්සාහ කරන්නට ඇතැයි පොලීසිය සැක පහල කරයි.
යාපනය පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







