බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ මෝල්ලු මහ කන්නේ අස්වැන්න සූරාකති.. මහවැලි බී කලාපයේ ගොවීන් කියන කතාව…

by editor
මාර්තු 1, 2026
in පුවත්
paddy
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

මෙවර මහ කන්නයේ මහවැලි බී කළාපයේ වී අස්වනු නෙළීමත් සමග පොළොන්නරුවේ මහා පරිමාණ සහල් සහ වී මෝල් ව්‍යාපාරිකයින් වී අස්වනු ඉතා අඩු මිලට මිලදී ගැනීමේ ජාවාරම සුපුරුදු ලෙස ක්‍රියාත්මක කර තිබෙන බව මහවැලි බී හා සී කලාපවල ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීහු සඳහන්ක කරති.

තමන් විසින් ඉතා දුක් මහන්සියෙන් නෙළාගත් වී අස්වනු ඉතා අඩු මිලට ගැනීම බලවත් අසාධාරණයක් බවත්, පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් සහ සහල් ව්‍යාපාරිකයින් හිතුමතේට වී වලට මිල තීරණය කර ඇති බවත්  ගොවීහු  කියති.

වී සඳහා නිෂ්පාදන වියදම් සලකා බලන කල මෙවර මහ කන්නයේ වී කිලෝවක් සඳහා රුපියල් 150 ක් 160 ත් අතර මිලක් තීරණය කළ යුතු නමුත්  රජය මගින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ මෙතෙක් පොළොන්නරුවේ සිදු නොකිරීම නිසා මහා පරිමාණ ව්‍යාපාරිකයින් තම වී අස්වනු තුට්ටු දෙකට ලබා ගැනීමට කටයුතු කර ඇති බවද ගොවීහු  කියති.

මේ වනවිට පෞද්ගලික වෙළඳුන්  තෙත සම්බා වී කිලෝවක් රුපියල් 80-90 අතර මිලකටත්, නාඩු අමු වී කිලෝවක් රුපියල් 90කටත්   මිලදී ගැනීම නිසා තමන්ට මෙවර මහ කන්නේ වී වගාවෙන් පාඩු සිදුවන බව ගොවීහු කියති.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉතා කඩිනමින් රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන ලෙසද  ගොවීහු ඉල්ලති.

අඩු මිලට වී ලබාගැනීම පිළිබඳ පොළොන්නරුව ප්‍රදේශයේ වී මෝල් හිමියන්ගෙන් අප දුරකථනයෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ, අමු සම්භා වි කිලෝවක් රුපියල් 120 කටත්,වි යළි සම්භා කිලෝවක් රුපියල් 138 කටත්  මිලදී ගනිමින් සිටින බවයි.

එමෙන්ම අමු නාඩු වී කිලෝවක් රුපියල් 95ක්  සහ වියළි වී කිලෝවක් රුපියල් 115ක මිලකටත්    මිලදී ගැනීම් කටයුතු සිදුකරන බවද පෞද්ගලික වී මෝල් හිමියන් කීපදෙනෙක් කීහ.

රජය වී ම්ලදී ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමනාකාර නිමල් ඒකනායකගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි සඳහන් කළේ, වී  මිලදි ගැනීමේ වැඩපිළිවෙල මේ මස 03 වෙනිදා මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කරන බවය.

වී මිලදී ගැනීමට මුල් වටයේ මධ්‍යස්ථාන හතරක් ආරම්භ කරන බවත්, එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2500 සිට5000 දක්වා ලබා ගැනීමට කටයුතු කරන බවත් කී දිස්ත්‍රික් කළමනාකරවරයා  ඒ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රජය විසින් වෙන් කර ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

15 හැවිරිදි දැරියක් කපා කොට බරපතල තුවාල සිදු කළ දැරියගේ ලොකු අම්මා අත් අඩංගුවට…

Next Post

අයතුල්ලා කමේනිගෙන් පසු ඉරානයේ අනාගතය තීරණය කළ හැකි අලිරේසා අරාෆි කවුද?

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.