හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අප්‍රේල් 9 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ අද (03) දින මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන මෙසේ බන්ධනාගාරගත කරනු ලබන්නේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකට අදාලවය.
මෙම අපරාධයටම චෝදනා ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙක් මේ වනවිට ආගිය අතක් නැත. ඔවුන් සැඟවී උසාවිය මගහරිමින් සිටින්නේය.
මේ වනවිට සැඟවී සිටින ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුගේ දේපොළ රාජසන්තක කරන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීම සලකා බැලීම අප්‍රේල් මස 9 වනදා සිදුකිරීමට නියමිතය.







